අද පැරදුනොත් හෙට ගෙදර
එංගලන්තයට එරෙහිව අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ලන්ඩනයේ ඕවල් තරග බිමට ශ්‍රී ලංකාව අද පිවිසෙන්නේ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඩුවෙන්ම ලකුණු ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් පලවා හැරීමේ අරමුණිනි.
අද තරගය දෙපිලටම “ජය ගත යුතුම” සටනක් බවට පත්ව තිබේ. පරදින කණ්ඩායම තරගාවලියෙන් ඉවතට වීසි වනු ඇත. ශ්‍රී ලංකාව දැන් ලකුණු දෙකක් ලබා ගෙන සිටින අතර ඔස්ට්‍රේලියාව ට ඇත්තේ එක් ලකුණක් පමණි. අද පැවැත්වෙන්නේ තරගාවලියේ මූලික වටයේ අවසාන තරගයයි.
අද තරගයට හොඳින් සූදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමන් කෙරෙහි උපරිම විශ්වාසය තබමින් තරගයට මුහුණ දිය යුතු වෙයි. මීට සිවු දිනකට පෙර මේ ක්‍රීඩාංගණයේදීම එංගලන්ත කණ්ඩායමේ ලකුණු 293ක දැවැන්ත ඉලක්කය කඩුලු තුනක් පමණක් අහිමි කර ගෙන තරගයේ තවත් පන්දු 17ක්ද ඉතිරි කර ගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තමන්ට එය කළ හැකි බවට තිබූ දැඩි විශ්වාසය නිසාය.ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු රැකීමේ අඩුපාඩු මකාගෙන අද තරගයට පිවිසීම වැදගත්ය. එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් උඩ පන්දු හතරක් ගිලිහිණි. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඔහුගේ සුපුරුදු ආක්‍රමණශීලී පිතහරඹයට මේ තරගයේදී හෝ ප්‍රවිශ්ට වීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කරන්නක් විය හැක.