Pages

දමිතා අබේරත්න අනාගත සැමියාව එළිකරයි - Damitha Reveals Her Boyfriend Johnson

"මෙන්න මගෙ පෙම්වතා ජොන්සන්"
ප‍්‍රකට නිළි දමිතා අබේරත්න විවාහ වන්නට යන ආරංචි කලින් කල පැතිරුණත් එය සිද්ධවන්නට ප‍්‍රමාදවුණා. නමුත් මේපාර එය ඇත්තටම සිද්ධවන්නට යනවා.ලබන ජුනි මාසයේ විවාහ වන්නට යන දමිතා ඇගේ ඩුබායි පෙම්වතා ජොන්සන්ව දැන් මාධ්‍යයට හඳුන්වා දෙන්නට තීරණය කරලා.

දමිතා-ජොන්සන් විවාහය ගැන කරුණු හෙළිකරමින් ඇය පෙම්වතාව හඳුන්වා දුන්නේ පහත පරිදිය.‘එයාගෙ නම ලෙන්ඩි ජොන්සන්,එයාගේ අම්මා සිංහල, තාත්තා දමිළ,එයා කතෝලික ආගමේ අපේ සම්බන්ධයට පහුගිය ජනවාරි මාසෙට අවුරුදු 10 ක් වුණා. ඩුබායි වලදි තමයි අපි මුලින්ම මුණගැසුනේ. එයා එහේ රැුකියාව කළේ. මම මියුසිකල් ෂෝ එකකට ගිය වෙලාවෙ තමයි එයාව මුණගැසුනේ.

ඇත්තටම මුලින් අපි අතරෙ තිබුනෙ යාළු කමක් විතරයි.අපි ගොඩක් ළගින් ඇසුරු කළා.ඒ කාලය තුළ අපි එකිනෙකා තේරුම් ගත්තා.අපිට නොදැනිම අපි ආදරවන්තයින් වුණා.

මට කලින් ලව් අෆයාර් එකක් තිබුණා.එයාගෙ මවුපියන්ගෙ කීමට අවනත වෙලා එයා වෙන විවාහයක් කරගත්තා.දැන් එයාට දරුවොත් ඉන්නවා. ඒත් අපි අතරෙ තරහක් නෑ.දුරකථනයෙන් එයා මට කතා කරලා මගේ දුක සැපත් විමසනවා.

ජොන්සන් එක්ක සම්බන්ධය ගැන මම මුලින්ම කිව්වෙ මාලනී අක්කට. එයා අම්ම කෙනෙක් වගේ මට උපදෙස් දුන්නා.

මම ප‍්‍රමාදයි තමයි. ඒත් ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් නෙවී.ජොන්සන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නෑ. සහෝදරියයි ඥාතීනුයි අපේ විවාහයට කැමති වුණා.අපේ අම්මා එක්ක කතාකරාම අම්මත් කැමති වුණා.

අපි හමුවෙනකොට එයා මගේ ටෙලි නාට්‍යයක්වත් බලල තිබුනෙ නෑ. මං නිළියක් නිසා නෙමේ යාළු වුණේ.සල්ලි බලාගෙන මම ආදරය කළෙත් නෑ. එයාට මුලින් සල්ලි තිබුණත් හොඳම යාළුවෙකුට උදව් කරන්න ගිහින් සේසතම නැති කරගත්තා. ඒවෙලාවෙත් මම තමයි දුක සැප දෙකටම ළගින් හිටියෙ.

මං කලින් ආදරය කළේ බාහිරින් ගොඩක් ලස්සණ කෙනෙකුට.විවාහ වෙන්නම හිතාගෙන තමා ආදරය කළේ.ඒත් ඒ හීනෙ බොඳවෙලා ගියා. දැන් හිතෙනවා එහෙම වුණ එක හොඳයි කියලා. මොකද දැන් තමයි නියම වාසනාව මං ළ`ගට ඇවිත් තියෙන්නෙ.

සමහරු බොරු කියල ජොන්සන් මගෙන් ඈත් කරන්නත් හැදුවා. මේ කෙෂ්ත‍්‍රයෙම අය තමා එහෙම කළේ.ඒත් එයා එහෙම කලබල වෙන කෙනෙක් නෙමේ.කේලම් කියපු අයට එයා කියල තිබුනෙ ස්තූතියි ආරංචියට ඒත් මං ආශ‍්‍රය කරන්න ගත්තට පස්සෙ මට වරදක් කරල නෑ කියලා.දෙන්නට දෙන්න විශ්වාස නම් මොකවත් කාටවත් කරන්න බෑ.විවාහ වුණයි කියල මං රගපෑමෙන් අයින් වෙන්නෑ. ලබන ජුනි මාසෙ විතර විවාහ වෙන්න තමා සැලසුම් කරලා තියෙන්නෙ