අන්තර්ජාලය හරහා පොලීසිය ඒකාබද්ධ වෙයි

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සියලුම පොලිස්‌ ස්‌ථාන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල, පොලිස්‌ මූලස්‌ථානය සහ පොලිස්‌පති කාර්යාලය අන්තර්ජාලය ඔස්‌සේ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක්‌ පොලිස්‌ පරිගණක තාක්‍ෂණ අංශය විසින් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙළ මේ වන විට 50% කින් අවසන් කර ඇති බව පොලිස්‌ පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මෙම නව වැඩපිළිවෙළ අනුව පරිගණක තාක්‍ෂණය ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පොලිස්‌ ස්‌ථාන 433 මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල සහ පොලිස්‌ මූලස්‌ථානය ඒකාබද්ධ වනු ඇත.ඒ අනුව පොලිස්‌ මූලස්‌ථානය නිකුත් කරන සියලුම නිවේදන, දැනුම්දීම් නියෝග, චක්‍රලේඛ වාර්තා ඉතාම කඩිනමින් පරිගණක මාර්ගයෙන් ලබා ගත හැකි වනු ඇතැයි ගාමිණී නවරත්න මහතා කියා සිටියි.එමෙන්ම රටේ ඕනෑම ස්‌ථානයක සිදුවන අත්අඩංගුවට ගැනීමක්‌, අපරාධකරුවකු පිළිබඳ විස්‌තරයක්‌ ඇතුළු ඕනෑම තොරතුරක්‌ අන්තර්ජාල පහසුකම් ඔස්‌සේ ඕනෑම පොලිසියකට ඉතාම කෙටි කාලයක්‌ තුළදී ලබා ගත හැකි වනු ඇත.මෙම නව වැඩපිළිවෙළ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ඇත.

උපන් දවස හෙලි කරන ජීවිත රහස්‌


තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්‌ම ආවරණය වන බවයි. නවීන පරිගණක මගින් රැස්‌කර ඇති තාරක, පර්යේෂණ හා ග්‍රහ වාර්තාමය තොරතුරු මගින්ද, දවසේ ඇති ග්‍රහබල ශක්‌තිය මනාව පැහැදිලි වෙයි. ඔබ උපත ලැබූ දිනය ග්‍රහයන්ගේ නාමයෙන් හඳුන්වනුයේද එබැවිනි.

මේ අයුරින් එක්‌ එක්‌ දිනයන්හි උපත ලැබු අයට ග්‍රහයන්ගේ බලපෑමෙන් ලැබෙන පලාපල විවිධාකාරය.

ඉරිදා

මෙදින උපන් අයගේ ශරීරය මද රන් පැහැයෙන් යුතු වන අතර ඔවුන්ගේ හිසකෙස්‌ රැලි සහිතය. බුද්ධිමත් භාවයෙන් යුතුවන ඔවුන් ගුණයහපත්කමින්ද අඩුවක්‌ නැත. දැඩි අධිෂ්ඨාන ශක්‌තියක්‌ ඇති අතර ඔවුන් ආරම්භ කරන හැම කාර්යයකින්ම සාර්ථක ප්‍රතිඵල උදාකරගනී. පිත් අධික ශරීරයක්‌ හිමිය. ආත්මාර්ථකාමිතුවයෙන් යුතුය. මෙදින උපන් කාන්තාවෝද එඩිතර වන අය වන අතර පිරිමි අය පවා යටත් කර තම අණසක පැතිරවීමට සමත්ය. සියලු අභියෝගයන් ජයගනී.

බල්ලන් 7ක් සමග කාන්තාවක් රැයක් පුරා මොටර් රථයක

බල්ලන් හත් දෙනකු සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක රැයක් පහන් කළ සුරූපී කාන්තාවක් මාතර නගරයම කැලැඹූ පුවතක් මාතර වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉකුත් 25 වැනිදා රාත්‍රිය එළැඹෙත්ම මාතර ගාල්ල ප්‍රධාන මර්ගයේ වල්ගම මංසන්ධියට නුදුරින් කාර් රථයක් නවතා තිබිණි. පැය කිහිපයක් නවතා තිබූ කාර් රථය තුළ බලු රෑනක් ඒ මේ අත දුව පනිනවා දුටු ගම්මුන් විමසුම් ඇසින් කාර් රථය අසලට ළඟාවන විට කාර් රථය තුළ කාන්තාවක් ද සිටිනු දැක ඇත. මෙම කාන්තාව වීදුරුව මඳක් පහත් කරත්ම රථය තුළ සිටි බල්ලන් රෑනක් එක රොත්තට ගම්මුන්ට නොනවත්වා බුරන්නට පටන්ගෙන ඇත. එහෙත් රථය තුළ සිටි කාන්තාව ගම්මුන් සමඟ එක් වචනයක් හෝ කතා නොකර කාර් රථයේ වීදුරුව යළි වසා ඇත.

