වැඩිපුර විටමින් ගන්නා පිරිමින්ටයි ! Some vitamin supplements raise risk of cancer in men, research shows

විටමින් සහ ඛනිජමය පරිපූරකවල බලපෑම් පිළිබඳ සිදුකළ පර්යේෂණයක දී විටමින සහ ඛනිජමය පරිපූරක දෙකක් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඉහළ දමන බව පෙනී යාමත් සමඟ ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පිරිමින්ට අනතුරු ඇඟවී තිබේ.

ඛනිජමය සෙලීනියම් පරිපූරක වශයෙන් පමණ ඉක්මවා ලබාගැනීමේ දී එවැනි දරුණු පිළිකා අවදානමක් ඇතිවීමේ හැකියාව 91% කින් ඉහළ බව මෙහිදී හෙළිදරව් විය. විටමින් E පෙති, ගුලි ආදී වශයෙන් ලබාගැනීමේ දී ද පිළිකා අවදානම ඉහළ ගොස් ඇත්තේ සෙලීනියම් ඌනතාවයෙන් පෙළෙන්නන්ට වඩා දෙගුණයක අවදානමක් පෙන්නුම් කරමිනි.

සිරුර තුළ දී සෙලීනියම් විස සහිත ද්‍රව්‍යයක් බවට හැරීමේ ඉහළ හැකියාව විද්‍යාඥයෝ පිළිගනිති. ඒ සමඟම විටමින් E අධිමාත්‍රාවකින් ලබාගැනීම නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලට එරෙහිව යම් රැකවරණයක් ඛනිජ මගින් ලැබෙන බව ද පෙනී ගොස් තිබේ.විටමින් E සහ සෙලීනියම් සතුව පිළිකා නිවාරණ හැකියාවක් ඇති ද යන්න තහවුරු කරගැනීම සඳහා මේ පර්යේෂණය සිදුවූයේ අමෙරිකාවේ ය. ආරම්භයේ දී පිරිමින්, 35,000ක් ඊට සහභාගි කර ගත් අතර, පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම අවම කිරීමට පරිපූරකවලට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිණි.


එහෙත්, නියමිත කාලසීමාවට වඩා වසර 3කට පෙර එනම් 2008 වර්ෂයේ දී ඔවුන් මේ අත්හදාබැලීම නතර කළේ පිළිකා අවදානම අඩුකරනු වෙනුවට විටමින් E එම අවදානම විශාල ලෙස ඉහළ දමන බවත්, සෙලීනියම් මගින් ඇතිවන වාසිදායක බලපෑමක් නැති බවත් පෙනී ගිය බැවිනි.

සන්සන්දනාත්මකව, 1739 දෙනකුට පුරස්ථ ග්‍රන්ථිමය පිළිකා රෝග ලක්‍ෂණ ඇති බවද පිළිකා අවදානමක් නැති අය සමඟ සැසඳීමේ දී 3117 දෙනෙකු පරිපූරක නිසා ඇතිවිය හැකි වෙනත් උවදුරුවලින් යුතු බව ද හෙළිදරව් විය.

සියැට්ල්හි ෆෙ‍්‍රඩ් හඩ්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ඇලන් ක්‍රිස්ට්ල් මේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ය. ඔහුට අනුව, මේ පරිපූරක වර්ග ජනපි‍්‍රය ය. එහෙත්, විශේෂයෙන් විටමින් E සතුව මුල් පෙළේ නිදන් ගත රෝග වැළැක්වීමට ඇති හැකියාව පිළිබඳ මෙතෙක් විශාල පරිමාණයේ, මනා ලෙස සැලසුම් කළ හා විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැත.

“මෙවැනි පරිපූරක භාවිත කරන පිරිමින් එය නතර කළ යුතු කාලය ඇවිත්. අවදානම හැරුණු විට සෙලීනියම් හෝ විටමින් E පරිපූරක මගින් අත්කර දෙන ප්‍රතිලාබයක් නෑ...” වෛද්‍ය ක්‍රිස්ට්ල් අවධාරණය කරයි.

