The Last Phase වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එළි දකී

ශ‍්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකගේ සත්‍ය සිදුවීම් පාදක කොටගෙන සකසන ලද වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විද්වත් පිරිසක් වෙනුවෙන් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ශ‍්‍රී ලාංකීය ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් විසින් සකසන ලද ද The Last Phase වාර්තාමය චිත‍්‍රපටය පසුගිය 24 වැනිදා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප‍්‍රදර්ශනය කළ බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ. 

එම අවස්ථාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණියා. පසුව ඔහු මහත් හරසරින් යුතුව පිළිගෙන රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍රය දක්වා රැගෙන ආ බවයි යුද හමුදා මාධ්‍ය අංශය කියා සිටියේ.

මෙම වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ තිරගතකිරීම තුළින් විවිධ මාධ්‍ය ගෙනයනු ලබන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් සත්‍ය අවබෝධ කරගනු ඇති බව තමන් විශ්වාස කරන බවයි බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි සඳහන් කළේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අදහස් දක්වමින් මොහු වැඩිදුරටත් කියා සිටියේ චැනල් ෆෝ පෙන්වනු ලබන චිත‍්‍රපටවල අන්තර්ගතය ප්‍රෙක්ෂකයා නොමග යවන්නක් බවයි.

Gossip Lanka Hot News Previous News Archive