රෙබෙකා "මව් සෙනෙහෙස" සිනමා දැක්ම සඳහා ලන්ඩන් ඇවිත් - Rebeka Nirmali

රෙබෙකා නිර්මලී මෙරට ටෙලි නාට්‍ය පේ‍්‍රක්‍ෂකයන්ගේ මතකයේ නොමියෙන සටහනක් තැබුවේ ජයන්ත චන්ද්‍රසිරිගේ "වෙදහාමිනේ" ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ ගේ චරිත රංගනය තුළිනි. ඇය එහි රගපැවේ ප‍්‍රථම වතාවටය. රෙබෙකා ඉන් අනතුරුව ජයන්තගේම ටෙලි නාට්‍ය තුළ සහ විවිධ අධ්‍යක්‍ෂවරුන් ,වරියන් යටතේ සිය රංග කුශලාව පෙන්වන ලදී . එහෙයින්ම ඇය පේ‍්‍රක්‍ෂකයන් අතර ජනප‍්‍රිය චරිතයකි. එමෙන්ම ඇය ඇයගේ ක්‍ෂෙත‍්‍රය තුළ කාගෙත් හිතවත් සොයුරියකි.

ලන්ඩනයේ ජීවත් වන ඉංජිනේරුවරයකු මෙන්ම සම්මානලාභී නළුවකු වන විමල් අලහකෝන් විසින් අධ්‍යක්‍ෂණය කළ "මව් සෙනෙහස" සිනමා නිර්මාණයේ ප‍්‍රථම සිනමා ප‍්‍රදර්ශණය මැයි මස 12වන දින ලන්ඩනයේ පෝල් රොබ්සන් රගහලේදී තිරගත වීය. මෙහි ප‍්‍රධාන රංගන ශිල්පිණිය රෙබෙකා නිර්මළීයි . ඒ නිසා ඇය "මව් සෙනෙහෙස" සිනමා දැක්ම සඳහා මෙසේ ලන්ඩන් පැමිණ සිටි.  ඇයට මෙහිදී ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබූ වග වාර්තා වෙයි. මේ ඇය ලන්ඩන් සංචාරයේදී ගන්න ලද චායා රූප එකතුවකි

DIG වාස් ගුණවර්ධන අත්අඩංගුවට - DIG Vaas Gunawardena arrested

බස්නාහිර උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ‍ගෙන තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් නමැති අය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළව සැක පිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.

බම්බලපිටියේ ව්‍යාපාරිකයෙකුවූ මොහොමඩ් සියාම් නමැති අය මැයි මස 22 දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයා ගන්නා ලදී.ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 06 වන දින බස්නාහිර උතුරු දිසාවට අයත් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනියුක්තව සේවය කළ උ.පො.ප ලක්මිණි බමුණුසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ සේවය කළ කොස්තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයාගේ ඝාතනයට නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් සම්බන්ධයක් ඇති බවට කරුණු අනාවරණයවීමෙන් පසු එදිනම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

කැසිනෝ විවෘත කළොත් පාරට බහිනවා - මහ නාහිමියෝ

කොළඹ සම්බෝධි විහාරය අසල කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සාහයට තමන් වහන්සේ "සම්පූර්ණයෙන්ම විරුද්ධ" බව අස්ගිරි මහා නාහිමියෝ පවසති.අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකයකු ලෙසින් පත්වුණු මයන්ත දිසානායක උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ.

"ඒ ව්‍යාපාරය ඔතන ආරම්භ කළොත් අපිත් පාරට බහිනවා," යනුවෙන්ද මහා නාහිමියෝ පැවසූහ."පාරට බැහැලා විශාල උද්ඝෝෂණයක් කරනවා ඒ ව්‍යාපාරෙට අත හිත දීල ක්‍රියාකරනු ලබන රජයේ හෝ වේවා, මැති ඇමතිවරු හෝ වේවා ඒ සියලු දෙනාටම විරුද්ධව අපි පාරට බහිනවා."

ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාශ්‍වාද ව්‍යාපාරයක් වන ක්‍රවුන් සමාගමට ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් සඳහා අවසර දී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සතියේ සනාථ කළේය.ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධිපතිවරයායි.එම ව්‍යාපෘතියට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමිනුයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන ඉහත කී සනාථ කිරීම සිදු කළේ.

