“නිරුවත සහ බිය” නවතම රියැලිටි වැඩසටහන -New Reality Show 'Naked and Afraid'

 "නිරුවතින් දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම"

ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍ය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාව ද ඇතුළුව සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය “ වැඩසටහන්මය” ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහළවෙමින් ඇත.

 ඩිස්කවරි නාළිකාව මගින් හඳුන්වා දීමට නියමිත “නිරුවත සහ බිය” නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මේ නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.

“නිරුවත සහ බිය” රියැලිටි වැඩසටහන සඳහා එකිනෙකා නොහඳුනන ස්ති‍්‍රයක හා පිරිමියකු යුගළ තරගකරුවන් ලෙස තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකදී ස්වකීය ගමනාන්තය සටහන් කරමින් තරගය නිමා කළ යුතුය. මොවුන් තරගයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම වැඩසටහන් අංගයකදීම එකිනෙකාට වෙනස් යුගළ බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළැඹෙන ජූනි මස 23 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ශ්‍රී ලංකා-එංගලන්ත තීරණාත්මක තරගය අදයි

එංගලන්තයටත් මාලිංග භිතිකාව
චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක්‌ වන එංගලන්තය සමග තරගය අද (13 දා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක්‌ ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 5.00 ට පමණ ඇරඹීමට නියමිතය.

එංගලන්ත කණ්‌ඩායම සමග සමාරම්භක තරගයේදීම ඔස්‌ටේ්‍රලියාව පරාජය කරමින් මේ වන විට 'ඒ' කාණ්‌ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට පත්ව සිටින අතර ඔවුන් අද තරගය ජය ගතහොත් අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට නවසීලන්ත තරගය පරාජය වීම මත අද තරගය ජය ගැනීම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා බෙහෙවින් උපකාරී වන අතර ඊයේ (12 දා) පැවැති ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර තරගයේ ජයග්‍රහණයද 'ඒ' කාණ්‌ඩයට තීරණාත්මක සාධකයක්‌ව පැවතිණි.ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග හයකදී හතර වරක්‌ පරාජය වී ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ ජයගෙන තිබේ. සත්කාරක එංගලන්ත කණ්‌ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහී ප්‍රතිශතය 59% ක්‌ ලෙස පවත්වාගෙන යැමට සමත්ව තිබේ. එහිදී එංගලන්තය තරග 38 කට සහභාගි වී ජයග්‍රහණ 15 ක්‌ ලබා තිබේ.

ඕස්ට්‍රේලියා මුහුදේදී ලාංකිකයින් 50ක් මුහුදු බත් ?

ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපත අසලදී අනතුරට ලක් වූ බෝට්ටුවක පැමිණි 50කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුහුදුබත්ව ජීවිතක්‍ෂයට පත්වන්නට ඇතැයි, එරට බලධාරීන් සැක පළ කරන බව බීබීසී ‍ලෝක සේවය පවසයි.

මේ අතර සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කොකෝස් දිවයින ආසන්න මුහුදේදී මුහුදුබත් වී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පවසයි.මුහුදේ අතුරුදන්ව ඇති එම යාත්‍රාව සෙවීම සඳහා ගුවන් යානා දෙකක් යොදවා ඇති බව එම අධිකාරිය සඳහන් කළේ ය.අදාළ යාත්‍රාව මුහුදුබත් වූ බවට සැලකෙන්නේ, කොකෝස් දූපතේ සිට නාවික සැතපුම් 260 ක් පමණ උතුරු ප්‍රදේශයකදී ය.යාත්‍රාව කොකෝස් දූපත දෙසට ළඟා වෙමින් තිබෙන බවට පසුගිය බදාදා දිනයේ තොරතුරු ලැබී තිබුණි.

අපේක්ෂා නොකළ අන්දමින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු දහස් ගණනක් විදේශිකයින් ඔස්ට්‍රේලියාව වෙත ගලා ඒම තුල එරට බලධාරීන් මේ අන්දමින් නීති විරෝධී ලෙස පැමිණෙන විදේශිකයින් පිළිබඳ දක්වන ප්‍රතිචාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම ඔස්ට්‍රේලියාවේ සංවිධාන ගණනාවක විවේචනයට ලක්වී ඇත.

