මම එංගලන්තයේ හිටියට ලංකාවට හරිම ආදරෙයි - Senali Fonseka

'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා
කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැ‍ඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.

‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

චිත්‍රපටය නරඹන ගොඩක් දෙනෙක් මගේ රංගනය අගය කරල කතා කරනවා. චිත්‍රපටය තිරගත වන්න කලින් පවා චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් හොඳ ප්‍රතිචාර මගේ රංගනයට ලැබුණා. හැමෝම මගේ රංගන ජීවිතයට සුබ පතනවා.

මේ ඔබේ කීවැනි චිත්‍රපටය ද?

ම‍ෙග් පළමු චිත්‍රපටය.

ලංකාවේ උක්කු අම්මා ලොව වයස්ගතම පුද්ගලයා වෙයි - World's oldest person

දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය.

ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.

බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.

ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති.
ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ දෙවැනි ස්ථානය ජපානයේ මිසාකා ඔකාවෝට හිමිවේ.

මම මිනීමරුවෙක්! එළියට ආපු දවසට කරන දේ බලාගනිල්ලා

රහස් පොලිස් නිලධාරීන්ට වාස් තර්ජනය කළැයි අධිකරණයට දන්වයි

මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.

මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වේ.

බෝධිරාජ මාවත, රූපසිංහ මාවත, නැදිමාල, දෙහිවල ලිපිනයේ පදිංචි අන්ද්‍ර වාස් පටබැඳී ගනේන්ද්‍ර ගුණවර්ධන නැමැති බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත් (10) වැනිදා රාත්‍රි 9.45 ට රහස් පොලිසිය අත්අඩංගුවට ගැනිණි.

මහ බැංකුව, විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි - Further Relaxation of Foreign Exchange Regulations 2013

ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර ඇත.
ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම වැඩිදියුණු වී ඇති අතර, දේශීය මූල්‍ය අංශය වඩාත් ශක්‌තිමත් වී ඇත. එම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යැමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්‌ ළඟා කර ගැනීම සහ ව්‍යාපාර කටයුතු පහසු කිරීම හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසීම මගින් සමස්‌ත ආර්ථිකයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම යනාදී අරමුණු පෙරදැරි කරගෙන, විදේශ විනිමය රෙගුලාසි අනුක්‍රමයෙන් ලිහිල් කරන ලදී.ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්තිමය රාමුව තුළ පිහිටා කටයුතු කිරීම සඳහා ජුනි 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පහත පරිදිවේ.
  •  අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)රැ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පවතින මුදල් එක්‌ බැංකුවකින් වෙනත් බැංකුවකට මාරුකිරීම සඳහා අනුමැතිය ලබාදීම.

බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර වෙනත් බලයලත් වෙළෙන්දෙකු සමඟ නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තුවන්නන් ඒ සඳහා විනිමය පාලකගේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හට ඉහළ නම්‍යශීලීභාවයක්‌ ලබාදීම සඳහා වෙනත් බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක/ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක්‌/ගිණුම් විවෘත කිරීමට පුද්ගලයන්ට දැන් අවසර ලබා දී ඇත.

ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක් - Sri Lanka beat England by 7 wickets

කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී කඩුලූ 7 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු සුරැකිව තබාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

පන්දු 71 කට පමණක් මුහුණ දෙමින්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 134) සහ නුවන් කුලසේකර (නොදැවී 58) දෙදෙනා, තරගයේ පන්දු 17 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පිතිකරුවකු තනි ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන සංගක්කාර ඒ සඳහා පන්දු 135 කට මුහුණ දෙමින් හතරේ පහර 12 කින් එය අලංකාර කළේය. කුලසේකරගේ පන්දු 38 ඉනිම අලංකාර හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත් අතර සංගක්කාර සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ මහේල ජයවර්ධන පන්දු 43 කදී ලකුණු 42 ක් ලබාගැනීමෙන් අනතුරුව දැවී ගියේය.

Malani Fonseka's Birth Day Dinner Party 2013

Location: Jeewan & Shereen Residence , Captured by Sagara Lakmal De Mel

උපත් පාලන පෙත්ත පිළිකාවකට අතවැනීමක්? The contraceptive pill and cancer risk

පවුල් සැලසුම් ක්‍රියාවට නැංවීමට උපත් පාලන පෙති භාවිතා කිරීම ලොව පුරා ජනප්‍රිය ය. එහෙත්, එකී ඖෂධ භාවිතය හේතුවෙන් ඩිම්බ කෝෂයේ පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ද ඒ හා සමානවම ප්‍රචලිත මතයකි. උපත් පාලන පෙත්ත හේතුවෙන් කෙටි කාලීන නොවූවත් ජීවිතයේ අවසාන අදියරේදී පිළිකා වැලඳෙන බව තරයේ අදහන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට යළි සිතා බැලීමට බලකෙරෙන සොයාගැනීමක් ඉකුත් සතියේ අනාවරණය කෙරිණි.

 උපත් පාලන පෙති භාවිතයට ගන්නා නියැදියක් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු මත විමසුම් 14 ක් හරහා නිගමනය කර ඇත්තේ 27% ක පමණ පිරිසකට පමණක් එමගින් ඉතා සුළු අවදානමක් පවතින බවයි.

“උපත් පාලන පෙති ගැනීමත් ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා හටගැනීමත් අතර සෘජු සම්බන්ධයක් ඇති බව පොදු පිළිගැනීමක් වෙලා. මම හිතන්නෙ අපි එයට සමාජ විද්‍යාත්මක බරක් එකතු කළා..” වෛද්‍ය ලුරා හවිලෙස්කි පවසයි.

ඇය උතුරු කැරොලිනාවේ ඩර්හැම් ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩ්යුක් විශ්වවිද්‍යාල කොලීජියේ වෛද්‍යවරියක මෙන්ම අදාළ පර්යේෂණයේ නායකත්වය ගෙන ක්‍රියා කරනු ලැබු තැනැත්තියයි.

ගැමි චරිත කරන්න මං ගෙඩක් ආසයි - Anusha Rajapaksha

අනූෂා රාජපක්ෂ. රුව දුටූ පමණින්ම හඳුනන ඇය අපේ කලා ලොවට නව නාමයක් නොවේ. ටෙලි නාට්‍ය කිහිපයකම කැපී පෙනෙන චරිත රඟපෑ අනූෂා පෙම්බරයාණෝ, නයිිට් ලර්නර්ස් වැනි ටෙලි නාට්‍ය හරහා තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගත්තියකි. මේ දිනවල විකාශය වන සත්‍යා හි ප්‍රධාන චරිතයකට පණ පොවන අනූෂා නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛව වැජඹෙයි. මේ අනුූෂා සමඟ කළ කතාබහකි.

* අලුත් කටයුතුවලින් අරඹමු.
මේ දිනවල දිව්‍යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ පළමු ටෙලි නාට්‍යයේ චරිතයකටත් පසුගිය දිනවල දායක වුණා.ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.

* ස්වර චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.
ඔව්. තවම ‘ස්වර’ තිරගත වුණේ නැහැ. ඒ චරිතය (විහාරා) ඉතාමත් වෙනස් චරිතයක්. මේ චරිතය සමාජය කොහොම පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් නීටා ප්‍රනාන්දු වගේ සම්මානීය කෙනකු දායක වූ නිර්මාණයක් නිසා කිසිවකුත් මගේ චරිතය දෙස වපර ඇසින් බලන එකක් නැහැ. ඒ චරිතයට මා තේරුණේ අහඹු ලෙස. ඒ වෙනුවෙන් නීටා ප්‍රනාන්දු මහත්මියට වගේම යොලන්ඩා මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. එවැනි දැවැන්ත නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.

Gossip Lanka Hot News Previous News Archive