සීඅයිඩිය නාවික හමුදා සහායෙන් ගොඩ ගනී
නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතා යටතේ සිටි පොලිස් නිලධාරීන් කණ්‌ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් භාවිත කළ ජංගම දුරකථනයේ කොටස් ඛෙත්තාරාම කුණු ඇළේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 වැනිදා) සොයාගන්නා ලදී.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක් ඊයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහායෙන් සොයාගත් දුරකථනයේ කොටස්‌වල පරීක්‍ෂණවලට අදාළ දත්ත සොයාගත හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීමෙන් පසු සියාම්ගේ මිතුරා වන ෆවුස්‌ඩීන් නමැත්තා ඔහුගේ ගෝලයකුට සියාම්ගේ දුරකථනය දී එය විනාශ කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව එම ගෝලයා විසින් දුරකථනය කෑලි තුනකට කඩා ශාන්ත සෙබස්‌තියන් ඇළට (කුණු ඇළට) දැමූ බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම සිදුකරන ලදී.
ජංගම දුරකථන කොටස් සොයාගැනීම සඳහා නාවික හමුදා නිලධාරීන් දෙදෙනා පැය පහක පමණ කිමිදුම් මෙහෙයුමක නිරත වූහ.