රෙබෙකා නිර්මලී මෙරට ටෙලි නාට්‍ය පේ්රක්ෂකයන්ගේ මතකයේ නොමියෙන සටහනක් තැබුවේ ජයන්ත චන්ද්‍රසිරිගේ "වෙදහාමිනේ" ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ ගේ චරිත රංගනය තුළිනි. ඇය එහි රගපැවේ ප්‍රථම වතාවටය. රෙබෙකා ඉන් අනතුරුව ජයන්තගේම ටෙලි නාට්‍ය තුළ සහ විවිධ අධ්යක්ෂවරුන් ,වරියන් යටතේ සිය රංග කුශලාව පෙන්වන ලදී . එහෙයින්ම ඇය පේ්රක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයකි. එමෙන්ම ඇය ඇයගේ ක්ෂෙත්රය තුළ කාගෙත් හිතවත් සොයුරියකි.
ලන්ඩනයේ ජීවත් වන ඉංජිනේරුවරයකු මෙන්ම සම්මානලාභී නළුවකු වන විමල් අලහකෝන් විසින් අධ්‍යක්ෂණය කළ "මව් සෙනෙහස" සිනමා නිර්මාණයේ ප්‍රථම සිනමා ප්‍රදර්ශණය මැයි මස 12වන දින ලන්ඩනයේ පෝල් රොබ්සන් රගහලේදී තිරගත වීය. මෙහි ප්‍රධාන රංගන ශිල්පිණිය රෙබෙකා නිර්මළීයි . ඒ නිසා ඇය "මව් සෙනෙහෙස" සිනමා දැක්ම සඳහා මෙසේ ලන්ඩන් පැමිණ සිටි. ඇයට මෙහිදී ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබූ වග වාර්තා වෙයි. මේ ඇය ලන්ඩන් සංචාරයේදී ගන්න ලද චායා රූප එකතුවකි