මෙම අරුම පුදුම සිදුවීම පැය කිහිපයක් බලාසිටි ගම්මුන්ට කිසියම් සැකයක් පහළ වීම නිසාවෙන් කාන්තාවට නොදැනෙන ලෙස කාරයේ රෝදවල හුළං යවා මේ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

බෞද්ධයන්ට අපහාස කළ 'ටයිම්' සඟරාව ලංකාවේ තහනම්

මියැන්මාරයේ ආන්දොලනාත්මක භික්ෂුවක් වන විරාතු හිමියන් නායකත්වය දෙන ‘Buddhist -969’ නම් සංවිධානය ශ්‍රී ලංකාවේ 'බොදු බල සේනා' සංවිධානයට සමාන කරමින් පළ කර ඇති ආන්දෝලනාත්මක ලිපියක් හේතුවෙන් සුප්‍රසිද්ධ ජාත්‍යන්තර 'ටයිම්' සඟරාවේ ජූලි කලාපය මුදා හැරීම රේගුවෙන් අත්හිටුවනු ලැබ තිබේ.Time සඟරාවේ ජූලි කලාපයේ මුල්පිටුවේ පූජ්‍ය විරාතු හිමියන්ගේ රුව The Face of Buddhist Terror බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර යන වැකිය සහිතව පළ කර ඇති අතර ඒ හේතුව නිසා සඟරාව මියැන්මාරය තුළද තහනම් කරන්නට මියැන්මාර රජය පියවර ගෙන තිබේ.

මියැන්මාරයේ විරාතු හිමියන් නායකත්වය දෙන Buddhist -969 සංවිධානය එරට සුළු ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට විරුද්ධව බරපතළ ව්‍යාපාරයක් ගෙන යන බව පැවැසෙන අතර මේ හේතුවෙන් මියැන්මාරය පුරා පසුගිය වසරේ පමණක් 1,40,000කට ආසන්න බෞද්ධ හා මුස්ලිම් වැසියන් පිරිසක් අවතැන්වී ඇතැයිද පුද්ගලයන් 200කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයිද පැවැසේ.

මියගියවූවන්ගෙන් බහුතරය එරට මුස්ලිම් වැසියන් බවත් Buddhist -969 සංවිධානය විසින් සුළු ජාතික මුස්ලිම්වරුන්ගේ පල්ලි, ව්‍යාපාරික ස්ථාන හා දේපළවලට පහරදී සංවිධානයේ පත්‍රිකා හා ස්ටිකර් අලවා යන බවත් වෝල් ස්ටි්‍රට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.

හැම තිස්සෙම හිනාවෙලා ඉන්නයි මම කැමැති - Ashika Manasinghe

‘හේඩි’ සුන්දර යුවතියකි. එහෙත් ඇය ආබාධිතයි. සිරුරින් ආබාධිත වුණත් ඇයගේ සිත ශක්තිමත්. ඒ නිසාම ඇයට ජීවිතය ජයගන්න හැකි වෙනවා. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘හේඩි’ ටෙලි නාට්‍යයේ හේඩිගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන ශිල්පිනී අශිකා මනසිංහ. අද අප එක්කර ගන්නේ ඇයයි.

කොහොම ද ‘හේඩි’ ට ලැබෙන ප්‍රතිචාර?

දැන් මට හැමෝම කතා කරන්නේ හේඩි කියලා. මගතොටේ දී හමුවන අයත් ක්ෂේත්‍රයේ අයත් වෙඩින් එකක් වගේ උත්සවයක ගියාම හමුවන අයත් මට කියන්නේ හේඩි කියලා. ඒකෙන් තේරෙනවා ඒ චරිතයට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරන බව.

කොහොමද ඔබ හේඩි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ?

දවසක් සංජය නිර්මාල් අයියයි එයාගෙ නෝනයි අපේ ගෙදරටම ඇවිත් මේ ටෙලි නාට්‍යයේ පිටපත දුන්න. එදා ඔවුන් මට කතාව ටිකක් පහදල දුන්නා.

පිටපත ‍කියෙව්වට පස්සෙ මට හරිම ආශාවක් ආව මේ චරිතය කරන්න. ඒ මොකද මම දැනට කලාවට සම්බන්ධ වෙලා කලක් ගත වුණත් කාටත් දැනෙන විදියේ චරිතයක් කරන්න ලැබුණේ නෑ. ඒ ආශාව ‘හේඩි’ ටෙලි නාට්‍යයෙන් ඉටුකරගන්න ලැබුණා. ඒකට මම ස්තූතිවන්ත වෙන්නේ ‘හේඩි’ අධ්‍යක්ෂතුමාට.

මැන්ඩෙලා ගැන අවසන් තීරණය පවුලේ අය අතේ

දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සති දෙකකට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින බැවින් ඔහු ගැන අවසන් තීරණයක් ගත යුත්තේ ඔහුගේ පවුලේ අය යැයි වෛද්‍යවරු පවසති.

