Facebook පෙමක් නිසා තවත් තරුණියක් දිවිනසා ගනී - Facebook 'love' ends in tragedy

"ෆේස් බුක් නිසා දිවිනසාගත් ඇල්පිටියේ දිනේෂා"
තමන්ගේ ඇත්ත රූපය වෙනුවට වෙනත් සුරූපී තරුණියකගේ රූපයක් යොදාගෙන ෆේස් බුක් ඔස්සේ පෙනී සිටි උසස් පෙළ සිසුවියක තරුණයෙකු සමග මාස හයක පමණ කාලයක් තිස්සේ එම ව්‍යාජ රූපයෙන්ම ආදර සබඳතාවයක් පවත්වා ගොස් තරුණයා පවුලේ අය සමග විවාහය ගැන කථා කරන්නට නිවසට ආ වෙලාවේ ඇත්ත එළිවී ලජ්ජාවට පත්වීම නිසා ඇතිවූ කලකිරීමෙන් සියදිවි හානි කරගත් සිදුවීමක් ගාල්ල ඇල්පිටිය පිටිගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ෆේස් බුක් ප‍්‍රශ්නයකට මැදිව කුරුණෑගල වෙනුෂා මියගොස් දින කිහිපයක් ඇතුළත තවත් එවැනිම සංසිද්ධියක් වාර්තාවීම කණගාටුදායකය.මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි දිනේෂා නිලක්ෂි නමැති තරුණියකි. ඇය ගාල්ලේ ලබුව සිරිධම්ම විද්‍යාලයේ පසුගිය වසරේ උසස් පෙළට පෙනී සිට යළි දෙවන වතාවටත් විභාගයට ලිවීමට සූදානම් වෙමින් නිවසේ සිටි තරුණියකි.

පාසල් ගමන නිමකර නිවසේ වැඩි කාලයක් ගත කළ ඇය ෆේස් බුක්හි දවස පුරා සැරිසරමින් සිටි බවත් ඒ සඳහා බොහෝ විට පරිගණකයක් නොව ජංගම දුරකථනයක් උපයෝගී කරගත් බවත් කියැවුණා.

මින් පෙර මියගිය වෙනූෂාට මෙන් ඇයටද ෆේස් බුක්හි ගිණුම් කිහිපයක් තිබුණ බවත් වාර්තා වනවා. විනෝදයට මෙන් ඇය නිර්මාණය කළ ව්‍යාජ ප්‍රොෆයිල් එකකට යොදා තිබී ඇත්තේ අන්තර්ජාලයෙන්ම සොයාගත් තමාගේ රුවට වඩා වෙනස් බෙහෙවින් රූමත් තරුණියකගේ ඡුායාරූපයකි. නාඳුනන පුද්ගලයින් හා සබඳතා ගොඩනගාගෙන චැට් කරමින් කාලය කාදැමීම දිනේෂාගේ දින චරියාවේ අංගයක්වී තිබුණ බවද වාර්තා වුණා. 

මේ අතරවාරයේ ජා ඇල ප‍්‍රදේශයේ රජයේ ආයතනයක සේවය කරන විවාහවන වයසේ සිටි තරුණයෙකුද දිනේෂාගේ ව්‍යාජ රූ සපුව දැක ඒ ඇත්ත එකක් යයි සිතා ඇය හා මිතුරුවීමට අවසර පතා තිබෙනවා. ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුව එකතු කරගෙන චැට් කර තිබෙන අතර ‘මේ ඉන්නෙ ඔයාම නේද මේ ඔයාගෙ ෆොටෝ එකම නේදැයි’ ඔහු ඇසූ ප‍්‍රශ්න වලට බොරු උත්තර ලබාදී ඇත්තේ තවදුරටත් සබඳතාවය තබාගන්නට තිබුණ කැමැත්ත නිසා වන්නට විය හැකිය.


ජා ඇල තරුණයා ඇය කියන දේවල් ඇත්ත යයි විශ්වාස කර මිතුදම පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇයගේ දුරකථන අංකය ඉල්ලා කථාබහකටද මුල පුරා තිබෙනවා. මාස කිහිපයක් යද්දී දිනේෂාගේත් තරුණයාගේත් සිත් එකට යාවී ඔවුන් පෙම්වතුන් බවට පත්ව තිබෙනවා. ඔවුන් දවස පුරා විවිධ දේ ගැන නව තාක්ෂණයට පින්සිදුවන්නට කටහඬින් හා අකුරුවලින් පමණක් සම්බන්ධවෙමින් කතාබහකර තිබුණා.

තමන්ගේ හිත තදින් බැඳුන තරුණයා තමාගේ ඇත්ත රුව දැනගතහොත් තමාගෙන් ඈත්වේ යයි ලෝබකම් කළ දිනේෂා එම රහස තවදුරටත් රහසක් වශයෙන් තබාගන්නට හැකි පමණ වෑයම් කළා.

ෆේස් බුක් හා දුරකථන සබඳතාවයෙන් එහාට නොගිය මේ පෙම්දම යථාර්ථයක් බවට පත් කරගන්නට නම් දෙදෙනා හමුවිය යුතුය යන යෝජනාව තරුණයා විසින් වරින්වර ඉදිරිපත් කළද ඇය එයට පිටුපාමින් විවිධ දේ කියමින් කල් ඇර තිබුනේ රහස එළි වුණොත් ඔක්කොම ඉවර බව සිතාය. මාස 6 කට පමණ පසුව තරුණයාට නිවසින් මංගල යෝජනා ගෙන එන්නට වූ අවස්ථාවේ ඔහු තමා සිත ගත් තරුණියක ඇල්පිටියේ සිටින බවත් තවම දැක නැති බවත් නිවැසියන්ට කියා තිබුණා. ඇයි එහෙනම් බලන් ඉන්නෙ.. එහේට ගිහින් අපි කථාකරල පිළිවෙළක් කරමු.. යයි තරුණයාගේ වැඩිහිටියන් ඉක්මන් තීරණයකට එළැඹුණා. මේ ගැන තරුණියට ඔහු දැන්වූ අවස්ථාවේ ඇය එකවර තැතිගත් නමුත් ඇත්තට කවදාහෝ මුහුණදිය යුතුය යන සිතිවිල්ලෙන් අකමැත්තෙන් වුවද කැමැත්ත පළකළේ සමහරවිට එයා ඇත්ත දැනගත්තත් අපි අතර බැඳීම රූපයට වඩා වටින බව හිතනවනම් මට කැමැති වේවි යන අවිනිශ්චිත සිතිවිල්ලෙනි.

