චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් ගෙන් සමන්විත එක්දින කණ්ඩායමේ නායකත්වය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව තිබේ.ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ, කුමාර සංගක්කාර පමණි.එංගලන්තය හා වෙල්සයේ පැවති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ සඳහා තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෝ 5 දෙනෙකු ද ඇතුළත් වෙති.තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 222ක රැස් කළ කුමාර් සංගක්කාර කණ්ඩායමට තෝරා ඇත්තේ, අංක තුනේ ක්‍රීඩකයා ලෙසිනි.තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වන ශිකර් ධාවන්, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා හා බුවනේශ් කුමාර් සෙසු ක්‍රීඩකයෝ වෙති.
අනුශූරතාව හිමි වූ එංගලන්තයෙන් තෝරා ගෙන ඇත්තේ, ජොනතන් රොට්,ජෙම්ස් ඇන්ඩර්සන් හා ජෝ රූටි යන ක්‍රීඩකයින් තිදෙනා ය.මීට අමතරව පාකිස්ථානයේ මිශ්මා උල්හක්, දකුණු අප්‍රිකාවේ රයාන් මැකලරන් හා නවසීලන්තයේ මිචෙල් මැක්ලෙනගන් සෙසු ක්‍රීඩකයෝ ලෙස කණ්ඩායමට එක්ව සිටිති.