ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 44 වැනි ජන්ම දිනය යෙදී ඇත්තේ අද (7දා) ය.
ඒ නිසා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් විමල් අමාත්‍යවරයා වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබුණේය.විමල් අමාත්‍යවරයාද සැමගේ අත්පොලසන් මැද තමා වෙනුවෙන් සූදානම් කර තිබූ කේක් ගෙඩිය කැපුවේය.
මේ අවස්ථාවේ කැබිනට් රැස්වීම සඳහා සහභාගි වී සිටි ජනාධිපතිවරයා මෙන්ම, අමාත්‍යවරුද විමල් අමාත්‍යවරයාට සිය සුබ පැතුම් පිරිනමමින් කියා සිටියේ, ‘තාම එච්චර වයසක් පේන් නැහැනේ’ කියාද නම් අප දන්නේ නැත.නමුත්, සැමගේ මුහුණුවල රැඳුණු සිනාවෙන් නම් පෙනෙන්නේ, විමල්ට තවම එච්චර වයසක් නැති ගාණය.