බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත.
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.
බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.