video: වනාතේ සුනිල් සුදුවෑන්එකකින් පැහැරගෙන

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කරු වන් සහ ඔවුන්ගේ නිවාස, ඉතා අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටි, වනාතමුල්ල 34 වත්තේ පදිංචි සමරවීර සුනිල් නැමැතා අද (15 ) අවිගත් පිරිසක් විසින් සුදුපැහැති වෑන්රථයකින් පැහැරගෙන ගොස් ඇතැයි සඳහන් කරමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත විය.

පෙරේදා (13) ආරක්ෂක අංශ නිලධාරීන් 34 වත්තට පැමිණ අතුරුදහන්වූ සමරවීර සුනිල් සොයා ඇතැයිද පැවසේ.

ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන අතර විරෝධතාකරුවන් අද දහවල් දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණය අසළට පැමිණ එම උද්ඝෝෂණය ආරම්භ කළේය.වනාතමුල්ල නිවාස හිමිකම් සුරැකීමේ සංවිධානයේ මාධය ප්‍රකාශක සහ නිවාස අහිමිවන්නන් වෙනුවෙන් නීති ආධාර ලබාදෙන එම නිවාස සිද්ධියට අදාළ නඩුවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතාද එහි පැමිණියේය.

තම සගයා පණපිටින් නැවත ගෙන දෙන තුරු තම විරෝධතාවය අත් නොහරින බව පවසන ඔවුන් පැය ගණනාවක් බේස්ලයින් පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

පසුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසා ඇත්තේ විනාඩි 45ක් තුළ අදාළ පුද්ගලයා රැගෙන එන බවට පවසා ඇති තඅර එහිදී දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.

පසුව පොලීසිය විසින් ජලවිදින ප්‍රහාරක රත යොදාගනිමින් විරෝධාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

Duminda Silva walks into the midst of Wanathamulla protestors (Video)
United People’s Freedom Alliance Parliamentarian Duminda Silva arrived at the location where a demonstration was taking place on Saturday.

The demonstration involved protestors from Wanathamulla.

The video captures the response he received from the public.

Please watch footage.

Gossip Lanka Hot News Previous News Archive