ජීවිත පූජාවන් දෙකක් දෙස නැවත හැරී බැලීමක්

(ක්වන්ග් ඩක් හිමියන්ගේ ජීවිත පූජාවට පනස් වසරක් සපිරීම නිමිත්තෙනි)

කිසිදු මානසික ව්යාමකූලත්වයකින් තොරව, ඉතා හොඳ සිහිබුද්ධියෙන් යුතුව, කල්පනා කර බලා වේදනාත්මක තීරණ දෙකක් ගත් උදාරතර භික්ෂූන් වහන්සේ දෙපළක් පිළිබඳව ස්මරණය කිරීම මෙම ලිපියේ අරමුණයි.

 උන්වහන්සේලා දෙනමම සිය ජීවිතය පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් පූජා කරන්නට යෙදුණි. සත්වයෙකුට ලැබිය හැකි වේදනාත්මකම මරණයට නොබියව මුහුණ දීමට උන්වහන්සේලා දැඩිව තීරණය කර තිබුණි. ඒ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජාවක නියැලීමයි. වියට්නාම් ජාතික “තිච් ක්වන්ග් ඩක්“ හිමිපාණෝ (1963දී) සහ බෝවත්තේ ඉන්දරතන හිමිපාණෝ (2013දී) එම වීර යතිවරයාණන් වහන්සේලා දෙනමයි. ක්වන්ග් ඩක් හිමිපාණන්ගේ ජීවිත පරිත්යාීගයට පසුගිය ජූනි 11දාට පනස් වසරක් සපිරිණි. පනස් වසර සපුරන්නට මාසයක් තිබියදී එවැනිම වූ ජීවිත පූජාවක් කිසිවෙකුත් නොසිතූ මොහොතක ලංකාවේදී සිදුවිය. මේ උන්වහන්සේලා දෙනමගේ ජීවිත පූජාවන් දෙස නැවත හැරී බැලීමකි.

එක්දහස් නවසිය හැට ගණන් යනු වියට්නාමයේ යුද සමයයි. ඇමරිකාව විසින් වියට්නාමය ආක්රහමණය කෙරෙමින් තිබිණි. මෙම ආක්රකමණ නිසා වියට්නාමයේ සාමාන්යම වැසියන් විඳි දුක් ගැහැට අපමණය. ඇමරිකන් හමුදාව අති අමානුෂික අයුරින් වියට්නාම් වැසියන්ට සලකන්නට විය. ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන සිදුවිය. ගම්බිම් පිටින් සමූල ඝාතනය කෙරිනි.

මම බුදු වෙන්න ඕනෑය කියලා අම්මා කෙනෙක් කීවා - Bandula Gunawardane

"එක අම්මා කෙනෙක් මට කීවා මම උසස් පෙළට තාක්‍ෂණ විෂයය එකතු කිරීම නිසා බුදු වෙන්න ඕනේ කියලා. තවත් අම්මා කෙනෙක් කීවා මා නිවන් දැකිය යුතු බව. ඒ නිසා මේ ක්‍රියාව නිසා ඇමැතිවරයකු වෙලත් මට බුදු වෙලා නිවන් දකින පින පහළ වුණා. තාක්‍ෂණ විෂයය උසස් පෙළට ඉගැන්වීමට දැන් කැබිනට් පත්‍රිකා සම්මත වී හමාරයි. 2020දී අපට එහි ප්‍රතිඵල බලාගන්න පුළුවන්. උසස් පෙළට අනුව ළමයින්ගේ ඇගයීම් ගෙදර ගිහින් ගුරුවරු කරගෙන එනවා. මේකෙන් ළමුන්ට අස්වීමේ සහතිකයත් සමඟ NVQ සහතිකයකුත් ලැබෙනවා."

