Facebook සිද්ධියේ සිසුවියගේ මරණයට දෙමාපියෝ වග කියන්න ඕණෑ - Dayasiri

පසුගියදා කුරුණෑගල පාසැලක දැරියකගේ සියදිවි නසා ගැනීමේ සිදුවීම පිළිබඳව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ උත්සවයකට බ්‍රහස්පතින්දා (13) එක් වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය. “ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. 

වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ.
තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි.

ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේක එක දවසක සිදුවීමක් නෙමේ. මෙතන විදුහල්පතිගෙත් දරුවාගේත් දෙදෙනාගේම වැරදි තියනවා. මේ සිදුවීම වෙච්ච පාසැල ළමයි හාරදහසක් විතර ඉගෙන ගන්න කීර්තිමත් පාසැලක්. එහෙම පාසැලකට කැළලක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම මේ ගැන මම පුළුල් පරීක්ෂණයක් කරනවා. ඒක ඉවර වුණාම වයඹ පළාතේ ඉදිරියේ දී මේ වගේ සිදුවීමක් නොවන තැනට තීන්දුවක් ගන්නවා. වැරදිකරුට දඬුවම් දෙන්න මම පැකිලෙන්නේ නෑ’යනුවෙන් මහ ඇමැතිවරයා පැවසීය.


Gossip Lanka Hot News Previous News Archive