තවත් මන්ත්‍රී පුතෙක්‌ විදුහල්පතිට පහර දෙයි

අනුරාධපුර නිවන්තකෙච්තිය මහා විද්‍යාලයේ විදුහල්පති සෝමසුන්දර කටුගම්පල මහතාට ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිහින්තලේ ප්‍රදේශීය සභාවේ නිදහස්‌ සන්ධාන මන්ත්‍රි අනිල් පුෂ්පානන්ද මහතාගේ පුත්‍රයා විසින් විදුහල් භූමියේදීම පහර දී තිබේ.

එම විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු වන මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෙවර අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයකු වන අතර ඊයේ (18 දා) පෙරවරු 10.30 පමණ මෙම පහර දීම සිදුවූ බව විදුහලේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.ලබන අගෝස්‌තු මාසයේ විභාගයට පෙනී සිටීමට නියමිත මන්ත්‍රි පුත්‍රයා පසුගිය දිනවල පාසලට නොපැමිණ සිට ඊයේ (18 වැනිදා) තවත් මිතුරන් තිදෙනකුද සමගින් පාසල් ශිෂ්‍යයකුට නොගැලපෙන සේ කොණ්‌ඩය සහ රැවුල වවාගෙන අවේලාවේ පාසලට ඇතුළු වී ඇත.

එසේ පැමිණි මන්ත්‍රී පුත්‍රයා ඇතුළු මිතුරන් පාසලේ අනෙකුත් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වන ලෙස වෙනත් සිසුන්ට විවිධ අඩත්තේට්‌ටම් කරමින් පාසල තුළ එහේ මෙහේ ඇවිදිමින් පාසල් විනය කඩවන සේ හැසිරී තිබේ.මේ අවස්‌ථාවේ මන්ත්‍රි පුත්‍රයා සහ මිතුරන් සිටි ස්‌ථානයට ගිය විදුහලේ විදුහල්පතිවරයා විදුහලට ඇතුළු වී විනය විරෝධී ලෙස හා අනෙකුත් ශිෂ්‍යයන්ගේ ඉගෙනුමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ මන්දැයි විමසා එසේ හිතුවක්‌කාරී ලෙස කටුයුතු නොකොට නිවසට ගොස්‌ ඉදිරියේදී මුහුණ දෙන විභාගයට සූදානම් වන ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.

බත්තරමුල්ලේ සිට මහනුවරට ලබන මාසයේ සිට ගුවන් ගමන්

Cessna 208 amphibians යානයක් භාවිත කරමින් දේශීය ගුවන් ගමන් සිදුකිරීමට සූදානම් වන සිනමන් එයාර් ගුවන් සමාගම මෙම මාසය අවසානයේදී ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවේ.

මේ අනුව සමාගම පවසා තිබෙන්නේ කොග්ගල හා දික්වැල්ල දක්වා ගුවන් ගමන් කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති දඬුගම ඔයේ සිට ක්‍රියාත්මක කරන බවයි. ජූලි මාසයේ සිට ගුවන් සමාගම බත්තරමුල්ල වෝටර්ස් එජ් ජලාශයේ සිට මහනුවර දක්වා දෛනික ගුවන් ගමන් සිදුකිරීමට සැලැසුම් කර ඇත. මීට අමතරව සීගිරිය, මඩකළපුව හා ත්‍රිකුණාමලයට පියාසර කිරීමට ද සමාගම අදහස් කර තිබේ.

සිනමන් එයාර්හි මෙහෙයුම් කටයුතු Saffron Aviation (pvt) Ltd සමාගම විසින් සිදුකරන ලබනු අතර එය ජෝන් කීල්ස් MMBL Leisure Holdings සහ Phoenix Ventures යන සමාගම් අතර පවතින ඒකාබද්ධ ව්‍යාපාරයකි.

ලන්ඩනයේදී විරෝධය පෑ කොටි හිත වාදින්ට ගුටි - LTTE supporters protest at Oval Ground