"දැනුම කේන්ද්‍රීය සංවර්ධන ඉලක්කය තුළ ළමුන් සියයට 65ක් සාමාන්‍ය පෙළ සමත් වෙනවා. අනෙක් 35% බෙල්ල නැති මනුස්ස ජීවිත. ගණිතය අසමත් නිසා විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ හිස ගසා දමලා." අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ අ.පො.ස. උසස් පෙළට තාක්‍ෂණ විෂයය හඳුන්වා දීමේ උත්සවයට සහභාගි වෙමිනි.

"මෙතැන ඉන්න ගේ‍ර්රු මහත්තයත්, මමත් ඉපදුණේම උගන්වන්න. උගුරට ලේ රහ එනතුරු මේස් බැනියම ඇඟට ඇලෙනතුරු යෞවනයේ පොපියන චමත්කාරයත්, භද්‍ර යෞවනයත් අපි ඉගැන්වීම වෙනුවෙන් කැප කළා. වෘත්තීය පුහුණුව සහ පාසල අතර පාලමක් නැහැ. ඒ නිසා උසස් පෙළට තාක්‍ෂණ විෂයය ඇතුළත් කිරීමට යෝජනා කෙළේ ඩලස් ඇමැතිතුමායි.

තංගල්ලේ මිනීමැරුමට මහා බ්‍රිතාන්‍ය කනස්සල්ලෙන්

තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියෙන් වසර එකහමාරකට පසුවත් ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ නොවීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සිය දැඩි කනස්සල්ල පළකර තිබේ.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ තම රටවැසියාට සාධාරණය ඉටු කිරීම සඳහා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා තුරු දිගින් දිගටම තමන් මේ පිළිබඳ අවධානය යොමු කරන බවයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

තංගල්ලේදී නිවාඩුවක් ගත කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරාදමා ඔහුගේ පෙම්වතිය වික්ටෝරියාට පහර දීමේ සිද්ධියට වසර 1 1/2ක් ගතවී ඇත. එහෙත් මේ පිළිබඳ නඩු විභාගයක් තවම ආරම්භ නොවීම නිසා බ්‍රිතාන්‍ය රජය ඉමහත් කනස්සල්ලට පත්ව සිටී. අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාට සාධාරණය ඉටුවන තුරු බි්‍රතාන්‍ය රජය මේ ගැන අවධානයෙන් සිටිනු ඇත. මේ ගැන සාධාරණය ඉටු කිරීමෙන් මියගිය කුරාම් ෂෙයික්ගේ පවුලේ උදවියට මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම වසරකම සංචාරය කරන්නට බලාපොරොත්තු වන බිබ්‍රිතාන්‍ය සංචාරකයන්ටද ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.

පාතාල නායක STF නඳුන් මෙරටට ගෙන්වා ගන්න යයි

මෙරට සිදුවූ කොන්ත්‍රාත් මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට ශ්‍රී ලංකා ‍පොලීසියට අවශ්‍යව සිටින ඉතාලියේදී මේ වන විටත් ‍පොලිස් අත්අඩංගුවේ පසුවන දේව ප්‍රදීප් නඳුන් ධර්ම වික්‍රම නොහොත් කොස්ගොඩ එස්.ටී.එෆ්. නඳුන්ව නඩු කටයුතු සඳහා මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක්ව කලක් සේවය කළ ඔහු එල්.ටී.ටී.ඊ. ය සතු ගිනිඅවි පාතාලයට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූවෙකි. ඒ 1998 වසරේ ජුලි 16 වෙනිදා ‍පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.එතැන් සිට කොළඹ පාතාලයේ කල්ලි නායකයන් සමග සමීපව කටයුතු කළ ඔහු එම කල්ලිවල සහයෝගයෙන් දකුණේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන ගොන්නක්ම කර තිබිණි.

කොස්ගොඩ හෑගල්‍ලේ පදිංචිකරුවෙක් වන නඳුන් පාතාලා කටයුතුවල නිරත වූයේ දේශපාලන රැකවරණයද ලබමිනි. දකුණේ සිදුවූ මිනිස් ඝාතන 20කට පමණ වගකිව යුතු නඳුන්ට එරෙහිව 2000 වසරේ පෙබරවාරි 03 වෙනිදා එකල මන්ත්‍රීවරයෙක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවද එල්ල වී තිබේ. එහිදී ඝාතනයට ලක්වූවන් අතර ‍පොලිස් කොස්තාපල්වරයෙක්ද, යුද හමුදා නිලධාරියෙක්ද විය.හික්කඩුවේ එකල නගරාධිපති ගාමිණී පින්නදූව ඝාතනය, අහුංගල්ල රන් මැණිකා හෝටලයේ අධ්‍යක්ෂ ජීවක ඝාතනය, බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සාක්ෂිකරුවන් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම ඔහු විසින් කළ ඝාතනවලින් කිහිපයකි.

විනය භාර ගුරුවරිය දණ ගැස්සූ වයඹ හිටපු මන්ත්‍රි හිරේ සිට කතා කරයි

  "මම ගමේ අහිංසක මිනිහෙක්"
  " ජීවිතේ කවදාවත් රා බීපු මිදුලක වතුර ටිකක් බීලා නෑ"

ඇත්තටම මොකක්ද මන්ත්‍රිතුමා එදා සිද්ධ වුණේ...?
මේ කියන ඒවා පට්ටපල් බොරු. ඔය ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළුව ඔක්කොටම මම ඒක රූපවාහිනියට එන්න කියලා ඔප්පු කරලා පෙන්නනවා.

ඔබතුමා කියන්නෙ මේ චෝදනා බොරු කියලා. මේකට පදනම වැටුණෙ කොහොමද...?
මෙහෙමයි, මීට සති දෙකකට කලින් ඔය විද්‍යාලයේ විදුහල්පතිතුමාටයි, නියෝජ්‍ය විදුහල්පතිතුමාටයි මගේ ගෙදරට එන්න කිව්වා. මම ඒගොල්ලන්ට කිව්වා, මේ විද්‍යාලයේ දිගින් දිගටම අධ්‍යාපනයයි, විනයයි, පරිපාලනයයි පිරිහෙනවා. මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනෑ කියලා. ඒගොල්ලෝ අහගෙන ඉඳලා ගියා.
ඊට කලින් මට ඔය චෝදනා කරන ටීචරුයි තව ටීචර් කෙනකුයි ගහගන්නවා. එක ටීචර් කෙනෙක් මෙතැනදී කියලා තියෙනවා තමුසෙව මරලා මම එල්ලුම්ගස් යනවා කියලා.


මේ කතාව ඔබේ පැත්තට හැරුණෙ කොහොමද...?
මේ ටීචර් එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නෑ. උසස් පෙළ ඉගෙන ගන්න මගෙ දරුවාට පවා මේ ටීචර් උගන්නලා තියෙනවා. අපේ දරුවා මේ ටීචර්ට මාර ආදරෙයි. මේ ටීචර් ගවුමෙ වාටිය ලිහන්නෙ මගෙ අනෙක් දරුවගෙ. එයා ඉන්නෙ හත වසරෙ. ඒවා මාධ්‍යවල කියන්නෙ නෑ. මේ මට කරපු අසාධාරණය ගැන කියලා වැඩක් නෑ.ආ... තව කතාවක් තියෙනවා. වෙසක් එකට නවය වසරෙ ඉන්න දරුවෙක් එක්ක මගේ දරුවා වෙසක් කූඩු හැදුවා. ඒ කූඩු හදලා දවස් තුන හතරක් යනකොට මේ දරුවා සෙම හිරවෙලා අවාසනාවන්ත විදියට මැරුණා.

භික්ෂු රියදුරු බලපත් 'බුදුන් වහන්සේත් අනුමත කරාවි'

බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.

භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව බීබීසී සංදේශයට පැවසූහ.එබැවින් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව අහෝසි කළ යුතු බවයි, අධිකරණයට යොමු කළ පෙත්සමකින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.ථෙරවාදී බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති.

"බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල," එහිමියෝ පැවසූහ.මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය

බැන්දට පස්සේ මහත් වෙයි වගේ - Lochana Imashi

ඇය කටකාරයි. ඒ වගේම ආකර්ෂණීයයි. මේ දිනවල පුංචි තිරයෙන් ඇය ඔබේ ආලින්දයට එනවා. ඇය ලෝචනා ඉමාෂි.අප ලෝචනා සමඟ එකතු වුණේ ලස්සන ගැන කතා කරන්න...

• ලෝචනා මේ දවස්වල ගොඩක් ලස්සන වෙලා නේද?
ඔව්. වෙනසක් තියෙනවා. හැමෝම කියනවා මම ලස්සන වෙලා කියලා. මම අඳින විදියේ වෙනසක් කළා.

• ඒ කියන්නේ විලාසිතා වෙනස් කළාද?
ඔව්. ඉස්සර මං විලාසිතා ගැන රූපය ගැන ඒතරම් හිතුවේ නැහැ. දැන් එහෙම නෙවෙයි විලාසිතා ගොඩක් ආසාවෙන් කරනවා.

• විලාසිතා කරන්න ඇයි මෙච්චර පරක්කු වුණේ?
මම ඉස්සර ගොඩක් චාම් ඇඳුම් ඇන්දේ. කොහේ ගියත් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇන්දේ. දැන් එහෙම නැහැ. විලාසිතා ගැන ගොඩක් හිතනවා. පිටරට විලාසිතා බලනවා. අලුතින් එන ඩෙනිම් ගැන ලොකු අවධානයකින් ඉන්නේ.

පොලිසියට එරෙහිව කුපිත වූ දික්වැල්ලේ ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරති

"දික්වැල්ල පොලීසියේ 17කට ස්ථාන මාරුවීම්"
දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ පන්සලක පොසොන් පෙරහරට සූදානම් වෙමින් සිටි පිරිසකට දික්වැල්ල පොලිසියේ නිලධාරීන් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මාතර-කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දික්වැල්ල පොලිසියට විරෝධය පළ කර ඊයේ (23දා)උද්ඝෝෂණයක නිරත වූහ.

දික්වැල්ල ප්‍රාදේශීය සභාව අසලදී එය නැවැත්වීමට ප්‍රා. සභාපති ත්‍රිෂාල් මුතුකුමාරණ මහතා උත්සාහ කළද එය අසාර්ථක විය. පසුව ඉදිරියට ඇදුණු පෙළපාළිය දික්වැල්ල-බෙලිඅත්ත මංසන්ධිය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත විය. ටයර් පිලිස්සීම හා වෙනත් ද්‍රව්‍ය යොදාගෙන ප්‍රධාන පාර අවහිර කරමින් පුලුස්සන්නට වූහ.

එම ස්ථානයට පැමිණි මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්, දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 17 දෙනකු මාරු කරන බවට හා වැරැදි කර ඇත්නම් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර යෑමට තීරණය කළහ. තුවාල ලැබූ හා සිද්ධියට අදාළ ගම්වාසීන්ගේ ප්‍රකාශ ප්‍රා. සභා කාර්යාලයේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.දේශබන්දු තෙන්නකෝන් මහතා (ජේ‍ය.පො. අධිකාරි-මාතර) ප්‍රකාශ කෙළේ ලද පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට ගම්වාසීන් පහර දුන් බව දික්වැල්ල පොලිසිය පවසන බවයි. ඊයේ (23දා) පැවැත්වීමට ඇති මිහිඳු පෙරහරට සහභාගි වීමට පැමිණි කාවාඩි කණ්ඩායමක නළා දෙකක්, පොලිසිය රැගෙන ගිය බව ගම්වාසීන් පවසන බවත්, පොලිසිය එය ප්‍රතික්‍ෂේප කරන බවත් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive