පසුගියදා ගාර්ඩියන් පුවත්පත මෑත යුගයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ලොව වටා පාර්ලිමේන්තුවලදී මුහුණදුන් ලිංගික හිංසනාත්මක අවස්ථාවන් දහය පෙළගස්වාලූවේය.
ශ්‍රී ලංකාවටද එම ලැයිස්තුවේ තැනක් තිබීම ඇති තතු දන්නා අපට පුදුමයක්ද නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු විවාහක රූ රැජනක වන රෝසි සේනානායක මුහුණදුන් අප්‍රසන්න සිදුවීම ගාර්ඩියන් පුවත්පතේ විශේෂාංගයේ හය වැනි තැනට සටහන් වී තිබේ.

ගාර්ඩියන් ලිපිය ඇරැඹෙන්නේ පසුගියදා ඉල්ලා අස්වූ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාර්ඩ් (Julia Gillard) ඉලක්ක කරගනිමින් ලිංගිකත්වය මුල්කොටගෙන එල්ල වූ වචන ප්‍රහාරය ගැන කියමිනි. එහිදී ජූලියා ගිලාර්ඩ්ව හඳුන්වා තිබුණේ "කෙන්චුකිහි බැදපු වටුවකු" යනුවෙනි. කාන්තාවන් කෙරෙහි එල්ලවන මෙබඳු සරදම් තවමත් ලොව හැම තැනකම තිබෙන බැවින් ගාර්ඩියන්හි මෙම පෙන්වාදීම කාන්තා අයිතීන් ගැන කතා කරන, උනන්දු වන සැමට නැවැත අවධානය යොමු කිරීමට ඉඩසලසන්නක් වී තිබේ. ගාර්ඩියන් පුවත්පත ලොව වටා මෙබඳු සිදුවීම්වලින් ඉහළින්ම කැපී පෙනෙන දහය ගැන මෙසේ සඳහන් කරයි.