මරණය ගැන මට සැකයි " දිවි නසාගත් O.I C ගේ බිරිය ප්‍රකාශ කරයි " - Wife of dead Intel IP suspects foul play

"මගෙ මහත්තයාට වෙඩි තියාගන්න තරම් ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ. මගේ මහත්තයාගේ මරණය ගැන මට සැකයි" යනුවෙන් මියගිය බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මිල්ටන් සමරකෝන් මහතාගේ බිරිය වන මහේෂිකා පීරිස්‌ මහත්මිය දැඩි කම්පනයෙන් යුතුව ඊයේ (17) වැනිදා දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පැවැසුවාය.

අතුරුගිරිය පොලිස්‌ වසමට අයත් ගොඩගම ප්‍රදේශයේ වෙල්යායකදී පෙරේදා මියගොස්‌a සිටි බුද්ධි අංශ නිලධාරියාගේ තොරතුරු සොයා ගිය අවස්‌ථාවේ ඇය ඉහත විස්‌තර හෙළි කළාය.

එහිදී ඇය මෙසේද කීවාය.

මියගිය මහත්තයාගෙයි මගෙයිs කිසිම ආරවුලක්‌ තිබුණේ නැහැ. 15 වැනිදා උදේ මහත්තයා මාත් එක්‌ක කතා කරලා තේ එකක්‌ බීලා වැඩට යනවා කියලයි ගියේ. පස්‌සේ මම ඔහු රෑ ගෙදර ආපු නැති නිසා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්‌වූයේ නැහැ.


ඒ නිසා මම ඔහුගේ සහෝදර නිලධාරීන්ගේ ජංගම දුරකථනවලට කථා කළාම කිව්වා මහත්තයා වැඩට ආවා කියලා. නමුත් ඔහුව සම්බන්ධ කර ගන්න බැරිවුණා. ඒත් ඔහු ගෙදර ආවේ නැහැ. 16 වැනිදා උදේ මට පොලිසියෙන් දැනුම් දුන්නා මහත්තයගේ සිරුර ගොඩගම වෙළක තියනවා කියලා. මහත්තයාගේ සිරුර ගොඩගමදී හමුවීම මට ගැටලුවක්‌. මහත්තයා හොඳ කෙනෙක්‌. ඔහු මටත් දරුවන්ටත් සැලකුවා. ඔහුට හතුරන් හිටියද කියලා මම දන්නේ නැහැ.

මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ පුත්‍රයා වන පෘථවි සමරකෝන් මෙසේ කීය.

"තාත්තා මටයි නංගිටයි ආදරෙයි. අපට උගන්වන්න පුදුම වෙහෙසක්‌ ගත්තා. මම උසස්‌ පෙළ කරන්නේ. අපේ හැම අඩුපාඩුවක්‌ම හොයලා බැලුවා. 15 වැනිදා වැඩට ගියාට පස්‌සේ මම තාත්තට කීප සැරයක්‌ කතා කළා. රෑ තාත්තට ගත්තට ෆොන් එක ඉස්‌සුවේ නෑ. අද මටයි නංගිටයි අම්මටයි තාත්තා අහිමි වුණා.

The wife of the dead Police Inspector in charge of the Mount Lavinia Intelligence unit, Maheshika Pieris suspects foul play over the death of her husband.She had said thus while the inquest into the death took place at the Colombo South Teaching Hospital in Kalubowila.

The fact that a resident of Nugegoda was found dead with gunshot wounds in a paddy field in Homagama is a puzzle itself, she has added.

Speaking further, she has said, "Every family has verbal exchanges. But they only last for a short time. We, who have a grown son and daughter enjoyed a good understanding and wonderful family life. He was a good husband to me and a good father to our children. He was a responsible person. I am deeply suspicious of his death."

Assistant Judicial Medical Officer (JMO) of Colombo South Teaching Hospital, Dr. H. K. R. Sanjeewa, who conducted the postmortem into the death of Police Inspector Milton Samarakoon has given an open verdict.

The officer’s service pistol found near his body, an empty bullet casing, the clothes he wore last and food found in the stomach after the last meal have been sent to the Government Analyst for report.

The postmortem has revealed that the bullet which had entered over the right ear had pierced through the head and come out from above the left ear.

Gossip Lanka Hot News Previous News Archive