ජනාධිපති නමින් SMS යැවූවන් සොයයි - “Happy New Year Malli, Mama Mahinda Aiya”.

පසුගිය ජනවාරි පළමුවැනිදා දුරකථන මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් අලුත් අවුරුදු සුබපැතුම් කෙටි පණිවුඩ යැවූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

මේ අන්දමට ජනවාරි පළමුවැනිදා ජංගම දුරකථනවලින් ඇතැම් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යැවීම නිසා ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානියක් සිදුවිය හැකි බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (26දා) දන්වා සිටියේය.

'හැපී නිව් ඉයර් (Happy New Year) මල්ලී, ඉන්න යකුන්ගෙන් ඔළුව පරිස්සම් කරගෙන ජීවත්වෙන්න. මීට මහින්ද අයියා' ලෙසත්, 'කොහොමද චානක, දකුණෙන් ඡන්දෙ ඉල්ලන්න ආසද?' ලෙසත් කෙටි පණිවුඩ යොමුකර තිබේ.


මෙම කෙටි පණිවුඩ කිසියම් පුද්ගලයකු විසින් විහිලුවට එවා තිබුණත්, ඒ මගින් ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානියක් සිදුවිය හැකි බවත්, මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ නම අයථා ලෙස භාවිත කරන අය කවුරුන්දැයි දැනගැනීමට අවශ්‍ය බව පවසන පැමිණිලිකරු අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන පවත්වන ලෙස ඉල්ලා ඇත.

The Colombo Fort Magistrate today ordered two mobile phone service providers to provide details pertaining to three telephone numbers alleged to have been used by a person who allegedly sent text messages posing as President Mahinda Rajapaksa.

Filing a B report before Magistrate Thilina Gamage, the Colombo Crimes Division (CCD) sought a court order to obtain details regarding two telephone numbers alleged to have been used by the offender.

The CCD informed court that it had received a complaint from a staff member attached to a private media institution stating that he received a text message on January 1 stating “Happy New Year Malli, inna yakungen oluwa parissam karagena jeewath wenna. Mama Mahinda Aiya”.

The complainant further told police that the same type of message had also been received by another staff member of his institution which read: “Kohomada Chanaka, Dakunen Chande Illanna Asada?” Finally, he had requested the police to conduct an investigation into the incident. (Lakmal Sooriyagoda)

Gossip Lanka Hot News Previous News Archive