භික්ෂු රියදුරු බලපත් 'බුදුන් වහන්සේත් අනුමත කරාවි'

බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.

භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව බීබීසී සංදේශයට පැවසූහ.එබැවින් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව අහෝසි කළ යුතු බවයි, අධිකරණයට යොමු කළ පෙත්සමකින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.ථෙරවාදී බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති.

"බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල," එහිමියෝ පැවසූහ.මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය

බැන්දට පස්සේ මහත් වෙයි වගේ - Lochana Imashi

ඇය කටකාරයි. ඒ වගේම ආකර්ෂණීයයි. මේ දිනවල පුංචි තිරයෙන් ඇය ඔබේ ආලින්දයට එනවා. ඇය ලෝචනා ඉමාෂි.අප ලෝචනා සමඟ එකතු වුණේ ලස්සන ගැන කතා කරන්න...

• ලෝචනා මේ දවස්වල ගොඩක් ලස්සන වෙලා නේද?
ඔව්. වෙනසක් තියෙනවා. හැමෝම කියනවා මම ලස්සන වෙලා කියලා. මම අඳින විදියේ වෙනසක් කළා.

• ඒ කියන්නේ විලාසිතා වෙනස් කළාද?
ඔව්. ඉස්සර මං විලාසිතා ගැන රූපය ගැන ඒතරම් හිතුවේ නැහැ. දැන් එහෙම නෙවෙයි විලාසිතා ගොඩක් ආසාවෙන් කරනවා.

• විලාසිතා කරන්න ඇයි මෙච්චර පරක්කු වුණේ?
මම ඉස්සර ගොඩක් චාම් ඇඳුම් ඇන්දේ. කොහේ ගියත් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇන්දේ. දැන් එහෙම නැහැ. විලාසිතා ගැන ගොඩක් හිතනවා. පිටරට විලාසිතා බලනවා. අලුතින් එන ඩෙනිම් ගැන ලොකු අවධානයකින් ඉන්නේ.

පොලිසියට එරෙහිව කුපිත වූ දික්වැල්ලේ ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරති

"දික්වැල්ල පොලීසියේ 17කට ස්ථාන මාරුවීම්"
දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ පන්සලක පොසොන් පෙරහරට සූදානම් වෙමින් සිටි පිරිසකට දික්වැල්ල පොලිසියේ නිලධාරීන් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මාතර-කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දික්වැල්ල පොලිසියට විරෝධය පළ කර ඊයේ (23දා)උද්ඝෝෂණයක නිරත වූහ.

දික්වැල්ල ප්‍රාදේශීය සභාව අසලදී එය නැවැත්වීමට ප්‍රා. සභාපති ත්‍රිෂාල් මුතුකුමාරණ මහතා උත්සාහ කළද එය අසාර්ථක විය. පසුව ඉදිරියට ඇදුණු පෙළපාළිය දික්වැල්ල-බෙලිඅත්ත මංසන්ධිය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත විය. ටයර් පිලිස්සීම හා වෙනත් ද්‍රව්‍ය යොදාගෙන ප්‍රධාන පාර අවහිර කරමින් පුලුස්සන්නට වූහ.

එම ස්ථානයට පැමිණි මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්, දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 17 දෙනකු මාරු කරන බවට හා වැරැදි කර ඇත්නම් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර යෑමට තීරණය කළහ. තුවාල ලැබූ හා සිද්ධියට අදාළ ගම්වාසීන්ගේ ප්‍රකාශ ප්‍රා. සභා කාර්යාලයේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.දේශබන්දු තෙන්නකෝන් මහතා (ජේ‍ය.පො. අධිකාරි-මාතර) ප්‍රකාශ කෙළේ ලද පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට ගම්වාසීන් පහර දුන් බව දික්වැල්ල පොලිසිය පවසන බවයි. ඊයේ (23දා) පැවැත්වීමට ඇති මිහිඳු පෙරහරට සහභාගි වීමට පැමිණි කාවාඩි කණ්ඩායමක නළා දෙකක්, පොලිසිය රැගෙන ගිය බව ගම්වාසීන් පවසන බවත්, පොලිසිය එය ප්‍රතික්‍ෂේප කරන බවත් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය.

ලොව හොඳම නළුවා ජගත් චමිල සම්මානය රැගෙන සිය රට එයි

"රටපුරා මහත් හරසර හා පිළිගැනීම්"
අමෙරිකාවේ පැවැති නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය ලබා ජගත් චමිල සෙනසුරාදා (22) දිවයිනට පැමිණියේය.

ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ මන්ද මානසික තරුණයකුගේ චරිතය රඟපෑම වෙනුවෙන් මේ සම්මානය ඔහුට හිමිවිය.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව සභාපති අශෝක සේරසිංහ, ආචාර්ය තිස්ස ගුණවර්ධන කලාකරුවෝ හා ඔහුගේ මව බිරිඳ හා දරු තිදෙනා ඇතුළුව විශාල පිරිසක් ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

ජගත් චමිල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් රංගන ශිල්පියකු ලෙස අභිෂේක කළ ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා ජගත් චමිලව හැඟුම්බරව ගුවන්තොටුපළේ දී පිළිගත් අයුරු ඡායාරූපයේ වේ.

