මර්වින් සිල්වා බොරැල්ල කනත්තේ තමන්ගේ මිනී වළ කපා තියයි - Mervyn Silva’s Grave Ready

මම බොරැල්ලේ සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගත්තා. සල්ලිත් බැදලා ඉවරයි. තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා. මම කොට නිසා කොට සොහොන් කොතකුත් හදනවා. එදාට මම කාට කාටත් ආරාධනා කරනවා.මේ අපූරු කතාව පැවසුව් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතාය.

මර්වින් ඇමතිවයා එසේ පැවසුවේ කැලණිය ශ‍්‍රී උපුල්වන් විශ්ණු දේවාල භූමියේ පැවති ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබද කැලණිය ජනතාව දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදීය.මර්වින් ඇමතිවරයා තවත් අපූරු හෙළි කිරීම් කීපයක් සමග මෙහිදී ජනතාව දැනුවත් කිරීමක් කළේය.

මම ඉන්දියාවේ ප‍්‍රබල ශාස්ත‍්‍රකරුවෙකුගෙන් දැනගෙන තිබුණා ශ‍්‍රී ලංකා භූමියේ විෂ්ණු දේවාලයක් ඉදි කළොත් යුද්ධය නිමවෙන බව. එවන් දේවාලයක් දකින්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පින තිබුණා. එම දේවාලය සෑදීමේ ශක්තිය, ධෛර්ය හා වාසනාව මට ඇති බවත් පවසා තිබුණා. හැබැයි මට කරදර සිදුවෙන බවත් පවසා තිබුණා. දේවාලය සෑදුවා යුද්ධය අවසන් වුණා. මට කරදර ඇති වුණා.


මම ඉන්දියාවේදී බලාපු තවත් ශාස්ත‍්‍රයකදී කීවා දැන් මේ පින්වන්තයා සත් වතාවක් උත්පත්ති ලබා තියනවා. නැවත උත්පත්තියක් සිදු වෙන්නේ මෛත‍්‍රී බුදුන් උපත ලබන විටදී පමණයි කියලා.

මම තීරණයක් ගත්තා කාලෙකින් නැවත උත්පතියක් නොලබන නිසා බොරැල්ල සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගන්න. සල්ලිත් බැදලා ඉවරයි.තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා. මා කොට නිසා කොට නිසා කොට සොහොන් කොතක් හදනවා. හැබැයි ඒ සොහොනේ මගේ උපත දාන්නේ නැහැ. විපත දාන්නෙත් නැහැ.

මම ශාස්ත‍්‍ර අහන්න ඉන්දියාවට ගිය වෙලාවේ මගේ මිත‍්‍රයන් කීපදෙනෙකුත් ඒ ගමනට ගියා. මගේ පෙර බව ගැන කී කතාවට සාක්ෂි දරාවි.
Deputy Minister of Highways Mervyn Silva reserved his grave site today when he visited the Borella Cemetery to commemorate the 23rd death anniversary of famous singer H.R. Jothipala.The Minister who was standing near the grave site of the late singer amidst a small gathering of people suddenly took everyone by surprise when he said he wanted to reserve his own block as the future was unpredictable.

Minister Silva then walked over to an empty block, close to the later singer’s grave and said he wanted to reserve it for himself and told his secretary to telephone Special Commissioner for the Colombo Municipal Council (CMC) Omar Kamil.After a private telephone conversation between Mr. Kamil and Minister Silva, the Minister returned back to the crowd and said he had informed the CMC of his reserved block.

“If I could, I would even purchase my coffin now. Unfortunately I do not have space to keep it in my home,” Minister Silva said.

He added, “Everyone has to die someday. The future is very unpredictable. People can have money, but this does not matter. Money cannot prevent death. Therefore I am not afraid to die,” the Minister told the crowd.

However Mr. Kamil said that Minister Silva had telephone him to speak about his mother’s matter who had passed away a few months ago and not about himself

Gossip Lanka Hot News Previous News Archive