ඛනිජ ඌනතා නිසා සෙලීනියම් පරිපූරක වශයෙන් ලබාගන්නා පිරිමින්ට එමගින් ඇතිවන විශේෂ යහපතක් නැති බව මෙහි තේරුම ය. සිදුවන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම විශාල ලෙස ඉහළ යාමයි.

පර්යේෂණය ආරම්භයේ දී සෙලීනියම් ඌනතාවයෙන් යුතු වූ පිරිමින්ට විටමින් E පරිපූරක නිසා ඇතිවූ පුරස්ථ ග්‍රන්ථි පිළිකාමය අවදානම 63%ක් විය. එය 111% තරම් ඉහළ ගිය බව ද පෙනිණි. එම පිළිකා රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ අය අතරින් 489 දෙනෙක් අධික මට්ටමින් එම ලක්‍ෂණ පළ කළේය.

වෛද්‍ය ක්‍රිස්ට්ල් පවසන පරිදි, ආහාරමය පරිපූරකවල ප්‍රතිලාභ පිළිබඳ බොහෝ දෙනා වැරැදි සහගත අන්දමින් වටහා ගනිති. එනම් ඔවුන් රැවටීමට ලක්වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. “හුඟක් අය හිතන්නෙ ආහාරමය පරිපූරක අපට උපකාරී වන බව හෝ ඒවා මගින් ශරීරයට අහිතකර බලපෑමක් නැහැ කියලා... හැබැයි ඒක ඇත්ත නෙවෙයි. වෙනත් අධ්‍යයනවලිනුත් පෙනී ගිය පරිදි අපි දන්නවා අධි මාත්‍රාවකින් පරිපූරක ලබාගැනීමෙන් ඒ කියන්නේ මේ ඛනිජ වර්ගවල දෛනික අවශ්‍යතාව අංශුමාත්‍ර ප්‍රමාණයක් වන විට ඊට වඩා ඒවා ලබා ගැනීමෙන් පිළිකා අවදානම ඉහළ දමනවා...”

වෛද්‍ය ක්‍රිස්ට්ල් තවදුරටත් අවධාරණය කරන්නේ, බීටා කැරොටින් සහ ෆෝලේට් සම්බන්ධයෙන් අහඹු ලෙස, පිළිකා තත්ත්ව යටතේ සහ අනවබෝධයෙන් සිදුකළ පර්යේෂණවලදී ද මීට පෙර මේ පිළිබඳ ඔවුන් දැන සිටි බවයි. දැන්, විටමින් E සහ සෙලීනියම් ගැන දැනගැනීමටත් හැකි වී තිබේ.

අමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන වාරිකයේ නවතම කලාපයේ මේ විද්‍යාත්මක පර්යේෂණය පිළිබඳ තොරතුරු පළවී ඇත. එම තොරතුරු ඉදිරිපත් කරමින් විද්‍යාඥයෝ අවධාරණය කර සිටින්නේ, වයස අවුරුදු 55 ඉක්මවූ පිරිමින් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා විටමින් E හෝ සෙලීනියම් ලබා නොගත යුතු බවයි.

මේ පර්යේෂණයේ දී ඊට සහභාගි කරගත් අයට දෛනිකව විටමින් E අන්තර් ජාතික ඒකක අනුව (IU) 400 ක් ද සෙලීනියම් මයික්‍රො ග්‍රෑම් 200ක් ද ලබාදෙන ලදී.

එක්සත් රාජධානියේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මැතිව් හොබ්ස්ට අනුව, මේ පර්යේෂණ පත්‍රිකාව මගින් ඉදිරිපත් කර ඇති කාරණා පිළිබඳ සියලු පිරිමින්ට බලපාන පරිදි අවසන් නිගමනයකට එළැඹීම ඉතාමත් දුෂ්කර කාර්යයකි.

“දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල ගැන අපි සොයා බැලිය යුතුයි. විටමින් E හෝ සෙලීනියම් වල සමස්ත සෞඛ්‍යමය බලෑම ගැන එවැනි දත්ත අධ්‍යයනය කළ යුතුයි. එහෙත්, මේ අධ්‍යයනයෙන් පෙනෙන හැටියට මේවා මගින් පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම ඉහළ දැමීමේ සුළු හෝ අවදානමක් ඇත්නම් එය මේවා මගින් සෞඛ්‍යයට අත්කර දිය හැකි අනෙකුත් ප්‍රතිලාභවලට වඩා සැලකිල්ලට ලක්විය යුතුයි...” වෛද්‍ය මැතිව්ස් තවදුරටත් අවධාරණය කරන්නේ වැඩි අවධානය යොමුවිය යුත්තේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම දෙසට බවයි. “සෙලීනියම් හෝ විටමින් E ගැන කරදර වීමට වඩා පිරිමින් අවධානය යොමු කළ යුත්තේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම ගැනයි.

ඒ නිසා විටමින් E හෝ සෙලීනියම් නියමිත මාත්‍රාව ඉක්මවා ලබා නොගැනීමට වගබලා ගත යුතුයි” මේ පර්යේෂණයෙන් ද අවධානය යොමු කෙරෙන පරිදි, ඊට සහභාගි වූවන්ට ලබාදී ඇත්තේ දෛනිකව විටමින් E අ.ජා. ඒකක 400ක් සහ සෙලීනියම් මයික්‍රොග්‍රෑම් 200 කි.


Men have been warned not to take a pair of popular vitamin and mineral supplements after research showed they can dramatically increase the risk of life-threatening prostate cancer.

Overdosing on the mineral selenium by taking supplements raised the chances of developing high-grade cancer by 91%, scientists found.

Vitamin E pills also boosted the risk of aggressive cancer, more than doubling it for men lacking selenium.

The researchers believe selenium can turn toxic when present in the body at excessively high levels.

At the same time, the mineral appeared to protect against the harmful effects of too much vitamin E.

The US study was a follow-up of Select, the selenium and vitamin E cancer prevention trial, which originally recruited more than 35,000 men to see if the supplements could help prevent prostate cancer.

Researchers stopped the trial three years early in 2008 after there were hints that instead of protecting men, vitamin E was putting them at greater risk, while selenium showed no benefit.

A subsequent comparison of 1,739 participants diagnosed with prostate cancer and 3,117 matched cancer-free individuals highlighted the supplement hazards.

Study leader Dr Alan Kristal, from the Fred Hutchinson Cancer Research Centre in Seattle, said: "These supplements are popular – especially vitamin E – although so far no large, well-designed and well-conducted study has shown any benefits for preventing major chronic disease.

"Men using these supplements should stop, period. Neither selenium nor vitamin E supplementation confers any known benefits, only risks."

Selenium supplements had no effect on men who started out lacking the mineral, but were harmful when added to baseline levels that were already high. For aggressive, high-grade cancers, the risk went up by 91%.

Among men with low selenium status at the start of the study, vitamin E supplements increased the overall risk of prostate cancer by 63% while the high-grade risk rose by 111%.

Of the men in the study who developed prostate cancer, 489 were diagnosed with high-grade disease.

Dr Kristal said people were often misled by the supposed benefits of dietary supplements.

"Many people think that dietary supplements are helpful or at the least innocuous," he said . "This is not true. We know from several other studies that some high-dose dietary supplements - that is, supplements that provide far more than the daily recommended intakes of micronutrients - increase cancer risk.

"We knew this based on randomised, controlled, double-blinded studies for folate and beta carotene, and now we know it for vitamin E and selenium."

The new findings appear in the latest edition of the Journal of the National Cancer Institute.

In their paper the scientists warn that "men aged greater than 55 should avoid supplementation with either vitamin E or selenium at doses that exceed recommended dietary intakes".

Men taking part in the research were given 400 international units (IU) of vitamin E a day and a selenium dose of 200 micrograms.

Dr Matthew Hobbs, deputy director of research at Prostate Cancer UK, said: "It is very difficult to draw any useful conclusions from this paper that would be applicable to all men. We would need to see data from much longer studies that look at the total health impact of selenium or vitamin E supplements before we could say if the small effects on the chance of getting prostate cancer suggested by this study outweigh any general benefits to health.

"If men are concerned about their prostate cancer risk, rather than worrying about selenium and vitamin E supplements, they should talk to a GP or visit our website to find out more information."

• This article was amended on 24 February 2014 to correct a quote from Dr Matthew Hobbs.

Gossip Lanka Hot News Previous News Archive