ඝාතනයට ලක්‌ වූ ව්‍යාපාරිකයාගේ දුරකතන කොටස් කුණු ඇලෙන් මතුවේ

සීඅයිඩිය නාවික හමුදා සහායෙන් ගොඩ ගනී
නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා යටතේ සිටි පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් භාවිත කළ ජංගම දුරකථනයේ කොටස්‌ ඛෙත්තාරාම කුණු ඇළේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 වැනිදා) සොයාගන්නා ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහායෙන් සොයාගත් දුරකථනයේ කොටස්‌වල පරීක්‍ෂණවලට අදාළ දත්ත සොයාගත හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීමෙන් පසු සියාම්ගේ මිතුරා වන ෆවුස්‌ඩීන් නමැත්තා ඔහුගේ ගෝලයකුට සියාම්ගේ දුරකථනය දී එය විනාශ කරන ලෙස උපදෙස්‌ දී ඇත. ඒ අනුව එම ගෝලයා විසින් දුරකථනය කෑලි තුනකට කඩා ශාන්ත සෙබස්‌තියන් ඇළට (කුණු ඇළට) දැමූ බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම සිදුකරන ලදී.

ජංගම දුරකථන කොටස්‌ සොයාගැනීම සඳහා නාවික හමුදා නිලධාරීන් දෙදෙනා පැය පහක පමණ කිමිදුම් මෙහෙයුමක නිරත වූහ.

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානය

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙන බව රජය අවධාරණය කරයි.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවද යම් අවදානම් තත්ත්වයක් පැන නඟින්නේ නම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට කොටි හිතවාදීන්ගෙන් විවිධ තරජන පවතින අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයට, එරට පොලීසිය ඇතුළු බලධාරීන් වෙත මේ වනවිටත් දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.මෙලෙස කිසියම් ගැටලුවක් පවතින්නේ නම්, ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් වහාම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන රොඩ්නි පෙරේරා මහතා එවැනි දැනුම්දීමක් කරන්නේ නම් කිසිඳු පැකිළීමකින් තොරව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය නිරන්තර සූදානමින් සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්දියාවට චැම්පියන්ස් ක්‍රිකට් කුසලානය - India beat England to win ICC Champions Trophy 2013

ඉන්දියාව ඔවුන්ගේ සුපිරි පන්දු ප්‍රහාරයෙන් එංගලන්තය ලකුණු පහකින් පරදවමින් චැම්පියන්ස් කුසලානය ඊයේ දිනා ගත්තේය. ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 124කට දැවී ගියේය. පිට දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 15කට කඩුලු 2ක් ලබා ගත් අතර රවින්ද්‍ර ජඩේජා හා ඉෂාන්ට් ෂර්මා ද කඩුලු 2 බැගින් ලබා ගත්හ.

වර්ෂාවෙන් දිගින් දිගටම බාධා පැමිණීම හේතුවෙන් බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පිලකට ඕවර 20 බැගින් සීමා වූ අතර කඩුලු 7කට ලකුණු 129ක ඉන්දියා ඉනිම හඹා ගිය එංගලන්තයට අවසානයේ ලබා ගත හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 124ක් පමණි.

එංගලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 3දී බිඳ වැටිනි. දෙවැනි ඕවරයේදී නායක ඇලස්ටෙයාර් කුක් ලකුණු 2කට දවාලීමට උමේෂ් යාදව් සමත් විය. ‘ස්ලිප්’හි සිට අපූරුවට උඩ පන්දුව රැක ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් ය. කුක් මුහුණ දුන්නේ පන්දු 9කට පමණි. මුළු ලකුණු 46දී ඉන්දියාවට සිවුවැනි කඩුල්ල ලබා දුන්නේද කඩුලු රකින දෝනි ය.

'දණ ගහපන් දුවගෙන් සමාව ගනින්' කියල කිව්වා

කුණුහරුප කියාගෙන, පළාතම දෙවනත් කරගෙන යකෙක් වගේ තමයි මන්ත්‍රිතුමා එතෙන්ට ආවේ
 
නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්‌සවා තැබීම පසුගිය දිනවල මේ රටේ වඩාත් අවධානය දිනාගත් පුවත විය. මේ එම ගුරුතුමිය තමන් මුහුණදුන් අප්‍රසන්න සිදුවීම අප හමුවේ හෙළි කළ අයුරුය.
මේ සිදුවීමට හේතුව මොකක්ද?

මේක වුණේ පහුගිය සතියේ සිකුරාදා. එදා පාසලේ ළමයින්ව ගේට්ටුවෙන් ඇතුළට ගන්න කොට පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය සියලුම ළමයින්ගේ නිල ඇඳුම් පරීක්ෂා කළා. මම ඒ ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධානියා නිසා මමත් එතැන හිටියා.එදා ගවුම කොටට ඇඳගෙන ආපු ගෑනු ළමයි අපි බලලා ඒ අයගේ ගවුමේ වාටිය ටිකක් දුරට ලිහුවා. ගවුම් වාටිය ලෙහපු කට්ටිය අතරේ මන්ත්‍රිතුමාගේ දුවත් ඉඳලා තියෙනවා. හැබැයි මම ඒක දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සේ ඒ අයව අපි පන්තිවලට යැව්වා.

පාසල ඇරුණට පස්සේ පිටවීම අස්සන් කරලා පන්තියේ මම වාඩිවෙලා ඉන්නකොට මන්ත්‍රිතුමාගේ නෝනා උදේ වාටිය ලිහපු ගවුමත් අරගෙන ස්කෝලෙට ඇවිත් සැරට මට බැන්නා. සමහරවිට මන්ත්‍රිතුමාගේ දුව උදේ වුණු දේ ගිහින් කියන්න ඇති. පස්සේ මම කිව්වා මේ දේ විදුහල්පතිතුමාට ගිහින් කියන්න කියලා. ඒත් කිව්වේ නැහැ. එහෙම්මම මන්ත්‍රිතුමාගෙ නෝනා යන්න ගියා. මම ටික වෙලාවකට පස්සේ වුණ දේ අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට දැනුම් දුන්නා.

Gossip Lanka Hot News Previous News Archive