තමන්ගේ සුරූපී මනාලිය බලන්නට පසුගිය අගහරුවාදා (18* මෙම තරුණයා සිය සහෝදරිය මව ඇතුළු තවත් කිහිප දෙනෙකු සමග තරුණියගේ නිවසට එන්නට යොදාගෙන තිබුනේ අනාගත බලාපොරොත්තු පොදි බැඳගෙනයි.

තමන් බලන්නට මනාලයෙකු එන බවත් අර හැමදාම මා එක්ක කතා කරන අයියා තමා අද එන්නේ ලෙසත් දිනේෂා එදා මව පියාට දන්වා ඇති අතර ව්‍යාජ ඡුායාරූපයක කථාවක් ගැන ඔවුනට කියා තිබුනේ නැත.

නමුත් එදා ඇගේ බලාපොරොත්තු සුන් කරන දිනයක් බවට පත්වුණා. තරුණයා ඔහුගේ නිවසේ අය සමග සතුටින් ආ නමුත් මනාලිය එළියට ආ විගස එම සතුට පළාගියා.

මේ කවුද මේ..ෆොටෝ එකේ ඉන්නේ මෙයා නෙමෙයිනෙ.. එහෙනම් මෙයා මෙච්චරකල් මාව රැුවැට්ටුවා.. කියමින් ඔහු කෑමොර දුන්නා. අවමානයට පත් දිනේෂා වහාම ඇගේ කාමරයට ගොස් දොර වසාගත් අතර දිනේෂාගේ දෙමාපියන්ටත් හොඳවයින් දෙකක් කියූ තරුණයා ඇතුළු පිරිස මිනිත්තු කිහිපයකින් නිවසින් පිටත්ව ගොස් තිබුණා.

පිරිස පිටත්ව ගිය පසු කාමරයේ සැගවුණ දියණියට අඬගැසූ පියා මෙවැනි දේවල් නොකරන ලෙස තදින්ම අවවාද කළා. එම අවස්ථාවේ පියාත් දියණියත් නිවසේ කලකෝලාහලයක් ඇතිකරගත් බවත් වාර්තා වුණා. පසුව හඬමින් කාමරයට වැදුණ දිනේෂා හැම අතින්ම පරාජයට පත්වූ මනසින් යුතුව අපේක්ෂාභංගත්වයට පත්වුණා.

ඇය ආසාවෙන් ගොඩනැගූ පේ‍්‍රමය සුළු මොහොතකින් අහිමිව යාමත් පිරිසක් ඉදිරියේ ආත්ම නින්දාවට පත්වීමත් නිවසේ මව පියාගේ දෝෂදර්ශනයට ලක්වීමත් යන විවිධ කාරණා නිසා පීඩනයට පත්වූ දිනේෂාට කිසිදු සැනසිල්ලක් තිබුනේ නැත.

ඇය නිවසේ අය එහේ මෙහේ වනතුරු බලා සිටියා. පියා නිවසින් පිටව ගොස් ඇති බවත් දැනගෙන තේ කම්හලක සේවය සඳහා යන මව එදා වරුවෙන් සේවයට යන තුරුත් සිටියා.කාමරයේ තිබුණ මවගේ සාරියක් ගෙනවිත් සාලයේ බාල්කයක එය ගැටගසා ඇය ගෙළ වැළලා ගත්තේ ඉන් පසුය. සාරියට ගෙළ සිරවී ඇය එතැනම මියගියා.

සිද්ධිය දැනගත්පසු නිවැසියන්ට දිනේෂාගේ ප‍්‍රතික‍්‍රියාව අදහාගන්නට බැරිව තිබෙනවා. දියණියන් තිදෙනෙකු යුත් පවුලක දෙවැනියා වූ 19 හැවිරිදි දිනේෂා නිලක්ෂි මේ අවාසනාවන්ත මරණයට ගොදුරුවීම ගැන විලාප දෙමින් අදහස් දක්වමින් ඇගේ මව කියා සිටියේ දරුවන් ෆෝන් අරගෙන කරන වැඩ ගැන දෙමාපියන් සොයා බැලිය යුතු බවත් තමන්ට අත්වූ ඉරණම වැනි දෙයක් තවත් කෙනෙකුට සිදු නොවිය යුතු බවත්ය.

ඊයේ සවස වනවිට මියගිය තරුණියගේ මෘත ශරීරය ඇල්පිටිය මූලික රෝහලේ තබා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

සිද්ධියෙන් පසුව දිනේෂාගේ මව දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්


A 19-year-old female student is alleged to have committed suicide at Pitigala in Elpitiya over a love affair that began through Facebook, Police said. The girl had created a Facebook account using a fake picture and used to start an affair with a youth. The police said they had been in a ‘digital relationship’ for six months.

Thereafter, the youth had visited the girl’s house and came to know of her identity.

The girl is alleged to have committed suicide this afternoon by hanging herself after the mother had left for work.

Gossip Lanka Hot News Previous News Archive