පිළියන්දල කලාපයේ පාසලක්වන මොරටුව රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ ළමයින් පාසල් වෙලාවෙන් පසුවත් පාසල තුල රඳවාගෙන සිටි උපාලි කොඩිකාර මහතා හට සිසුවන්ගෙන් හූ සංග්‍රහයක් ලැබී ඇති බව වාර්තාවේ.ඊයේ (11) දහවල් සිසුන්ට පොත් හා කවකටු පෙට්ටි බෙදා දීමට පැමිණි උපාලි කොඩිකාර මහතා මෙවර තමන් ඡන්දයට ඉදිරිපත් වන බවද පවසා ඇති අතර සිසුන් පස්වරු 2.30 වනතුරුත් පාසල තුළ රඳවාගෙන සිට ඇත.
සිසුන්ගේ ප්‍රමාදය හේතුවෙන් දෙමව්පියන් පවා පාසලට පැමිණ තිබෙන අතර එහිදී යම් උනුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. ඒ අවස්ථාවේ උපාලි කොඩිකාර මහතා රැස්වීම අවසන් කර ආපසු යාමට සූදානම්වූ විට සිසුන් මෙලෙස හූ තබා තිබේ.මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන උපාලි කොඩිකාර මහතා තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාසල් සිසුන් යොදා ගැනීම බරපතල මැතිවරණ නීති කඩ කිරීමක් බව එම පාසලේ ගුරුවරු මෙන්ම දෙමව්පියෝ පවසති.
Students of Kotelawalapura Vidyalaya in Ratmalana booed at UPFA candidate at western provincial council election Upali Kodikara today (11).The incident occurred due to the election candidate’s having kept the children waiting after school hours in order to distribute exercise books and compass boxes among them.He had got delayed to come, and parents too, had gone to the school to find out as to why their children were being kept late.As the politician was leaving, the children had booed at him.