ගව ඝාතනය නැවැත්වීමේ නීති 'මාස දෙකකින්'

සිංහල රාවයේ ඉල්ලීම් පහක් ජනාධිපතිතුමාට

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ ගව ඝාතනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් පහක් ඇතුළත් අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙනි.

එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ  පැවසූහ.දකුණේ සිට පා ගමනින් පැමිණෙන අතරවාරයේ තංගල්ල ප්‍රදේශයේ රජයේ අවසර ලත් ගව මස් අලෙවි හලකට ප්‍රහාරයක් එල්ල කළ බවට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ එහිමියෝ එම සිදුවීම හෙලා දකින බවද සංදේශයට කියා සිටියේය.

දැරිය කෙළෙසා දෑවැදිත් ඉල්ලලා

බාලවයස්කාර දැරිවියක් මව්පියන්ට හොර රහසේ පැහැර ගෙන ගොස් ඇය සමග මාස 09 ක කාලයක් අඹු - සැමියන් ලෙස ගත කර පසුව දෑවැද්ද ඉල්ලමින් ඇයට පහර දෙන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක්වය. පැහැර ගැනීමට ලක්වී ඇති දැරිවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින සැකකර දැරිවියව ඇයගේ මව්පියන්ගේ බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.මාසයක පමණ කාලයක් සැකකරුගේ පියා පදිංචිව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක දෙදෙනා ජීවත්වී ඇති අතර ඉන් පසුව තවත් මාස 02 ක කාලයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඥතියෙකුගේ නිවසේ ගත කර ඇත.පසුව දෙදෙනාම වෙන්නප්පුව - කොලින්ජාඩියේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට පැමිණ ඇත.

මෙම කාල සීමාව තුළ සැකකර දැරිවිය සමග අඹු - සැමියන් ලෙසද ජීවත්වී ඇත.ඒ අතර තුර සැකකරු සහ ඔහුගේ මව නිරන්තර දැරිවියට පහර දෙමින් දෑවැද්ද විමසා ඇත.තමන් පත්ව සිටින තත්ත්වයෙන් මිදීමට නොහැකි තැන ඇය මේ බව වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත.සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

"කට වහගෙන යනවා යන්න" මාලිංග යළිත් කට වරද්දා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ටද යළි තර්ජනය කරයි. පසුගියදා එංගලන්තයේදී ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දෙමළ ජනයා පිළිබද ඔබ කුමක් සිතන්නේද යනුවෙන් ප්‍රශ්ණයක් අසා තිබේ.

ඔහුගේ තර්ජනාත්මක පිළිතුරු වූයේ Shut up and go ( කටවහගෙන යනවා යන්න ) යන්නයි. ටැමිල් ගාඩියන් ජනමාධ්‍යවේදියා නැවත ඇසුවේ ඔබට උතු​රේ දෙමළ ජනයා සම්බන්ධයෙන් කිසිවක් කීමට ඇද්දය යන්නයි. නැවත ඔහුගේ තර්ජනය වූයේ Shut up and go යන්නයි.

තමන්ට අදහසක් ප්‍රකාශ නොකර සිටීමේ අයිතිය ඇති නමුත් කිසිවෙකුට කටවහගෙන යනවා යනුවෙන් මාධ්‍යයට තර්ජන කිරීමේ අයිතියක් මාලිංගට නොමැති බව ජාත්‍යන්තර මාධ්‍යය පෙන්වා දෙයි.පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්තරාත්තු අත්සන් කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ලසිත් මාලිංග සිංහල මාධ්‍යවෙත පිළිතුරු ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරවේ ජනමාධ්‍ය දැඩි ප්‍රහාරයක් ඔහුවෙත එල්ල කර තිබුන අතර ඔහුට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයතනයේ විනය පරීක්ෂණයකට පවා මුහුණ දෙන්නට සිදුවිය.

මියගිය සැමියාගේ දේහය භාර ගැනීම බිරියන් තිදෙනාම ප්‍රතික්ෂේප කරලා !

රජයේ වියදමින් අවමංගල්‍යය සිදු කරයි

නීත්‍යානුකූල විවාහක බිරිය සිටියදී ඇයට හොරෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ පවුල් ජීවිත ගත කළ පුද්ගලයකු හදිසි අනතුරකින් මියයෑමෙන් පසු ඔහුගේ මෘත ශරීරය අවසන් කටයුතු සඳහා භාර ගැනීමට බිරියන් තිදෙනාම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් කොළඹ මහ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.එහිදී වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේ ය.

ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන මේ පුද්ගලයාගේ වයස අවුරුදු පනස් තුනකි. මොහු වැඩිපුරම වැඩභාරගෙන කටයුතු කළේ ගම්පහ ගාල්ල හා කොළඹ යන ප්‍රදේශවලය. මේ ස්ථාන තුනේම ඔහුට බිරියන් තිදෙනකු සිටියහ. ගම්පහ බිරියට දූ දරුවන් පස්දෙනකු ද ගාල්ල බිරියට සිව්දෙනෙකු හා කොළඹ බිරියට දෙදෙනකු ද වූහ. කොළඹ පදිංචි බිරිය සමඟ සිටියදී හදිසි අනතුරකින් මොහු කොළඹ ජාතික මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණ දිනයේදී බිරියන් තිදෙනාම උසාවිය හමුවට කැඳවනු ලැබූහ.ගම්පහ පදිංචි බිරිය මේ මරණ පරීක්ෂණයේ දී පළමුව සාක්කි දෙමින් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන සැමියා සමඟ විසි අවුරුද්දකට ඉහතදී නීත්‍යානුකූලව විවාහ වූ අතර ඔහු තමාට හොරෙන් තවත් කාන්තාවන් දෙදෙනකු සමඟ යුගදිවි ගත කළ බව අදවනතුරු නොදන්නා බව කීවාය.

මේනක සමග විවාහ වු පසු රගපෑමෙන් ඉවත්වෙනවා - නෙහාරා පීරිස්

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ මෙවර හැර සිවුවසරක් ජනපි‍්‍රයම නිළිය සම්මානය දිනාගත් නෙහාරා පීරිස්, ජනප්‍රිය කළු මේනක රාජපක්ෂ සමග විවාහ වීමෙන් පසුව නිළිකමින් ඈත්වීමට සූදානම් වන බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. නෙහාරා නිළිකමින් ඈත්වී පෙර පාසලක් ආරම්භ කිරීමට යන බවත් පැවසේ. කෙසේවුවද ඇය නිවේදන කටයුතු අත්නොහැර සිදු කිරීමටද තිරණය කර ඇති බවත්, මේදිනවල පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරණ බවත් වාර්තා වේ. 
 නෙහාරා හා මේනක මීට පෙර විවාහ වී සිටි අතර එම විවාහ අස්සේ දෙදෙනා අතර පැවැති හාදකම නිසා එම විවාහ දෙදෙරා ගියේය. මේනක විවාහ වී සිටියේ විරංගි නැමැති කැලණිය ප‍්‍රදේශයේ තරුණියක් සමගය. ඔවුන් දික්කසාද වන විට දියණියක්ද සිටි අතර මේවන විට එම දියණිය පෙර පාසල් වයසේ පසුවේ. මේනක, විරංගිගෙන් දික්කසාද වීමට ඇයට වන්දියක්ද ලබා දුන්නේය. 
 කෙසේවුවද මේනක හා විරංගි විවාහවූයේ තෙවසරක පේ‍‍්‍රම සම්බන්ධයකින් පසුව බවත් පැවසේ. නෙහාරා විවාහවී සිටියේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟය. ඔවුන්ට දරුවන් නොසිටියහ.

කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය - Female Genital Mutilation (FGM)

ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ පුංචිම පුංචි ගම්මානයක ජීවත්වුණු හසනාත් ෆවුසි තමන්ගේ දහතුන් හැවිරිදි දුවත් සමඟ හදිසියේම වාගේ අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ පෞද්ගලික සායනයට ගොඩවැදුනාය. හසනාත් ෆවුසිට දොස්තර මහත්තයා හමුවී කතා කරගන්නට වැදගත් සහ බරපතළ දෙයක් තිබිණි.

වැදගත් වූත්, බරපතළ වූත්, ඒ මදිවාට අතිශයින්ම තීරණාත්මක වූත්, එකී කාරණය වූ කලී සිය දහතුන් හැවිරිදි සුහයිර් අල් බටා දුවණියගේ ජනනේ්න්ද්‍රිය විච්ඡේදනය කිරීමේ කටයුත්ත නොහොත් සම්ප්‍රදායික සුන්නත් කරන කාර්යයයි.ගමේ ගොඩේ කාගේ කාගේත් පවුල්වල නිතර දෙව්ලෙහි ඇතිවන මේ වගේ වුවමනා ඉටුකරදෙන ගැහැනුන් නොකැඳවා හසනාත් දිස්පැන්සරියකටම ආවේ වැඩි ආරක්ෂාව බලාගෙන ය. එක් පැත්තකින් දුවට අනතුරක් නොවී පහසුවෙන් හා වේදනාවකින් තොරව වැඩය කරවා ගන්නට පුළුවන් වන්නේ මේ වාගේ පෞද්ගලික දිස්පැන්සරියක් තුළදී ම.

දුවව නිර්වින්දනය කර විච්ඡේදන කටයුත්ත ශල්‍යකර්මයක් විදියට සලකා කරන්නේ දොස්තර මහතුන්ම පමණක් නිසා අම්මා එහෙම හිතුවාය. ගමේ ගොඩේ ගැහැනුන්ට අණක් ගුණක් නැත. ඒ නිසා නිර්වින්දනය කිරීමක් ගැන තබා තමන් ගෙන එන බඩු බාහිරාදියේ පිරිසුදුකම ගැනවත් ඔවුහු නොසිතති.අනෙක් පැත්තෙන් රටේ ලෝකයේ තියෙන නීතිය ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතු බව හසනාත් දැන සිටියාය. ඊජිප්තුව කාන්තා සුන්නත්කරණය තහනම් කළේ 2008 වසරේදීය.

ප්‍රයිවෙට්‌ බස්‌ මාරයාට බිලි වූ සිඟිති දරු දෙදෙනා අවසන් ගමන් යති

බස්‌ එක ඇඟට එනවා දැකලා දරු දෙන්නා එක්‌ක කාණුවට බැස්‌සා මට මතක එච්චරයි - අළුගොල්ලේ අනතුරට මුහුණ දුන් මව කියයි

පුතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බලන්න ආසාවෙන් හිටියේ. හැමදාම කියනවා බලන්න යමුකෝ කියලා. ඒ නිසා මම කීවා ඉරිදා යමු කියලා. එදා පෝය කියලවත් මට මතකයක්‌ තිබුණේ නෑ. මම චූටි දුවත් ලෑස්‌ති කරගෙන ලොකු පුතාත් එක්‌ක රඹුක්‌කන චිත්‍රපටය පෙන්වන හෝල් එකට ගියා. එතැන හිටිය කෙනෙක්‌ කීවා අද පෝය නිසා හෙට එන්න කියලා. ඒ නිසා මම පුතාට කීවා අපි දළුග්ගලේ පන්සලටත් ගිහිල්ලා බතඹුරේ මහ ගෙදර යමු කියලා. එහෙම යනකොට කෑගල්ල පැත්තේ ඉඳලා අපේ ඇඟටම බස්‌ එකක්‌ එනවා මම දැක්‌කා. මම දරු දෙන්නා එක්‌ක කාණුවට බැස්‌සා. මට මතක එච්චරයි. සිහිය එනකොට මම හිටියේ රඹුක්‌කන රෝහලේ යෑයි ඉකුත් පොසොන් පොහොය දින රඹුක්‌කන දළුග්ගලදී දරු දෙදෙනකු මරුමුවට පත් කරමින් සිදු වු මාරක අනතුරට මුහුණදුන් එම දරුවන්ගේ මව වන ඩබ්ලිව්. සිරිමා ස්‌වර්ණලතා (38) මහත්මිය පැවසුවාය.

මෙම අනතුරින් මරණයට පත්වූයේ රඹුක්‌කන හේවාදිවෙල අළුගොල්ලේ පදිංචිව සිටි ඒ. සසංක මිහිරංග (අවු( 11) සහ ඒ. මල්ෂා නෙතුමිණි (අවු( 2) යන දරු දෙදෙනාය.මෙම අනතුරට මුහුණ දුන් ස්‌වර්ණලතා මහත්මිය හේවාදිවෙල අළුගොල්ල සමුපකාර ප්‍රාදේශිකය භාරව සේවය කරමින් සිටි අතර ඇයගේ ස්‌වාමි පුරුෂයා වන ඒ. සුසන්ත කිත්සිරි යුධ හමුදා සේවයේ යෙදී සිට වෛද්‍ය හේතූන් මත සේවයෙන් ඉවත්ව සිටින අයෙකි.

ගුරුවරියක් ගඟට පැන නසී -Teacher jumps into river in Nawalapitiya

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක නාවලපිටිය බවුවාගම පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇත.මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ජනපදයේ පදිංචිව සිටි ඉෂාන්ති වෑවලගෙදර නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

නාවලපිටිය බවුවාගම පාලම උඩ තිබූ සෙරෙප්පු දෙකක්‌, කුඩයක්‌ හා අත්බෑගයක්‌ දැක ඇති ත්‍රිරෝද රථ රියෑදුරකු ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.එම පරීක්‍ෂණවලට අනුව ඇය මහවැලි ග‍ඟට පැන්න තැන සිට කිලෝමීටර් එකහමාරක්‌ පමණ දුරින් වූ දොරවාදෙණිය ප්‍රදේශයේ අකුලක රැඳී තිබී මෙම ගුරුවරියගේ සිරුර සොයාගෙන තිබිණි.

මෙම ගුරුවරිය ඊයේ (25 දා) උදැසන ඉඹුල්පිටිය මාර්ගය ඔස්‌සේ පැමිණෙන අයුරු දැක ඇති ලොරි රථ රියෑදුරකු ඒ බව නාවලපිටිය පොලිසියට දන්වා තිබිණි.ඇය සිය දිවි හානිකර ගැනීමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබූ අතර ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් තිබිණි.පරීක්‍ෂණ කටයුතු සඳහා ගොඩගත් සිරුර නාවලපිටිය රෝහල වෙත රැගෙන යැමට පියවර ගෙන තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive