පිටකොටුවෙන් අත්අඩංගුවට ගත් සූදුරුවල කාන්තාවන් වඳ කරන සතකුප්ප ! Cumin seeds found to be mixed with abortifacients

කාන්තාවන් වඳභාවයට පත්වීමට සෘජුවම බලපාන සතකුප්ප පිටකොටුවෙන් සොයාගන්නා ලද සූදුරු කිලෝ විසිදෙදහසක අඩංගු බව තාක්ෂණ පර්යේෂණ ආයතන වාර්තාවෙන් හෙළි වී තිබේ.

මේ වාර්තාව ඊයේ පිටවූ අවස්ථාවේ ම රටපුරා අලෙවි වන සූදුරු තොග කඩා වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ. පාකිස්තානයෙන් ආනයනය කරන ලද එම සූදුරු කිලෝ 22,000 පිටකොටුවේ තොග වෙළඳ සැල් ගණනාවකින් සොයාගනු ලැබුණි.

මෙම සුදුරු තොගයේ සතකුප්ප කිලෝ පන්දහසකට වැඩි ප්‍රමාණයක් අඩංගුව ඇතැයි විශ්වාස කෙරේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකි. මෙම සතකුප්ප අඩංගු සූදුරු ආහාරයට ගැනීම නිසා නොදැනුවත්වම කාන්තාවන් වඳභාවයට පත්වීමත් ගැබිනි මවුවරුන්ගේ ගැබ විනාශ වීම සිදුවන බව ආයුර්වේද වෛද්‍යවරු පවසා ඇත.

මෙම ආනයනය කරන ලද ආනයනකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.මේවා ආනයනය කළ ව්‍යාපාරිකයන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පත් කර දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්.

"සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්."


-සබැදි පුවත්-
1. සිංහල කාන්තාවන් වඳ කරන්න බෙහෙතක් සූදුරුවලට කලවම්කර වෙළඳපලේ


The Consumer Affairs Authority (CAA) today recovered 22,000 kg. of cumin seeds which had been mixed with Sathakuppa seeds.Sathakuppa seeds are said to have a similar appearance cumin seeds but to have some adverse effects on pregnancy. The media spokesman for the Ministry of Cooperatives and Internal Trade, Nipun Ekanayake, quoting a report from an ayurveda expert, said Sathakuppa seeds caused abortions.

He said cumin seeds mixed with Sathakuppa seeds were found in several shops in Pettah.The ministry said the cumin seeds were imported from Pakistan.

Mr. Ekanayake said legal action would be taken against the importers of the cumin seeds as they had failed to carry out quality tests of the seeds before placing the order.

Gossip Lanka Hot News Previous News Archive