අවුරුදු 15ක් රාජපක්ෂලා එක්ක තිබුණ සම්බන්ධය අදින් අවසන් - Jeevan Thondaman
රාජපක්ෂවරු සමග වසර 15ක් පැවති සම්බන්ධය අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
ජිවන් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියේ අද (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.
ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දැරීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ හේතුවෙන් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කළ බව ද පැවසු ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
"අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කළේ. නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා තියෙද් දී අපි කොහොමද රජයට සහයෝගය දක්වන්නේ ? වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන්. එම වරදම අවස්ථා කිහිපයකදි සිදුකරනවා නම් ඒවාට සමාව දෙන්නේ කොහොමද?
වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය ගත වු වසර කිහිපය තුළ කටයුතු කරලා තියෙනවා. වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදිකරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කෑල්ලක් ඉල්ලුවා. එම ඉඩම ලබාදෙන්න ජනාධිපතිවරයා අපට සහයෝගය ලබාදුන්නේ නෑ.
අද රටේ සමස්ත ජනතාව වගේම වතුකරයේ ජනතාවත් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. එහෙම පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවක මම තනතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා තනතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත්වීමට තීරණය කළා. අද සමහරු අපිව විවේචනය කරනවා, අපි මේ රජය පත්කරන්න කටයුතු කරපු අය කියලා. විවේචන කර කර ඉඳලා වැඩක් නෑ. අපි සියලුදෙනා එකට එකතුවෙලා කටයුතු කළොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන්න පුළුවන්.
අද විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කියනවා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 120 දෙනෙකු ඔහුන්ට සහයෝගය දක්වනවා කියලා. ආණ්ඩු පක්ෂය කියනවා රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් 120 අත්සන් කරලා තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනෙයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන විදිහට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් 240ක් ඉන්න ඕනි.
පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න අය රටේ ජනතාවට පේන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රණ්ඩු කර ගන්නවා, ඒ කැමරාවට පෙන්න. කැමරාව නැති තැන එයාලා ඔක්කෝම එකට ඉන්නේ. මේකයි ඇත්ත. දැනවත් අපි ඒක තේරුම් ගන්න ඕනි. රටේ ජනතාව හැමදාම රවට්ටන්න බෑ. අද තරුණයින් පෙරමුණට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මමත් තරුණයෙක් විදිහට එයට සහයෝගය දක්වයි.
ඕනැම රජයක් බලයට පත්වුණාම අපට දෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හෝ නැත්නම් පශු සම්පත් අමාත්‍යංශය. ඇයි අපිට මේ රටේ අගමැති වෙන්න බැරිද? අපිට අධයාපන ඇමති වෙන්න බැරි ද? ආරක්ෂක ඇමතිකම අපිට සුදුසු නැද්ද? අද අපේ වතුකරයේ ඉන්න ඇතැම් දේශපාලඥයෝ අහනවා අපි රජයක් පිහිටුවීමට සහයෝගය ලබාදෙන්නම් මොනවද අපිට ලබාදෙන තනතුරු කියලා.
තනතුරු බලාගෙන තමයි ඒ අය වැඩ කරන්නේ. ලංකා කම්කරු කොංග්‍රසය තනතුරු බලාගෙන වැඩකරන පක්ෂයක් නෙවෙයි. ලංකා කම්කරු කොන්ග්රසය හැමදාම වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩකරපු පක්ෂයක්. ඉදිරියටත් එහෙමයි. මට ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි වතුකරය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියන එක. ඒක මගේ නායක දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාටත් තිබුණා. කවදා හරි ඒ සිහිනයමම සැබැ කරනවා."
අවුරුදු 15ක් රාජපක්ෂලා එක්ක තිබුණ සම්බන්ධය අදින් අවසන් - Jeevan Thondaman
2022-05-01T19:51:00+05:30
aruna e
Hotnews
|
politics
|