නදිනිට පුතෙක්, අභිෂේකාට දුවෙක් - Nadini Premadasa & Abhisheka Wimalaweera

ඔන්න නදිනි පුංචි පුතෙක්ගෙ මවක් උනා කියලා තමයි ආරංචි වෙන්නෙ. පසුගිය පෙබරවාරි හත්වැනිදා තමයි නදිනි කුලුඳුලේ අම්මා කෙනෙක් වුණේ. පුංචි පුතාගෙ මූණ දැක්කම නදිනිටත් මධුරටත් කියාගන්න බැරි සතුටක් දැනුණලු.

"පළමුවැනි දරුවා නිසා දුවෙක් වුණත් පුතෙක් වුණත් ප්‍රශ්නයක් තිබුණෙම නෑ... කවුරු වුණත් ඒ අපිට ලැබුණු පළමුවැනි දරුවානේ... චූටි පුතාගෙ මූණ දැක්කම අපිට දැනුණු සතුට කියාගන්න බැරි වුණා..."

මේ දවස්වල නදිනිත්, මධුරත් පුතු පැටියට ලස්සන නමක් හොයනවලු. ඒ විතරක් නෙවෙයි අප්‍රේල් පළමුවැනිදා ඉඳන් ආපහු පුරුදු පරිදි වැඩ පටන් ගන්නත් නදිනි සූදානම් වෙනවා.

"මට උදවු කරන්න හුඟාක් අය ඉන්නවා. අම්මලාත් ළඟමනේ ඉන්නේ. ඉස්සර තරම් හුඟක් කාර්යබහුල වෙන්නෙ නෑ. ඒත් හෙමීට වැඩ පටන් ගන්නවා."

නදිනි ඒ ආරංචියත් ඔයාලට කියන ගමන් තවත් අළුත් අම්මා කෙනෙක් ගැනත් කියන්නම වෙනවා. ඒ තමයි අභිෂේකා විමලවීර. අභිෂේකා විමලවීරත් පසුගිය 19දා පුංචි දූ සිඟිත්තියකගේ මවක් වුණා. අභිෂේකා මවක් වුණු ආරංචිය කිව්වේ අභිෂේකගේ තාත්තා සුනිල් විමලවීර. අභිෂේකාගේ මවක් වීමේ සිහිනය සැබෑවක් කළ පුංචි දූ සිඟිත්තිය අභිලාස්‍යා විමලවීර අලහකෝන්. ඔන්න අභිෂේකා මවක් වුණු ආරංචිය ඔබට ගෙන ආපු අපි අභිෂේකාටයි පුංචි දූ සිඟිත්තියටයි සුබපැතුම් එක්කරන්නත් අමතක කරන්නේ නැහැ.





Gossip Lanka Hot News Previous News Archive