![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQz9oLjSKt7qi9eYe-3dQW9eofcgMcUsibrHZwf01mV6a2uws9HBi4IHKCDwL7I0OVy20T9QzaRaXZUY_aY-bfPU_qnzooop7_pn5shyphenhyphenyVNc6dv4xhvO_4tbarMBEYuuRWjOTlfhKD1u4/s400/1nilangasenanayake008gossiplanka.lk.jpg)
මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී ජුනි 13 සිට 16 දක්වා පැවැති මෙම තරගාවලියේ දී ඇය හොඳම නිරූපිකා කිරුළ ද ලබා ඇත. නිලංගා සේනානායක නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මේ තරගයට ආසියානු රටවල් 30ක තරගකාරියන් එක්ව සිට ඇත. තිස් දෙහැවිරිදි නිලංගා වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. එසේම ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසද නමක් දිනාගත් තරුණියකි.
ඇය මේ තරගාවලියේ බෙස්ට් මොඩ්ල් ලුක් අනු අංශයෙන් ද ජයග‍්‍රහණය කිරීමට සමත් වූවාය. ඉකුත් වසරේදී එම කිරුළ දිනා ගැනීමට ශ‍්‍රීමාලී ෆොන්සේකා සමත් වූ අතර ඇය මෙවර තරගාවලියේදී විනිශ්චකාරියක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.