මහේල හා ඩිල්ෂාන් ICC යෙන් සමාව ගනී

ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තියුණු තරගයේදී දවාගැනීම් සඳහා විනිසුරුවන්ට පීඩනයක් ගෙන දෙමින් අධික ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට සහ තිලකරත්න ඩිල්ෂාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කර තිබේ.මෙහිදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දවා ගැනීම් සඳහා ඉල්ලීම් කිරීමට අදාළ ආචාර ධර්ම පද්ධතිය මෙම ක්‍රීඩකයින් දෙදෙනා විසින් ඊයේ තරගයේදී බිඳ දමා තිබෙන බවයි.

ඉතාමත් තියුණු තරගයක් වූ මෙම තරගයේදී තමන්ගේ හැසිරීම පිළිබඳව තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන යන දෙදෙනාම සමාව ඉල්ලා සිටි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක Andy Pycroft පවසා ඇත.ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ විනිසුරුවන්ට පීඩනයක් ඇතිවන පරිදි ඩිල්ෂාන් හා මහේල දවා ගැනීමේ ඉල්ලීම් කළ බවට චෝදනා ගොනුකර තිබෙන්නේ විනිසුරුවන් වන Bruce Oxenford, Rod Tucker සහ Ian Gould විසින් බවයි.

විනිසුරුවන්ට පීඩනයක් ඇතිවන පරිදි අමතර ඉල්ලීම් කිරීමට ලබාදෙන අවම දඬුවම නිළ වශයෙන් අවවාද කිරීම වන අතර ඊළඟ අදියරේදී ක්‍රීඩකයාගේ තරග ගාස්තුවෙන් සියයට 50 ක් කපා දැමිය හැකිබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා ඇත.
*Former Sri Lankan captains Mahela Jayawardene and Tillakaratne Dilshan have been reprimanded for appealing excessively during Sunday’s tense Champions Trophy clash against New Zealand.

සුරාජ් මපාට මරණ තර්ජන - Suraj Mapa

 "රඟපාන්න එපා. නර්තනයේ යෙදෙන්න එපා කියලා තර්ජන"
• සුරාජ් අකරතැබ්බයක් වෙලා කියලා ආරංචියි?
කවුදො පුද්ගලයෙක් මං ගැන වැරැදි විදියට කියලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුට කෙටි පණිවිඩ යවලා. ඒ නිසා මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා මේ වෙද්දි වැරැදිකාරයා අත්අඩංගුවට අරන් තියෙන්නෙ

• හඳුනන පුද්ගලයෙක්ද?
නැහැ මම හඳුනන්නෙ නැහැ.

• සුරාජ්ට මඩ ගහන්න ඒ පුද්ගලයා පෙලඹිලා තියෙන්නේ ඇයි?
හේතුවක් නම් දන්නේ නෑ. ඊර්ෂ්‍යාවට වෙන්න ඇති. ක්‍ෂේත්‍රය ඇතුළේ මට හතුරෝ නැහැ. මටත් ඒ ගැන හිතා ගන්න බෑ. පොලිසිය ප්‍රශ්න කරගෙන යනවා.

• ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ නේද?
මීට කලිනුත් මට SMS ආවා. මම ඒවා ගණන් ගත්තේ නෑ. රිදී රැයක් ප්‍රසංගය තිබුණු කාලේ ඒකේ නටන්න එපා, ඇසිඩ් ගහනවා කියලා තර්ජනය කළා. රඟපාන්න එපා. නර්තනයේ යෙදෙන්න එපා කියලා තර්ජනය කළා. මේ තර්ජන අද ඊයෙක ඇතිවුණු දෙයක් නොවේ. මට අනතුරක් කරනවා කියලා කාලෙක ඉඳන්ම මට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකාව තියුණු සටනකින් පසුව නවසිලන්තයට පරදී - New Zealand beat Sri Lanka by one wicket

වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ ඉතාමත් අඩු මුළු ලකුණු සංඛ්‍යාවක් අතැතිව දියත් කළ ප්‍රබල සටන අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු චැම්පියන්ස් කුසලාන තරගයේදී එක් කඩුල්ලකින් නවසිලන්තයට පරාජය විය.
පිතිකරණයෙන් අසාර්ථක වූ ශ්‍රී ලංකාව අන්තිම මොහොත වන තුරුම පන්දුවෙන් තියුණු සටනක් කළද තරගය ජයග්‍රහණය කිරීමට තරම් වාසනාවක් නොතිබිණි. නවසිලන්තය ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඔවුන්ගේ කඩුලු 9ක් දවා ගැනීමට ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ සමත් වූහ. සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 34කට කඩුලු 4ක් ලබා ගත් අතර ශමින්ද එරංග ලකුණු 45කට කඩුලු 2ක් ලබා ගත්තේය. රංගන හේරත් හා තිලකරත්න ඩිල්ෂාන් කඩුල්ලක් බැගින් ලබා ගත්හ. නවසිලන්තය තරගයේ තවත් පන්දු 81ක් ඉතිරිව තිබියදී කඩුලු 9කට ලකුණු 139ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

නවසිලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 80කට බිඳ දමමින් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් තුළ ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කළද ආරක්ෂා කර ගැනීමට තරම් මුළු ලකුණු ප්‍රමාණයක් නොතිබීම ශ්‍රී ලංකා පරාජයට හේතු විය.නවසිලන්ත ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ කුමාර් සංගක්කාර හැරෙන්නට අන් කිසිම පිතිකරුවෙකු දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අසමත් විය.

ධීවරයෝ 27ක් මරුට; 29 ක්‌ අතුරුදන් - Adverse weather: Death toll rises to 27

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු ගිය ධීවරයන් 27 දෙනකු මියගොස් තවත් ධීවරයන් 29 දෙනකු සහ ධීවර යාත්‍රා 31 ක් අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය (7) දා රාත්‍රියේ හටගත් තද සුළං ස්වාභාවය සහ වර්ෂාව හේතුවෙන් මේ පිරිස මියගොස් තිබෙන අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය මුළු ගණන 28 ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දිනමිණ ට පැවසීය.

අහුංගල්ල පොලිස් වසමේ එක් පුද්ගලයකු මියගොස් තිබෙන අතර එම ප්‍රදේශයේ ධීවරයන් 17 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා 8 ක් අතුරුදන්ව තිබේ. ඊට අමතරව බෙන්තොට පොලිස් වසමේ එක් පුද්ගලයකු, මොරටුව ප්‍රදේශයේ එක් පුද්ගලයකු සහ ගාල්ල පොලිස් වසමේ එක් පුද්ගලයකු මියගොස් තිබෙන අතර බේරුවල පොලිස් වසමට අයත් පුද්ගලයෙකුද මියගොස් තිබේ.මේ අතර අනතුරට ලක් වූ ධීවරයන් 6 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. අතුරුදන් ධීවරයන් සොයා සුරනිමල, සාගර සහ ජයසාගර නෞකා විශේෂ මෙහෙයුම් ආරම්භකර තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇද‍හැළෙන ධාරානිපාත වැසි සහ සුළිසුළං තත්ත්වය හේතුවෙන් ආපදා තත්ත්වයක් හටගෙන තිබෙන අතර ප්‍රදේශ රැසකින් මුහුදුගිය ධීවරයන් විශාල පිරිසක් මෙසේ අනතුරට පත්ව තිබේ.

පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්‌මාර්ට්‌ කාඩ්

පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්‌මාර්ට්‌ කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

රියෑදුරන්ගේ තොරතුරු එකම පරිගණක පද්ධතියකට ලබා ගැනීමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කර ඇති බවත් මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී තිබෙන බත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම පහසුකම් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් හා හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්‌ දින සේවාව යටතේ ලබාගත හැකි බවත් ඒ සඳහා එක්‌දින ගාස්‌තු අය නොකරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවලදී මේ සඳහා විශේෂ කවුළුවක්‌ විවෘත කර ඇති බවත් එහිදී ප්‍රමුඛතාව මත මෙම සේවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීය.නව රියෑදුරු බලවත්‍ර ලබාගැනීමට පැමිණෙන රියෑදුරන් පැරැණි රියෑදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පතත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive