ගුරුවරියක් දනගැස්සූ පළාත් සභා මන්ත‍්‍රි - Harassment of female teacher - Updates

ඒ පාසලට මා ගියා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා- පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර කියයි
වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා 15දා සවස නියෝග කළේය. නවගත්තේගම ඉසුරු පාස‍ලේ සේවය කරන උප ගුරුවරියකට හිංසා කිරීමේ චෝදනාව යටතේ මෙම පළාත් සභා මන්ත්‍රීවරයාව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. හිංසනයට ලක්ව ඇත්තේ නවගත්තේගම මහ අන්දරවැව පදිංචි ප්‍රියානි සුසිලා හේරත් (38) නම් වූ එක්දරු මවකි. ඇය නවගත්තේගම ඉසුරු පාස‍ලේ විනය මෙන්ම ශිෂ්‍ය නායිකාවන් බාර උපගුරුවරියද වේ.

පාස‍ලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් වූ සොයා බැලීමක් විදුහ‍ලේ ආචාර්ය මණ්ඩලය විසින් ඉකුත් 14 වැනි දින පෙරවරුවේ සිදු කර ඇත. එදින පාසලට පැමිණි ඇතැම් ශිෂ්‍යාවන්ගේ ගවුම් විදුහලට විසුන් කර ඇති නියමයන්ට අනුකූලව නොතිබූ හෙයින් ඒ සෑම ශිෂ්‍යාවකටම ගුරුවරියන් විසින් අවවාද කර ඇත. එසේ අවවාද කර ඇති ශිෂ්‍යාවන් අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියද සිට ඇත. ඇය එම විදුහ‍ලේ 10 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටී.

මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත දේශපාලන ගමන අරඹයි - MP R. Dumindha Silva

මාස 18 ක නිවාඩුවකින් පසු හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කළා. ඒ, කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් මුණ ගැසෙමින්. එහිදී මන්තී‍්‍රවරයා කියා සිටියේ තමන්, කවදත් දේශපාලනය කළේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් බවත් ඉදිරියේදී එම ජනතාව වෙනුවෙන් තම සේවය දෙගුණ තෙගුණ කරන බවයි. මාස 18 ක නිවාඩුවකින් පසු මන්ත‍්‍රීවරයා හෙට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමටද නියමිත යයි ද රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිය දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනු ලැබුවේ නුගේගොඩ පිහිටි ආර්. දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේ සිටයි. එහි පැමිණි මන්ත‍්‍රීවරයා කොළොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් පිළිගනු ලැබුවා. උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ ආගමික වතාවත්වලින් අනතුරුවයි. කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා.

තීරණාත්මක සිංහ කැංගරු තරගය අද-Sri Lankans meet old enemy in must win game

 අද පැරදුනොත් හෙට ගෙදර
එංගලන්තයට එරෙහිව අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ලන්ඩනයේ ඕවල් තරග බිමට ශ්‍රී ලංකාව අද පිවිසෙන්නේ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඩුවෙන්ම ලකුණු ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් පලවා හැරීමේ අරමුණිනි.

අද තරගය දෙපිලටම “ජය ගත යුතුම” සටනක් බවට පත්ව තිබේ. පරදින කණ්ඩායම තරගාවලියෙන් ඉවතට වීසි වනු ඇත. ශ්‍රී ලංකාව දැන් ලකුණු දෙකක් ලබා ගෙන සිටින අතර ඔස්ට්‍රේලියාව ට ඇත්තේ එක් ලකුණක් පමණි. අද පැවැත්වෙන්නේ තරගාවලියේ මූලික වටයේ අවසාන තරගයයි.

අද තරගයට හොඳින් සූදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමන් කෙරෙහි උපරිම විශ්වාසය තබමින් තරගයට මුහුණ දිය යුතු වෙයි. මීට සිවු දිනකට පෙර මේ ක්‍රීඩාංගණයේදීම එංගලන්ත කණ්ඩායමේ ලකුණු 293ක දැවැන්ත ඉලක්කය කඩුලු තුනක් පමණක් අහිමි කර ගෙන තරගයේ තවත් පන්දු 17ක්ද ඉතිරි කර ගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තමන්ට එය කළ හැකි බවට තිබූ දැඩි විශ්වාසය නිසාය.ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු රැකීමේ අඩුපාඩු මකාගෙන අද තරගයට පිවිසීම වැදගත්ය. එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් උඩ පන්දු හතරක් ගිලිහිණි. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඔහුගේ සුපුරුදු ආක්‍රමණශීලී පිතහරඹයට මේ තරගයේදී හෝ ප්‍රවිශ්ට වීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කරන්නක් විය හැක.

දනගැස්වූ ගුරුවරියට තවත් හිරිහැර - Harassment of female teacher

පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සූ බව කියන ගුරුවරියගේ නිවෙස අසලට සෙනසුරාදා රාත්‍රි යතුරුපැදි දෙකකින් පැමිණ ඇතැයි කියන සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු සිද්ධියට මැදි වූ ගුරුවරියගේ සැමියාගේ නම කියමින් මහ හඩින් කතාකොට ඔහු ‍ෙදාර අරිනවාත් සමඟ ඔවුන් පලාගොස් ඇත.නවගත්තේගම පොලිසිය සඳහන් කෙළේ ඒ පිළිබඳ ඊයේ (16දා) උදේ එම ගුරුවරියගේ සැමියා විසින් මතු ආරක්ෂාවට පොලිසියට පැමිණිලි කොට ඇති බවයි.

එම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ එම පැමිණිල්ල පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.මෙදින රාත්‍රි එම ගුරුවරියගේ නිවෙස අසලට පැමිණ පලාගිය පිරිස සෙවීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ප්‍රාදේශීය දේශපාලනඥයාගේ තර්ජනයට මැදි වූ ගුරුවරියට වෘත්තීමය ආරක්ෂාව සලසන ලෙසද ලංකා ගුරු සංගමය අදාළ බලධාරීන්ට දන්වා තිබේ.

හරක් මස් වාදය - Victor Ivan

 ( Rawaya- Sunday, June 16, 2013)
පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතයුතුයැ’යි කියා බෙරිහන් දෙන්නෝද මේ දේශපේ‍්‍රමීහුය. හරක් මස් විරෝධී ප‍්‍රතිපත්තියක් රටේ කිරිපට්ටි පාලනය කම්මුතු කිරීමට හේතුවන බව ඔවුන්ට නොපෙනෙන්නේය.

පව් නැති කුකුළු මස්

ගවපට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡුාව කුකුළු පාලනයෙන් ආරම්භකළ හැකිය. කුකුළන්ගෙන් සාකච්ඡුාව ආරම්භ කිරීම වැදගත්වන්නේ භේදයකින් තොරව සියලූ ජනවර්ගද, සියලූ ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලූ ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද, බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලූ ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය. කුකුළාද පණ ඇති ජීවියෙකි. කුකුළන් මරන ආකාරයද ලස්සන නැත.

ගුරුවරියක් දනගැස්සූ සන්ධානේ පළාත් සභා මන්ත‍්‍රි රිමාණ්ඞ්

නවගත්තේගම පිහිටි නවෝද්‍යා විදුහලට පැමිණි වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරයකු වන ආනන්ද සරත් කුමාර නැමැත්තා එහි ගුරුවරියකට අඩම්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද 15 දහවල් නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. 

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ ආනමඩුව ආඩිගම ප‍්‍රදේශයේ දී ය. එම ප‍්‍රදේශය අයත් වන්නේ පුත්තලම පෙලිස් වසමටයි. මන්ත‍්‍රිවරයා සිය කැබ් රථයෙන් එම ප‍්‍රදේශය හරහා අද ගමන් කරමින් සිටියදී නවගත්තේගම පොලිසිය විසින් ලූහුබැද ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අනතුරුව මන්ත‍්‍රිවරයා පුත්තලම පොලිසිය වෙත රැගෙන ගොස් එහි පොත්වල මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සටහන් දමා අනතුරුව එම අවස්ථාවේම පුත්තලම වැඩ බලන මහේස්ත‍්‍රාත් මොහොමඞ් ඉක්බාල් මහතා හමුවට පමුණුවා ලබන 18 වැනිදා දක්වා රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර තිබේ.

