"මම ගමේ අහිංසක මිනිහෙක්"
" ජීවිතේ කවදාවත් රා බීපු මිදුලක වතුර ටිකක් බීලා නෑ"
ඇත්තටම මොකක්ද මන්ත්‍රිතුමා එදා සිද්ධ වුණේ...?
මේ කියන ඒවා පට්ටපල් බොරු. ඔය ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළුව ඔක්කොටම මම ඒක රූපවාහිනියට එන්න කියලා ඔප්පු කරලා පෙන්නනවා.
ඔබතුමා කියන්නෙ මේ චෝදනා බොරු කියලා. මේකට පදනම වැටුණෙ කොහොමද...?
මෙහෙමයි, මීට සති දෙකකට කලින් ඔය විද්‍යාලයේ විදුහල්පතිතුමාටයි, නියෝජ්‍ය විදුහල්පතිතුමාටයි මගේ ගෙදරට එන්න කිව්වා. මම ඒගොල්ලන්ට කිව්වා, මේ විද්‍යාලයේ දිගින් දිගටම අධ්‍යාපනයයි, විනයයි, පරිපාලනයයි පිරිහෙනවා. මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනෑ කියලා. ඒගොල්ලෝ අහගෙන ඉඳලා ගියා.
ඊට කලින් මට ඔය චෝදනා කරන ටීචරුයි තව ටීචර් කෙනකුයි ගහගන්නවා. එක ටීචර් කෙනෙක් මෙතැනදී කියලා තියෙනවා තමුසෙව මරලා මම එල්ලුම්ගස් යනවා කියලා.
මේ කතාව ඔබේ පැත්තට හැරුණෙ කොහොමද...?
මේ ටීචර් එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නෑ. උසස් පෙළ ඉගෙන ගන්න මගෙ දරුවාට පවා මේ ටීචර් උගන්නලා තියෙනවා. අපේ දරුවා මේ ටීචර්ට මාර ආදරෙයි. මේ ටීචර් ගවුමෙ වාටිය ලිහන්නෙ මගෙ අනෙක් දරුවගෙ. එයා ඉන්නෙ හත වසරෙ. ඒවා මාධ්‍යවල කියන්නෙ නෑ. මේ මට කරපු අසාධාරණය ගැන කියලා වැඩක් නෑ.ආ... තව කතාවක් තියෙනවා. වෙසක් එකට නවය වසරෙ ඉන්න දරුවෙක් එක්ක මගේ දරුවා වෙසක් කූඩු හැදුවා. ඒ කූඩු හදලා දවස් තුන හතරක් යනකොට මේ දරුවා සෙම හිරවෙලා අවාසනාවන්ත විදියට මැරුණා.