
* අලුත් කටයුතුවලින් අරඹමු.
මේ දිනවල දිව්‍යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ පළමු ටෙලි නාට්‍යයේ චරිතයකටත් පසුගිය දිනවල දායක වුණා.ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.
* ස්වර චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.
ඔව්. තවම ‘ස්වර’ තිරගත වුණේ නැහැ. ඒ චරිතය (විහාරා) ඉතාමත් වෙනස් චරිතයක්. මේ චරිතය සමාජය කොහොම පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් නීටා ප්‍රනාන්දු වගේ සම්මානීය කෙනකු දායක වූ නිර්මාණයක් නිසා කිසිවකුත් මගේ චරිතය දෙස වපර ඇසින් බලන එකක් නැහැ. ඒ චරිතයට මා තේරුණේ අහඹු ලෙස. ඒ වෙනුවෙන් නීටා ප්‍රනාන්දු මහත්මියට වගේම යොලන්ඩා මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. එවැනි දැවැන්ත නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.