රිමාණ්ඞ් භාරයට පත් කරන ලද මන්ත‍්‍රිවරයාගේ දියණියක් ඉගෙනුම ලබන්නේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ 10 වසරේ ය. එම විදුහලේ විනය හා ශිෂ්‍ය නායිකාවන් භාර ගුරුවරිය වන 38 හැවිරිදි එක් දරු මවක් වන ප‍්‍රියානි හේරත් මහත්මිය මෙම සිසුවියට පවසා ඇත්තේ පාසල් නිල ඇදුම කොට බැවින් එය දනහිස දක්වා දිගට අදින ලෙසයි. මෙම සිද්ධිය සිසුවිය විසින් සිය පියා වන මන්ත‍්‍රිවරයාට පවසා ඇතැයි කියති. ඒ අනුව ඊයේ (14) දහවල් පාසලට පැමිණි මන්ත‍්‍රිවරයා පාසගේ ගුරුවර ගුරුවරියන් සහ ශිෂ්‍යාවන් ඉදිරිපිට දී ගුරුවරියට බැනවැදී ඇය දනගස්වා තිබේ.

පොලිස් ලොක්කන්ගේ ෆයිල් අදින්න මෙහෙයුමක්

පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු සහ ඔවුන්ගේ අදාළ වෙනත් ලියකියවිලි හදිසි පරීක්‍ෂාවකට ලක් කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙහි මූලික අදියර යටතේ පොලිස් අධිකාරිවරුන්ගේ සිට ඉහළ තනතුරු දරන නිලධාරීන්ට අදාළ ලිපිගොනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ පරීක්‍ෂාවකට භාජන කිරීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කප්පම් සහ මිනී මැරුම් චෝදනා එල්ල වීමත් සමඟ පොලිසියේ තවත් ඉහළ නිලධාරීන් පිරිසකගේ දූෂණ - අක්‍රමිකතා සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට තොරතුරු රැසක් ලැබී තිබේ.එම විශේෂ විමර්ශන ඒකක ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ ඉහළ පොලිස් නිලධාරීන් පහළ තනතුරුවල සිටියදී සම්බන්ධකම් පැවැත්වූ පාතාල නායකයන් සහ විවිධ නීති විරෝධී ව්‍යාපාරවල යෙදෙන ජාවාරම්කරුවන් සමඟ තවදුරටත් සම්බන්ධකම් පවත්වන බව හෙළිදරව් වී තිබේ.

කාටවත් බය වෙන ජාතියේ ගෑනියෙක් නෙමෙයි මම - Geetha Kumarasinghe

"චණ්ඩි නෑ, ඒත් නයාට වඩා හැපින්න සැරයි"
ජනප්‍රිය නිළි ගීතයි, දේශපාලනයේ ඉන්න ගීතයි වෙනස්ද?
දෙවිදියකින් ජනතාවට සමීපයි. 

සිනමාවේ යුග බිහි කළ නිළියන් අතරේ ඔයත් එක් කෙනෙක්?
ඔව්. විජය, සනත් යුග බොහොම ජනප්‍රිය වුණා.

ඒ අතරෙන් හොඳම ප්‍රේමවන්තයා වුණේ කවුද?
විජය

ඇයි ඒ?
විජයත් එක්ක ගැළපීම වෙන්නැති.විජයගේ ආකර්ෂණයත් බලපාන්නැති.ඔයාට හැම දෙයක්ම ඉහටත් උඩින්

තියෙද්දී ඇයි දේශපාලනයට ආවේ?
හැමදේම ලබපු මට හිතුණා අවංකවම ජනතාවට වැඩ කරන්න.

Gossip Lanka Hot News Previous News Archive