"ලන්ඩනයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පෑ කොටි හිත වාදින්ට සිංහල ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය "
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පෙරේදා (17දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ එක්දින තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ඝෝෂණයක නිරත වූ දෙමළ තරුණ තරුණියන් පිරිසකට සිංහල ක්‍රිකට් ලෝලීන් විසින් පහරදීමක් සිදුකර තිබේ.
මේ විරෝධතාව පැවැත්වෙන විට ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ‍ෙදාරටුව අවට පොලිස් නිලධාරීන් රැසක් සේවයේ යෙදී සිට තිබේ. පොලිස් නිලධාරීන් ආරක්ෂක කටයුතුවල නිරත වුවත් උද්ඝෝෂණයේ නිරත වූවන් එල්ටීටීඊ ධජ රැගෙන ශ්‍රී ලංකාවට විරුද්ධ අත් පත්‍රිකා බෙදා දී ඇති අතර තරගය නරඹා පිටතට පැමිණෙමින් සිටි සිංහල පිරිස් මොවුන්ට බෝතල්, ගල්වලින් හා අතින් පයින් පහර දීම නිසා උද්ඝෝෂකයන් කීප දෙනකු තුවාල ලැබූ බව අන්තර්ජාතික දෙමළ මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවට විරුද්ධ මේ උද්ඝෝෂණය සඳහා ළමයින් ඇතුළු දෙමළ ක්‍රියාකාරීන් 50-60 ක් පමණ සහභාගිී වී ඇත. පොලිසියේ අවසරය සහිතව මේ විරෝධතාව පැවැත්වෙද්දී තරගය නැරැඹීමට පැමිණි සිංහල තරුණ පිරිස් විරෝධතාකරුවන් මැදට කඩා වැදී ඔවුන් අත තිබූ විරෝධතා පුවරු පැහැර ගැනීමට උත්සාහ දරා තිබේ. දෙමළ විරෝධතාකරුවන් ඊළාම් දේශය දැක්වෙන ටී ෂර්ට් ඇඳ පසුගිය දින කීපය තිස්සේම මේ විරෝධතා ව්‍යාපාරයේ නිරත වී තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කාමුක පියාගේ හිස වෙන්කල දියණිය

තමන්ව දුෂණය කල තම පියාගේ හිස කදින් වෙන්කල දියණියක සහ ඇයව පොලිස් අත්අඩංගුවට පත් නොකර ආරක්ෂා කර ගන්නා අසල්වැසියන් පිරිසක් ගැන පැපුවා නිව් ගිනියාවෙන් වාර්තා වේ.

තම බිරිද සහ අනෙකුත් දරුවන් නිවසේ නොමැති අවස්ථාවක තම 18 හැවිරිදි දියණියව රාති‍්‍රය පුරා දුෂණය කල කාමතුර පියාගේ අතවර ඉවසාගත නොහැකිවූ දියණිය විසින් පිහියකින් කොටා ඔහුගේ හිස කදින් වෙන්කර ඇත.

සිදුවීම සැලවීමෙන් පසු එක් රැස් වූ අසල්වැසියන් විසින් තරුණිය පොලිස් අත්අඩංගුවට පත්වීම වැලැක්විමට ඇය වටා ආරක්ෂක රැකවල් යොදා ඇයව රැකබලා ගැනීමට කටයුතු යොදා ඇත.දුෂණයට ලක්වූ තරුණිය ආරක්ෂා කරන අසල්වැසියන් පවසන්නේ කාමතුර පියාට එවැනි මරණයක් හිමිවිය යුතු බවත් ඔහුගේ මරණයේ අවසාන කටයුතු කිරීම සදහාවත් කිසිදු ප‍්‍රදේශවාසියෙකු ඉදිරිපත් නොවන බවත්ය.පැපුවා නිව් ගිනියාව තුළ ස්තී‍්‍ර දුෂණ සහ කුඩා ලමුන් ගනිකා වෘත්තිය සදහා යොදා ගැනීම සීග‍්‍රලෙස ඉහළයාම හේතුවෙන් එරට රජය විසින් එවැනි වැරදි සදහා මරණ දඩුවම ලබාදිමට මැතකදී තීරණය කරන ලදි.

විවාහක ආසියානු රූ රැජන ශ්‍රී ලංකාවෙන් - Mrs Asia International 2013


විවාහක ආසියානු රූ රැජන 2013 තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලංගා සේනානායක විවාහක ආසියානු ජාත්‍යන්තර රූ රැජන කිරුළ දිනා ඇත. මේ කිරුළ ශ‍්‍රී ලංකාව විසින් පිට පිටම දිනාගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී ජුනි 13 සිට 16 දක්වා පැවැති මෙම තරගාවලියේ දී ඇය හොඳම නිරූපිකා කිරුළ ද ලබා ඇත. නිලංගා සේනානායක නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

මේ තරගයට ආසියානු රටවල් 30ක තරගකාරියන් එක්ව සිට ඇත. තිස් දෙහැවිරිදි නිලංගා වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. එසේම ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසද නමක් දිනාගත් තරුණියකි.

ඇය මේ තරගාවලියේ බෙස්ට් මොඩ්ල් ලුක් අනු අංශයෙන් ද ජයග‍්‍රහණය කිරීමට සමත් වූවාය. ඉකුත් වසරේදී එම කිරුළ දිනා ගැනීමට ශ‍්‍රීමාලී ෆොන්සේකා සමත් වූ අතර ඇය මෙවර තරගාවලියේදී විනිශ්චකාරියක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.

පස්වන මහලින් පැන්න, සරසවි සිසුවිය මරුට

මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට ගොස් අසාධ්‍යව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ ඊගෙනුම ලැබූ සිසුවිය අද(18)අලුයම කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ, ඇයගේ මොළය අභ්‍යන්තරයේ දරුණු ලෙස ලේ ගැලීමක් සිදුව ඇති බව ය.ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ සැත්කම් දෙකක් සිදුකළ බව ද ඔහු සඳහන් කළේ ය.එලෙස ජීවිතක්ෂය පත්වූයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගනුම ලබමින් සිටි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ශිෂ්‍යාවකි.මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයෙන් සහ සිසුන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් ක‍රගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

අධ්‍යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් ඈ දිවි නසා ගන්නට ගොස් තිබූ බව විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කීය.ඇය මේ වසරේ මැයි මස කොළඹ සරසවියට ඇතුළත් වී තිබුණි.

බාලවයස්කාර දැරියට අසල්වැසි පියකුගෙන් දරු ගැබක්

අකුරැස්ස, කිලිට්ටුව වතුයායක සේවය සඳහා පේළි නිවෙසක පදිංචිව සිටින ද්‍රවිඩ පවුලක වයස අවුරුදු 15ක් පමණ වන බාලවයස්කාර දැරියක් කෙලෙසා ඇතැයි කියන පුද්ගලයකු පෙරේදා (16දා) සවස අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූ සැකකරුද එම වතුයායේම සේවය කරනු ලබන දැරියගේ නිවෙසට යාබද නිවෙසක පදිංචිව සිටින අවුරුදු 39ක් පමණ වයසැති සිවුදරු පියකු බව පොලිසිය කියයි.

දැරියගේ පියා විසින් අකුරැස්ස පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මේ වන විට දෙමස් ගැබිනියක බවද පැවැසේ.මෙම දැරියගේ මව පියාව හැරදා වෙනත් පුද්ගලයකු සමඟ පැන ගොස් බැවින් පියා මෙම වැඩිමහල් දැරිය ඇතුළු දරුවන් පස්දෙනා සමඟ නිවෙසෙහි පදිංචිව සිටින බව අනාවරණය වී ඇත.
වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා දැරියව රෝහල්ගත කර ඇති අතර සැකකරු ඊයේ (17දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට - Sri Lanka beat Australia to reach semi-finals

මහේල ජයවර්ධනගේ තාක්ෂණයෙන් පොහොසත් සුපිරි පිතිහරඹය මත ශ්‍රී ලංකාව ඊයේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 20කින් පරාජය කරමින් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ශ්‍රී ලංකාව ලබන 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට මුහුණ දෙයි. පළමු අවසන් පූර්ව ගැටුම හෙට (19) එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු 254ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කැන්ගරුවෝ ඕවර 42.3කදී ලකුණු 233කට දැවී ගියහ.‘තරගයේ වීරයා’ බවට පත්වූ මහේල ජයවර්ධන ලකුණු 84ක ප්‍රබල පිතිකරණයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 253ක් කරා ගෙන යාමෙන් පසුව නුවන් කුලසේකර ලකුණු 42කට කඩුලු 3ක් ලබා ගත්තේය. දඟ පන්දු යවන රංගන හේරත් ලකුණු 48කට කඩුලු 2ක් ලබා ගත්තේය.කුලසේකර ඊයේ තරගයේ ඔහුගේ දෙවැනි පන්දුවෙන්ම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වටිනා ම කඩුල්ල වන ෂේන් වොට්සන් ලකුණු 5කට දවාලීමට සමත් විය. මේ බියකරු පිතිකරුවාට මුහුණ දීමට හැකිවූයේ පන්දු 7කට පමණි. වොට්සන්, ඔහුගේ මෙන්ම ඔස්ට්‍රේලියානු ඉනිමේද පළමු පන්දුවට (ශමින්ද එරංග ගේ) හතරේ පහරක් එල්ල කළේය. ඊළඟ ඕවරයේදී කුලසේකරගේ පන්දුව වොට්සන්ගේ පිත්ත පරදවමින් කඩුල්ලේ වැදුනු විට ශ්‍රී ලාංකික නරඹන්නන්ගෙන් නැගුනු ජය ඝෝෂාවෙන් ඕවල් ක්‍රීඩාංගණය දෙදරන්නට විය.

Gossip Lanka Hot News Previous News Archive