ගෝඨාභය මැතිවරණ නීති කඩයි - Gotabhaya Rajapaksa

රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී තිබේ.

පෙබරවාරි 13 වැනිදා පෙරවරුවේ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම හා මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සිදුකර තිබේ. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, නීතිඥ මනෝහරද සිල්වා, නීතිඥ ජගත් ගුණවර්ධන ආදීන්ද සහභාගි වී ඇත.

රජයේ මාණ්ඩලික මට්ටමේ ඉහළම නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම් වරයකුට මැතිවරණ ප‍්‍රචාරණ කටයුත්තකට සහභාගිවීමට හැකිදැයි රාවය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ එසේ කළ නොහැකි බවයි.
මේ පිළිබඳව රාවය උදය ගම්මන්පිළ මහතාගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ මෙවර පමණක් නොව ගියවර ඔහුගේ මැතිවරණ කටයුතු සඳහාද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි කරගත් බවත්, අමාත්‍යාංශ ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරී තනතුරක් පමණක් බවත්, ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගිවීමට කිසිදු බාධාවක් නොමැති බවත්ය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය.

මීට පෙර මැතිවරණ අවස්ථාවකද ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරතවීම නීති විරෝධී බව දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පියවරක් ගතහැකිවූයේ නැත. උදය ගම්මන්පිළ මහතා මැතිවරණ නීතිරීති උල්ලංඝනය නොකරමින් මෙවර සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකරන බව ප‍්‍රකාශ කරනු ලැබීය.

ලසන්ත රුහුණගේ -  Ravaya
[Sunday, February 16, 2014]


Gota and Gammanpila break rules
Despite the senior administrative officials of the state being banned from participating in political events in public , the Secretary of Urban Development and Defence Ministry , Gotabaya Rajapaksa has violated the particular law by participating in the inaugural ceremony of United People’s Freedom Allaince Colombo district leader Udaya Gammanpila's re-election campaign.

The event has taken place at the Sri Lanka Foundation Institute on February 13th where he launched his election manifesto by official commencing his election campaign.

The Chairman of Sri Lanka Foundation Institute Dr. Ranjith Bandara and Attorneys-at-laws Manohara de Silva and Jagath Gunawaradane also participated in the event.

When the Election Commissioner Mahinda Dehspariya was questioned if Secretary of a Ministry who is a senior administrative official of the state can participate in an election campaign, who said that is not allowed.

Commenting on the matter Udaya Gammanpila stated that Defence Secretary Gotabaya Rajapaksa participated not only in this campaign but for the previous election campaign as well and since the post of Defence Secretary is not an administrative position but a political one he does not face any limitation in participating in political activities.

The attempt made to contact Gotabaya Rajapaksa to inquire about the matter failed.

The election commissioner had received another complaint against Gotabaya Rajapaksa during a previous election for participating in election campaigns.

However, the election commissioner could not take an action regarding the complaint.

Udaya Gammanpila had stated that he would lead his election campaign without violating election laws.
(Ravaya- Lasantha Ruhunage)

Gossip Lanka Hot News Previous News Archive