ශූරයන්ගෙත් ශූරයන් සොයන අවසන් චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියේ මහ ගැටුqම හෙට (23 දා) ඉන්දියාව සහ සත්කාරක එංගලන්තය අතර බර්මින්හැම්හිදී පැවැත්වේ. දිවා තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.
හත්වැනි වරටත් ජාත්‍යන්තර ක්රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලිය මෙවර පවත්වනුයේ අවසන් වරට වන අතර එහි ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්‌ද අනුශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක්‌ද පිරිනැමේ.
එංගලන්තය චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි දෙවැනි අවස්‌ථාව මෙය වන අතර මීට පෙර 2004 දී අවසන් මහා තරගයට පැමිණියද එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම හමුවේ අනුශූරයන් බවට පත්විය. ඉන්දියාව අදාළ තරගාවලියේ අවසන් මහ ගැටුමට පිවිසි දෙවැනි අවස්‌ථාව මෙය වන අතර මීට පෙර 2002 දී ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගයේදී වර්ෂාව හේතුවෙන් සම ශූරයන් බවට පත්විය.