Facebook අපරාධ ඉහළ යයි

ෆේස්බුක් හරහා සිදුවන අපරාධ ක්‍රියා දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන නිසා අන්තර්ජාලය හා සම්බන්ධතා පවත්වන සියලුම දරුවන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙස පොලීසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන සියලුම වැඩිහිටියන් එය බුද්ධිමත්ව තමන්ගේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසත්, එහිදී පුද්ගලික තොරතුරු, ඡායාරූප ඇතුළත් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව ෆේස්බුක් හරහා වැඩිහිටි පිරිස් අතර අනියම් සම්බන්ධතා ඇතිවීම, විවිධ වංචනික පුද්ගලයන්ට හසුවීම් වාර්තාවන බවත් පසුගිය කාලයේදී මේ පිළිබඳව පොලීසියට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.ෆේස්බුක් සමාජයට අනතුරක් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඉකුත්දා කියා සිටියා.

Gossip Lanka Hot News Previous News Archive