අසැබි වීඩියෝ පෙන්වන ටියුෂන් ගුරුවරයා දැලේ

ළමුන්ගේ අම්මලා සමඟ මිතුරු වී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා  හෝටලයකට රැගෙන ගිහින් !
සිය සුඛෝපභෝගී වාහනයක්‌ තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස්‌ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල් වංචාකාරී ලෙස කාලයක්‌ තිස්‌සේ ලබාගෙන ඇති බවට සැකපිට මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් ඉකුත් 10 දා මාතර බණ්‌ඩත්තර පාලම අසල දී ටියුෂන් ගුරුවරයකු වාහනයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදීත් වාහනය තුළ අසභ්‍ය වීඩියෝ සංයුක්‌ත තැටි 27 ක්‌ තිබී ඇත.මෙම සැකකරු කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ටියුෂන් පන්ති ගුරවරයෙක්‌ ලෙස කටයුතු කර ඇති අතර ටියුෂන් පන්තිවලට පැමිණෙන දරුවන් මාර්ගයෙන් එම දරුවන්ගේ මව උපාය මාර්ගයෙන් මිතුරු කර ගන්නා බවට පොලිසිය පවසයි.

මෙම දරුවන් ටියුෂන් පන්ති වලට රැගෙන එන මව යහළුකර ගැනීමට බොහෝදුරට සැකකරු විසින් එම දරුවා තම වාහනයෙන් දරුවා පදිංචි නිවසට ගෙන ගොස්‌ භාරදෙන බවත් එහිදී දරුවාගේ මව සමඟ මිතුරුකමක්‌ පවත්වා පසුව අතරමගදී වාහනයට නංවාගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන ඔවුනට පෙන්වන බවට පොලිසිය පවසයි.එසේ රවටාගත් කාන්තාවන් හෝටලයකට රැගෙන යන බවත් එහිදී කාන්තාවන් පැළඳ සිටින රන්බඩු ද එම කාන්තාව රවටා ලබා ගන්නා අතර එක්‌ කාන්තාවකගෙන් ලක්‍ෂ ගණන් මුදුල්ද ලබාගෙන ඇති බවට සනාථ වී ඇතැයි ද පොලිසිය පවසයි.

රනිල්ට ප්‍රහාරයක් අනූ නවයෙන් බේරෙයි Ranil’s vehicle attacked

  ගල් ගසයි, හූ කියයි…
දකුණු පළාතේ විපතට පත් ධීවරයින්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වී ආපසු එමින් සිටි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගමන් ගත් රථපෙළට බළපිටියේදී ඊයේ (11 දා) සවස මැර ප්‍රහාරයක්‌ එල්ල විය.මේ හේතුවෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂ නායක අසේල සොයිසා සහ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්. සෙනරත් යන මහත්වරුන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙහිදී විපක්‌ෂ නායකවරයා ගමන් ගත් රථයට සහ එජාප අවිස්‌සාවේල්ල ආසන සංවිධායක උපුල් වීරසිංහ මහතාගේ වාහනයට ද අලාභහානි වී ඇති අතර මැර පිරිස්‌ විපක්‌ෂ නායකවරයා ගමන් ගත් නිල රථයේ දොරද විවෘත කරගෙන ඇත.පසුගියදා ඇතිවූ සුළි කුණාටුවෙන් ජීවිතක්‌ෂයට පත් ධීවරයන්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට විපක්‌ෂනායකවරයා සහ එජාප මහලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ මහත්වරුන් ඇතුළු පිරිසක්‌ බේරුවල සහ බලපිටිය බලා පිටත් වී ඇත.

එහිදි බලපිටියේ තරුණ බෞද්ධ සමිති ශාලාව අසල ඇති අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට විපක්‌ෂනායකවරයා කලින් අදහස්‌ කළද එම ස්‌ථානයේ ඔහුට එරෙහිව පිරිසක්‌ යම් කෝලාහලයක්‌ ඇති කිරීමට සූදානමින් පසුවන බැවින් එම අවමංගල්‍ය උත්සවයට නොපැමිණෙන ලෙස බලපිටිය එජාප ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා විපක්‌ෂ නායකවරයා ඇතුළු පිරිසට උපදෙස්‌ දී තිබේ.

