ගිරවෙකුගේ සාක්ෂියක් මත ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආග්‍රා ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉන්දීය මාධ්‍යවේදියෙකු වන විජේ ෂර්මාගේ බිරිඳ වන 45 හැවිරිදි නීලම් ශර්මා නැමැත්තිය යි.
මීට අමතරව සැකකරුවන් නිවසේ සිටි බලු පැටවා ද ඝාතනය කර තිබේ.
කෙසේ වෙතත් ඇසින් දුටු සාක්ෂි හෝ වෙනත් කිසිඳු සාක්ෂියක් නොමැති අවස්ථාවක නිවසේ කූඩුවක රඳවා සිටි හර්කියුල් නම් ගිරවා අදාළ ඝාතන සම්බන්ධයෙන් එක ම සාක්ෂිකරු වී ඇත. විජේ ශර්මා නිවසට පැමිණෙන විට සිය බිරිඳ සහ බලු පැටවා ඝාතනය කර තිබෙනු දැක ඇති අතර කූඩුවේ සිටි හර්කියුල් ශෝකයට පත් ව සිටින ආකාරය ද දැක ඇත.
පසු ව ඔහුගේ අෂුතෝෂ් නම් ඥාති පුත්‍රයෙකු ද නිවසට පැමිණ තිබේ. නිශ්ශබ්දව පසු වූ ගිරවා අෂුතෝෂ්ගේ පැමිණීම ත් සමග නොසන්සුන් ආකාරයෙන් කූඩුව පුරා සැරිසරීමට පටන් ගෙන ඇත. ටික වේලාවකට පසු අෂුතෝෂ් එම නිවසින් පිට ව ගොස් ඇති අතර එහිදී ගිරවා යළි ත් සන්සුන් වී ඇත. පසු ව තම නිවසට පැමිණි පිරිස් සමග සිදුවන කතාබහේදී අෂුතෝෂ්ගේ නම සඳහන් වන සෑම අවස්ථාවකදී ම ගිරවා නොසන්සුන් අකාරයකින් ශබ්ද නිකුත් කිරීම තමන්ට අෂුතෝෂ් පිළිබඳව සැකකයක් හට ගැනීමට ප්‍රධානම හේතුව වූ බව ෂර්මා පොලීසියට පවසා තිබේ.
ඉන්පසු ෂර්මා මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරීමට තීරණය කර ඇත. එම යොමුව ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය අෂුතෝෂ් අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ දුරකතන සංවාදයන් ද පරීක්ෂා කර තිබේ. අත්අඩංගුවට පත් අෂුතෝෂ් සිද්ධිය පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ, තමන් මිතුරෙකු ද සමග සොරකම් කිරීමේ අදහසින් සිය මාමාගේ නිවසට ගිය බව ය. මෙහිදී තමන් සහ යහළුවා සොරකමට පැමිණි බව නැන්දා දුටු බව ත් එම නිසා ඇය ඝාතනය කළ බව ත් පවසා තිබේ. තමන් නිවසේ සිටි බල්ලා ද ඝාතනය කළ බව අෂ්තුෂ් පිළිගෙන ඇති අතර තව ද ගිරවා කූඩුව තුළ නිශ්ශබ්දව සිටි බැවින් ගිරවා පිළිබඳ අවාධානය යොමු නොවූ බව ද පවසා ඇත. පසු ව තමන් සහ මිතුරා නිවසේ තිබූ දේ සොරා ගෙන එම ස්ථානයෙන් පලා ගිය බව ද ඔහු පවසා තිබේ.