Apr302024

ලොව විශාලම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිවෙයි

Dubai begins construction of 'world's largest' airport

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260 ක් මෙහෙයවිය හැකි ලොව විශාලතම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කළ බව ඩුබායි නගරයේ පාලකයා වන ෂික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටවුම් විසින් ඊයේ (29දා) නිවේදනය කර තිබේ.
ඩොලර් බිලියන 34.85 ක වියදමින් දැනට ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් නමින් හැඳින්වෙන අල් මැක්ටවුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙසේ ලොව විශාලතම ගුවන්තොටුපළ ලෙස සංවර්ධනය කෙරෙන අතර මෙම ගුවන්තොටුපළ ගේට්ටු 400කින් හා ගුවන් ධාවන පථ 5කින් සමන්විත වන බව වාර්තා වේ.

ඩුබායි නගරයේ පාලකයා මෙන්ම අගමැතිවරයා හා උප ජනාධිපතිවරයා ද වන අල් මැක්ටවුම්ට අනුව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙන් පස් ගුණයක් විශාල අල් මැක්ටවුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සුවිසල් මගී පර්යන්ත ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු ඉදිරි වසරවලදී ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අල් මැක්ටවුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මාරු කිරීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායි නගරයේ දකුණු දිග පිහිටා ඇති අල් මැක්ටවුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වටා නව නගරයක් ඉදි කිරීමටත්, එහි නිවාස මිලියනයක් ඉදි කිරීමටත් ඩුබායි පාලකයින් විසින් සැලසුම් කර තිබේ.

දැනට ලොව විශාලතම ගුවන්තොටුපළ ලෙස සැලකෙන්නේ සවුදි අරාබි රාජ්‍යයේ පිහිටි කින්ග් ෆාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළයි.

ඒමන්ති මාරඹේ


 

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive