ජය ඉන්දියාවටයි - India beat Sri Lanka to reach final

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කාඩිෆ්හිදී ඊයේ(20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 182 ක ඉලක්කයක් හරහා හඹාගිය ඉන්දීය පිල පන්දුවාර 35 කදී කඩුලූ 2 ක් පමණක් දැවී එය සම්පූර්ණ කිරීමට සමත් විය.අවසන් මහ තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර ලබන 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.තරගයේ වීරයා ලෙස ලකුණු 33කට කඩුලු 03ක් බිදහෙලූ ඉෂාන්ත් ශර්මා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉන්දීය පිල වෙනුවෙන් ශීකර් දාවන් (68) සහ විරාට් කෝලි (නොදැවී) 58 අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 181 ක් රැස් කළේය.මහේල ජයවර්ධන (38) සහ ඇන්ජලෝ මැතිව්ස් (51) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංක පිලට ශක්තිය එක් කළද එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවීය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 89 කදී හතරේ සහ හයේ පහර බැගින් ඇතුළත් කරමින් ලකුණු 51 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

කොටි හිතවාදියෝ පිටියට පනිති - Tigers on Cardiff grounds!

ඊයේ කාඩිෆ්හි පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය ආරම්භ වීමට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසිදෙනකු පමණ පිටියෙන් පිටත රැඳී සිටියද, පසුව 200ක් පමණ දෙනා තැනින් තැන ගැවසෙමින් විරෝධතා දක්වා ඇති අතර, විවේක කාලයේදී ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලාංකිකයන් සිටින තැන්වලට ගොස් "උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද" යනුවෙන් විමසා තර්ජනය කළ හෙයින්, ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ.

මෙම තරගය පැවැත්වීමට මොහොතකට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදී දමිළ ජාතිකයන් 20 දෙනකු පමණ ක්‍රීඩාංගණය අසල අත්පත්‍රිකා බෙදමින්, බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිණි. ඒ අසල පොලිස් නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් රාජකාරියෙහි යෙදී සිටි අතර, පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් එම විරෝධතා වීඩියෝ ගත කරන ලදී.

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දිනයේදී තරගයෙන් පසුව එවන් විරෝධතාවක යෙදුණ පිරිසක් හා ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් අතර ගැටුමක් සිදු වූ අතර, ඊට එකට එක කිරීමක් ලෙසින් ඊයේ දිනයේ විරෝධතාව ප්‍රබල එකක් ලෙස සංවිධානය කිරීමට ඔවුන් උත්සාහ කොට තිබුණද එයද අසාර්ථක වී තිබූ බව පැමිණ සිටි සුළු පිරිසෙන් පෙනුණි.

මාලිංග පරදමින් කුලේ ක‍්‍රිකට් ලෝකයේ ඉදිරියටම එයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ලෝක එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේදී ශී‍්‍ර ලංකාවේ නුවන් කුලසේකරට 10වැනි ස්ථානය හිමිව ඇති අතර එය එක්දින පන්දු යවන්නෙක් ලෙස ශ‍්‍රී ලංකා පන්දු යවන්නෙක් ස්ථානගතවී ඇති ඉහලම ස්ථානයයි.

මෙතෙක් එම දර්ශකයේ ඉහලින් සිටි ලසිත් මාලිංගට මෙවර හිමිව ඇත්තේ 11 වන තැනයි.සේම 20-20 පන්දු යවන්නන් අතර මෙන්ඩිස් 03 වන තැනත්, කුලසේකර හය වන තැනත් දිනා ගනිද්දී ලසිත් මාලිංග එම ලයිස්තුවේ 14 වන ස්ථානය දක්වා ඇද වැටී තිබේ.

මේ අතර ටෙස්ට් පිතිකරුවන් අතර කුමාර සංගක්කාර සිවුවන තැනත්, ටෙස්ට් පන්දු යවන්නන් අතර රංගන හේරත් තුන්වන තැනත්, එක්දින පිතිකරුවන් අතර සංගක්කාර 6වන තැන සහ දිල්ෂාන් 07 වන තැනත්, එක්දින තුන් ඉරියවු ක‍්‍රීඩයන් අතර මැතිවුස් 05 වන තැන සහ දිල්ෂාන් 06 වන තැනත්, 20-20 පිතිකරුවන් අතර මහේල ජයවර්ධන සිවුවන තැනටත් පත්ව තිබේ.

දෙරණේ දිල්කා සමන්මලීට මරණ තර්ජන - Derana 360 Dilka Samanmalee

දෙරණ 360 සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට පසුගිය දින කිහිපයේ දුරකතන ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇති බවත් වාර්තාවේ.

මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සමග එම වැඩසටහන් මෙහෙයවීමේදී, ඇය උන්වහන්සේ අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බවට එම නාදුනන දුරකථන ඇමතුම් වලින් චෝදනා කර ඇතැයි පැවසේ.ඥානසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන දැඩි විරෝධයක් එල්ල කරමින් භික්‍ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වන්නන් බවද පැවසු අවස්ථාවේදී, ඊට බාධා කල දිල්කා මහත්මිය අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය.

බලපත‍්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වූ එම නඩු වාර්තාව ගැන ඇය ඥානසාර හිමියන්ගෙන් දැඩිව ප‍්‍රශ්ණ කලේය.කෙසේවුවද, ඥානසාර හිමියන් මෙන්ම, දෙරණ ආයතනයේ හිමිකාර දිලිත් ජයවීර මහතා ද ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතුන් වීම විශේෂ සිද්ධියකි.

දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තු ආ හැටි (Video)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඊයේ(19) පාර්ලිමෙන්තුවට පැමිණියේය.

ඔහු පාර්ලිමේන්තුවට ආවේ වසර එකහමාරකට පමණ පසුවය. 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදි වෙඩි ප්‍රහාරයකට ලක් වී අසනීප තත්ත්වයෙන් මෙරට හා විදේශ රෝහල්වල ප්‍රතිකාර ගැනිම නිසා එම කාලයේ ඔහු පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා ගෙන තිබුණි.ඔහුට මාස තුනෙන් තුනට පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත විය.

 සුදු පැහැති අත්දිග කමිසයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසි සිටි ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂයට අයත් කොටසේ පසුපස ඇති ආණ්ඩු පක්ෂයේ ආසනයක අසුන් ගත්තේය. වරින් වර ඔහු අසලට පැමිණි මන්ත්‍රීවරු ඔහු සමඟ සුහදව කතාබහ කරනුද දක්නට ලැබිණ.

ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගයේදී ලාංකිකයන්ට පහර දෙන්න කොටි සූදානමක්

ඉකුත් සඳුදා (17දා) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ශ්‍රී ලංකාවට විරුද්ධව දෙමළ ජාතිකයන් පැවැත්වූ උද්ඝෝෂණයට කළ පහරදීමට විරුද්ධව බ්‍රිතාන්‍ය දෙමළ සංවිධාන රාශියක් අද (20දා) කාඩිෆ්හිදී උද්ඝෝෂණයකට සූදානම් වේ.

කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර චැම්පියන් කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිත අතර මේ විරෝධතාව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වීමට දෙමළ සංවිධාන සැලැසුම් කර තිබේ. මේ වන විටත් සිංහල ජාතිකයන් විසින් දෙමළ උද්ඝෝෂණයට සඳුදා කළ පහරදීමට එරෙහිව විශාල විරෝධතාවක් හා කෝපයක් බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ජාතිකයන් කෙරෙහි වර්ධනය වෙමින් පවතින බව දෙමළ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

දෙමළ ජාතිකයන් සිදුකළ විරෝධතාවට කළ මේ පහරදීම හෙළා දකිමින් බ්‍රිතාන්‍ය ිශ්වවිද්‍යාල දෙමළ ශිෂ්‍ය සංගම් 21ක් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එමඟින් ඔවුන් බ්‍රිතාන්‍ය දෙමළ වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අද (20දා) කාඩිෆ්හිදී පැවැත්වෙන විරෝධතාවට දහස් ගණනින් එක්වන ලෙසයි.

නුවරඑළියේ බස් රථ අනතුරකින් සිව්දෙනෙක්‌ මරුට

අධ්‍යාපන චාරිකාවට මරුවා එක්වෙයි - 87දෙනකුට තුවාල
බදුල්ලේ සිට අධ්‍යාපන චාරිකාවක පැමිණි බස්‌ රථයක්‌ නුවරඑළිය, සීතාඑළිය පොල්ගහ වංගුව ප්‍රදේශයේදී ඊයේ (19 දා) සවස 3.15 ට පමණ අඩි 200 ක ප්‍රපාතයකට පෙරළී යැමෙන් වැඩිහිටි පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් 87 දෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ අය අතර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් ද කීපදෙනකු වන බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයින් තිදෙනා අවුරුදු 40 ත්. 45 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ වර්ෂාවක්‌ ඇදහැලෙමින් තිබූ බව ද පොලිසිය කියයි.අනතුර සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන්, පොලිසිය හා යුද හමුදාව මහත් පරිශ්‍රමයක්‌ දරා තුවාලකරුවන් සියලුදෙනා රෝහල කරා පිටත්කර යෑවීමට කටයුතු කර තිබිණි.රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතළ බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා  පැවැසීය.

සිංහල රාවය පා ගමනේදී ගවමස් කඩයක් ගිනි තබලා - Sihala Ravaya march , Video

සිංහල රාවය ජාකි සංවිධානය විසින් කතරගම කිරිවෙහෙරේ සිට කොළඹ අරලියගහ මන්දරය දක්වා ගමන් කරන පා ගමන තංගල්ල ප‍්‍රදේශයේ මස් කඩයක දොරවල් ඇර එහි තිබූ ඩෙස් බංකු, මේස පුටු, පත්තර තරාදිය ඇතුළු සියලූ දේවල් එළියට දමා ගිනි තබා විනාශ කර ඇතැයි පොලීසිය පවසයි.

තංගල්ල පොදු වෙළෙදපොළෙහි කාමරයක පවත්වාගෙන ගිය ගව මස් කඩය ගිනි ගෙන ගින්න දුර දිග පැතිර ගොස් විනාශයක් වීමට ඉඩ නොදී තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පිරිසක් වහාම එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමූ බවද පොලීසිය සඳහන් කරයි.ගව මස් අලෙවිසල තංගල්ල නගර සභාවේ බලපත්‍රයක් යටතේ පවත්වාගෙන යනු ලැබුවකි.

සිංහල රාවය' සංවිධානය කතරගම කිරිවෙහෙර අබියසින් පසුගිය සෙනසුරාදා (15) ආරම්භ කළ 'අධිෂ්ඨාන පා ගමන' ඊයේ තංගල්ල නගරයට පැමිණියේය.එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු හිමිවරුන් විසිපස් නමක් කිරිවෙහෙර අභියස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමෙන් පසුව ගිහි පැවිදි රැසකගේ සහභාගීත්වයෙන් එම පාගමන ආරම්භවිය.

Gossip Lanka Hot News Previous News Archive