නදීෂා හේමමාලි හොඳ ෆයිටර් කෙනෙක්- Mangala Samaraweera

නදීෂා හේමමාලි නිළියක්. බැලුවම හරි ලස්සනයි. රූපෙට මොළයකුත් දෙවියන් වහන්සේ එකතු කරන්නේ කලාතුරකින්.

ඇය හොඳ දේශපාලන දැනුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන හොඳ ෆයිටර් කෙනෙක් යැයි මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.මාතර ඉසදින් නගරයේ දී පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කරනු ලැබිය. එම අවස්ථාවට සහභාගි වෙමින් මංගල සමරවීර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

නදීෂා හේමමාලි වගේ තරුණ පරපුරට කතා කරන්න පුළුවන් කලාකාරියන් මැතිවරණයට ඉදිරිපත් වීම අපි ලබපු පෞද්ගලික ජයග්‍රහණයක්. නදීෂා ගාල්ලෙන් ඉල්ලන්න සිටිය දී මාතරට ඇදලා ගත්තා. සමහරු කියයි මම මුලින් අනර්කලී ගෙනල්ලා දැන් නදීෂා ගෙනල්ලා කියලා. අනර්කලී දේශපාලනයට ගෙනාවේ මම ‍නෙවෙයි. මම විදේශ ඇමැති ලෙස සිටියදී මගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙස ඇය පත් කළා. මම ඇයට අපහාස කරන්නේ නැහැ. එතුමියට තිබෙන ප්‍රශ්න ගැන බලන විට ඇය වටකරගෙන එතුමියගේ පැත්තෙ අයම ගහනවා.


මම හත් වතාවක් සී.අයි.ඩී. එකට ගිහින් තියෙනවා. ප්‍රශ්න කරනවා. නදීෂා හේමමාලිටත් සෑහෙන ප්‍රශ්න එයි. මාතර අපේ ලැයිස්තුව දිරිමත් කරන්න ඇය අපේ දේශපාලන සටනට එක්වීම ගැන සතුටු වෙනවා.”

කොම්පියුටර් ජිල්මාට් නිසා එක්සත් ජාතික පක්ෂය පරදින බව පැවසීම පට්ටපල් බොරුවක් බවත් එසේ පුළුවන් නම් කොම්පියුටර් ජිල්මාට්වලින් ආණ්ඩුව උතුරු පළාත් සභාවත් දිනනවා යැයි ද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

“ජූලි මාසය වන විට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බවට දැනගන්නට තිබෙනවා. එම ජනාධිපතිවරණයේ දී ලැබෙන අන්ත පරාජයට අත්තිවාරම වැටෙන්නේ දකුණු පළාත් මැතිවරණයෙන්.”

අද යුද්ධය ඉවර වෙලා වසර පහක් ගියත් මේ රටේ ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ද සමරවීර මහතා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive