රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දෙමින් ආදායම ගැන තැකීමක් නොකර තීරණ ගැනීම නිවැරදි තීරණයක්දැයි ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ එය නිවැරදි නොවන තීරණයක් බවයි.
එය නිවැරදි තීරණයක් නොවන නමුත් එම අවස්ථාවේ දී දේශීය ව්‍යාපාර පිළිබඳ සිතා ගත් තීරණයක් බවද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියා.
ආර්ථික තීරණ ගැනීමට දේශපාලකයින්ට පුළුවන්කමක් නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කලා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ රුපියල පා කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දී ඇතැයි පිළිගැනීමට සිදුවන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කලා.
“Economic decisions cannot be taken by politicians” - In an interview with the BBC’s @anbarasanethi, Namal Rajapaksa @RajapaksaNamal from Sri Lanka’s ruling family admits govt made mistakes, but also lays blame on economists advising them. #SriLanka #SriLankaEconomicCrisis. pic.twitter.com/APDobfenkm
— Rajini Vaidyanathan (@BBCRajiniV) May 6, 2022