 මැන්ඩෙලාට ප‍්‍රතිකාර කරන ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍යවරුන් පවසන්නේ, සිහිසුන්ව සිටින මැන්ඩෙලා මේ වනවිට ජීවත් වන්නේ එම යන්ත‍්‍රයේ ආධාරයෙන් බවත් කොතරම් කල් ගියත් ඔහුගේ තත්ත්වය යහපත් නොවනු ඇති බවත්ය. දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර ඔහුට මිය යෑමට ඉඩ දෙන්නේ නම් එය තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා (94) රෝහල් ගත කෙරුණේ, පෙනහලූ ආසාදනයකට ලක් වීමෙනි.

රෝහල් ගත කෙරුණු අවස්ථාවේ ඔහුට කඩිනමින් ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කි‍්‍රයා කළහ. වෛද්‍යවරුන් එම අවස්ථාවේ කියා සිටියේ අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූ නමුත් ස්ථාවර තත්ත්වයකට පත් වූ බවය. කෙසේ නමුත් මීට දින දෙකකට පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවත් නරක අතට හැරුණි. සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් විය.

තුන් දෙනකුගේ ජානවලින් දරුවන් බිහි කිරීමට බ්‍රිතාන්‍යයේ අනුමැතිය - UK government backs three-person IVF

පුද්ගලයන් තුන් දෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් දරුවකු බිහිකර ගැනීමේ අයිවීඑෆ් ( IVF) තාක්ෂණයට අවසර ලැබෙන ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වසර අවසාන භාගයේදී ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

මේ අනුව තුන් දෙනකුගේ ජාන යොදා දරුවන් බිහිකර ගැනීමට අවසර දෙන පළමු රට බවට බ්‍රිතාන්‍යය පත් වනු ඇත.මෙම තාක්ෂණ වැඩ පිළිවෙලේ බලාපොරොත්තුව, ඉතාම බරපතල මට්ටමේ ආබාධිත දරුවන් බිහිවීම වළක්වා ගැනීමට දෙමව්පියන්ට උපකාර වීමයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය සැලී ඩේවිස් නව අයිවීඑෆ් තාක්ෂණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්, නව ක්‍රියාමාර්ගය යටතේ දෙමව්පියන්ගෙන් ලබා ගන්නා ඩීඑන්ඒ ජානවල වෙනස් කමක් සිදු නොකෙරෙන බවයි සඳහන් කළේ .මහාචාර්ය සැලී ඩේවිස් විස්තර කරන ආකාරයට මෙහිදී සිදුවන්නේ නිරෝගී දරුවකු සඳහා හේතු නොවන දුර්වල මාතෘ සෛල වලට වෙනත් මවකගේ සෛල රැගෙන කළලය සඳහා මුහු කිරීම.මේ අනුව එක් පුරුෂයකු සහ කාන්තාවන් දෙදෙනෙක් එවැනි දරු උපතකදී සෛල මගින් දායක වෙති.

රුපියල තවත් බාල්දු වේ - Sri Lanka rupee fall unnecessary

පියවර නොගතහොත් ඉදිරියේදී තවත් වැටීමට ඉඩ
අද විනිමය වෙළඳ පොළේ රුපියල දුර්වල වීමක් සිදුවූ අතර මුදල් වෙළෙඳුන් පැවසූවේ ඩොලරයක මිල රුපියල් 130.75/90 ක් දක්වා වැඩිවූ බවයි.බ්ලූම්බර්ග් පුවත් සේවාවේ දත්ත වලට අනුව දෙසැම්බර් මාසයේදී ඩොලරයක මිල රුපියල් 130.55 ක මට්ටමක විය.

පසුගිය සති තුන තුළදී මුදල් වෙළඳ පොළේ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය හමුවේ රුපියල මෙසේ දුර්වල වෙමින් තිබේ.මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සියයට 02 කින් අඩු කිරීම ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමත් සමග රුපියල් බිලියන 35-40 අතර අතිරික්ත ද්‍රවශීලතාවයක් බැංකු ක්‍රමයට පැමිණීමට නියමිතය.මෙසේ ද්‍රවශීලතාවය වැඩිවීම රුපියල කෙරෙහි ඉදිරියේදී තව තවත් පීඩනය වැඩි කරනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දේ.ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙද්දී ඉන්දියාව ඇතුළු කළාපීය රටවල් කිහිපයකම මුදල් ඒකක අවප්‍රමාණය වීමක්ද සිදුව තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව බියවිය යුතු නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ සියයට 01 කට වඩා අව ප්‍රමාණය වූ අතර බ්ලූම්බර්ග් පුවත් සේවාවේ දත්ත වලට අනුව 2012 ජුනි මාසයෙන් පසුව රුපියල අවප්‍රමාණය වූ වැඩිම ප්‍රමාණය මෙයයි.ඊයේ පස්වරුව වනවිට ඩොලරයක් ගනුදෙනු වූයේ රුපියල් 130.65 ක මට්ටමකයි.

Gossip Lanka Hot News Previous News Archive