අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයා පදවාගෙන ගිය මෝටර් රථය පසුගිය පෙබරවාරි 20වනදා මාතර ගන්දර ප්‍රදේශයේදී කහ ඉර මත අනතුරට පත් වීමෙන් පසු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී මත් සමග නැවත අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යව සිටි ඇමති පුත් චතුර පසන් ගුණවර්ධන මහතා පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අද (05) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පෙර ඇප මත ඔහු නිදහස් කර තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ගන්දර තලල්ල පදිංචිව සිටි අගම්පොඩි රංජිත් නැමති වයස අවුරුදු 52ක පුද්ගලයෙකි.පසන් ගුණවර්ධන ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන අතර, ඔහුට අනතුර සිදුවන අවස්ථාවේදී වාහන පැදවීම සදහා වලංගු රියදුරු බලපත්‍රයක් හෝ තිබී නැත.
අනතුර සිදුවූ අවස්ථාවේදීද ඔහු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එදිනද ඔහු ඇප මත මුදා හැර තිබුණි.මෙම නඩුව ලබන මැයි මස 09 වැනිදා යළි කැඳවීමටද නියමිතය.