"දික්වැල්ල පොලීසියේ 17කට ස්ථාන මාරුවීම්"
දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ පන්සලක පොසොන් පෙරහරට සූදානම් වෙමින් සිටි පිරිසකට දික්වැල්ල පොලිසියේ නිලධාරීන් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මාතර-කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දික්වැල්ල පොලිසියට විරෝධය පළ කර ඊයේ (23දා)උද්ඝෝෂණයක නිරත වූහ.
දික්වැල්ල ප්‍රාදේශීය සභාව අසලදී එය නැවැත්වීමට ප්‍රා. සභාපති ත්‍රිෂාල් මුතුකුමාරණ මහතා උත්සාහ කළද එය අසාර්ථක විය. පසුව ඉදිරියට ඇදුණු පෙළපාළිය දික්වැල්ල-බෙලිඅත්ත මංසන්ධිය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත විය. ටයර් පිලිස්සීම හා වෙනත් ද්‍රව්‍ය යොදාගෙන ප්‍රධාන පාර අවහිර කරමින් පුලුස්සන්නට වූහ.
එම ස්ථානයට පැමිණි මාතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජේයෂ්ඨ පොලිස් නිලධාරීන්, දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 17 දෙනකු මාරු කරන බවට හා වැරැදි කර ඇත්නම් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර යෑමට තීරණය කළහ. තුවාල ලැබූ හා සිද්ධියට අදාළ ගම්වාසීන්ගේ ප්‍රකාශ ප්‍රා. සභා කාර්යාලයේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.දේශබන්දු තෙන්නකෝන් මහතා (ජේය.පො. අධිකාරි-මාතර) ප්‍රකාශ කෙළේ ලද පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට ගම්වාසීන් පහර දුන් බව දික්වැල්ල පොලිසිය පවසන බවයි. ඊයේ (23දා) පැවැත්වීමට ඇති මිහිඳු පෙරහරට සහභාගි වීමට පැමිණි කාවාඩි කණ්ඩායමක නළා දෙකක්, පොලිසිය රැගෙන ගිය බව ගම්වාසීන් පවසන බවත්, පොලිසිය එය ප්‍රතික්‍ෂේප කරන බවත් ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය.