තමා මුහුණ පෑ සිද්ධිය සමබන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේ යැයි විශ්වාසයක් තිබුණද ඒ සම්බන්ධයෙන් තර්ජනාත්මක සිදුවීම් නැවත සිදු නොවේවි යැයි සිතිය නොහැකි බව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයා විසින් දණගැස්වීමට ලක්වූ ප‍්‍රියානි සුසිලා හේරත් ගුරු මහත්මිය කුරුණෑගල පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළාය.
කුරුණෑගල වික‍්‍රමසිංහ රදගුරු ශ‍්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැති අතර සුසිලා හේරත් ගුරු මහත්මිය ඇය මුහුණ පෑ සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. එම සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පවත්වන ලදි.සිදුවූ දේ පිළිබඳව තමා තවම දැඩි කම්පනයකින් සිටින බවද එම හේතුව මත නවගත්තේගම විදුහල වෙනුවට තම සැමියා සේවය කරන මහඋස්සාව විදුහලට ස්ථාන මාරුවක් ලබා ගත්තද අයහපත් මානසිකත්වය මත නව විදුහලේ රාජකාරී කටයුතු තමන් භාර නොගත් බවද පැවසුවාය.