වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි…Current Chronic Kidney Disease Epidemic

විසි වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික විද්‍යාඥයන්ට හැකි වී ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක් වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක් වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.kidn-02

මේ සම්බන්ධ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශනය ස්විට්සර්ලන්තයේ පලවන International journal of Environmental Research and Public Health සගරාවේ පල වී ඇත. මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝගාබාධයක් පිළිබද ශ්‍රී ලාංකිකයකු සිදු කල පැහැදිලි කිරීමක් අන්තර්ජාතිකව පිලි ගත් විද්‍යා සගරාවක පල වන පළමු අවස්ථාව ද මෙය වේ.


ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සිදු කල මෙම සොයා ගැනීම පිලිබදව ලෝකයේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් වැඩිම පිරිසක් සිටින රට වන මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝර සෞඛ්‍ය ඇමතිතුමිය සිය රටේ සුබ පැතුම් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දන්වා ඒවා ඇත.

 එම පර්යේෂණ පත්‍රිකාව සදහා යොමු – 01 02 03 04








current chronic kidney disease epidemic, the major health issue in the rice paddy farming areas in Sri Lanka has been the subject of many scientific and political debates over the last decade. Although there is no agreement among scientists about the etiology of the disease, a majority of them has concluded that this is a toxic nephropathy. None of the hypotheses put forward so far could explain coherently the totality of clinical, biochemical, histopathological findings, and the unique geographical distribution of the disease and its appearance in the mid-1990s. A strong association between the consumption of hard water and the occurrence of this special kidney disease has been observed, but the relationship has not been explained consistently. Here, we have hypothesized the association of using glyphosate, the most widely used herbicide in the disease endemic area and its unique metal chelating properties. The possible role played by glyphosate-metal complexes in this epidemic has not been given any serious consideration by investigators for the last two decades. Furthermore, it may explain similar kidney disease epidemics observed in Andra Pradesh (India) and Central America. Although glyphosate alone does not cause an epidemic of chronic kidney disease, it seems to have acquired the ability to destroy the renal tissues of thousands of farmers when it forms complexes with a localized geo environmental factor (hardness) and nephrotoxic metals.

Gossip Lanka Hot News Previous News Archive