කුමරි බඹසර රැකදෙන කන්‍යා පටලය - Hymen


කන්‍යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.

විවාහයේ ප්‍රථම යෝනි සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී ගියේ නැද්ද?

ලිංගික අධ්‍යාපනය
ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයන් අපට බැහැර කළ නොහැක. එහෙත් කන්‍යා පටලය (කුමරි පටලය - Hymen) පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමේදී පෙනී යන ප්‍රධානම කරුණක් වන්නේ කන්‍යා පටලය පිළිබඳව තවමත් ලාංකික සමාජය තුළ ඇත්තේ මිත්‍යා මතයන් රැසක් බවයි.

මෙම මිත්‍යා මත නිසා බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවද නොරහසකි. කාන්තාවකගේ කන්‍යා පටලය පිළිබඳව දිග හැරෙන මෙම ලිපියට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.ශී‍්‍ර ලංකාවේ වෙසෙන බොහෝදෙනෙක් කන්‍යා පටලය පිළිබඳව වැඩි අවධානයකින් සිටින බව පෙනෙනවා. නමුත් මේ කන්‍යා පටලය පිළිබඳව පැතිර තිබෙන මති මතාන්තර බොහොමයක් මිත්‍යා මතයන් වෙනවා.

ලාංකිකයින්ට වේගවත් එංගලන්ත වීසා වරම් - Sri Lankan applicants on fast track for UK visa

කොළඹ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙන්නේ උතුරු ඇමරිකානු, යුරෝපීය සහ පැසිෆික් කළාපීය රටකට කිසිදු ප්‍රශ්නයකින් තොරව ගොස් තිබෙන ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයට යාමට ඉතාමත් ඉක්මනින් වීසා ලබාගැනීමේ සේවාවට ජුනි 24 වනදා සිට අයදුම් කළ හැකි බවයි.

මේ අනුව, පසුගිය වසර පහ තුළ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රට වලට කිසිදු ප්‍රශ්නයකින් තොරව වීසා ලබාගත් ලාංකිකයින් මෙම සේවාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර මේ යටතේ දින පහක් වැනි කාලයක් ඇතුළත බ්‍රිතාන්‍යයට යෑමට වීසා ලබාගත හැකි බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මෙම වීසා ලබාගැනීම් අන්තර් ජාලය මගින් සිදුකළ හැකිබව වැඩිදුරටත් සඳහන්ය.මෙම වීසා ක්‍රමය ශිෂ්‍ය වීසා සඳහා බලනොපැවැත්වෙන බවත් මේ සඳහා අමතරව රුපියල් 10,000 ක ගාස්තුවක් ගෙවිය යුතු බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අගවිනිසුරුට එරෙහි පෙත්සම අගවිනිසුරු ගේ විභාගයට

අගවිනිසුරුවරයාට එරෙහි පෙත්සමක් විභාග කිරීම පිණිස අගවිනිසුරුවරයා විසින්ම විනිසුරු මඬුල්ලක් පත් කිරීම නීතිවේදීන්ගේ අභියෝගයට ලක්වී තිබේ.

මොහාන් පීරිස් අගවිනිසුරු වරයා අඟහරුවාදා කළ නියමය යුක්ති සහගත නඩු විභාගයකට බාධාවක් පමණක් නොව නීති විරෝධී බවයි ඔවුන් පවසන්නේ.නීතිවේදීන් අධිකරණය ඉදිරියේ එසේ තර්ක කළේ, අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්.

පෙත්සම විභාග කිරීම පිණිස විනිශ්චයකරුවන් දස දෙනකුගෙන් යුත් පූර්ණ විනිශ්චය මඬුල්ලක් පත් කරන්නැයි කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ අග විනිසුරු මොහාන් පීරිස් විසින්. ඒ වෙනුවට පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ඔහු විසින් පත්කොට තිබුණි. විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ බලය අගවිනිසුරුවරයාට අත පවත්නා හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී නාමල් රාජපක්ෂ කියා සිටියේ.

Gossip Lanka Hot News Previous News Archive