ඔංචිලි ලණුවක ගෙළ සිරවී දැරියක් මියයයි - Girl strangled by rope on swing

නිවසේ රෙදි වේලීම සඳහා බැඳ තිබූ ලණුවකින් සාදන ලද ඔංචිල්ලාවක සුරතල් බලු පැටවකුද සමග ඔංචිලි පදිමින් සිටි දහතුන් වියෑති පාසල් දැරියක එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පෙරේදා (29 දා) පෙරවරුවේ මියගොස්‌ ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ හැටන් කොටගල පතන ජයසිරිපුර ගම්මානයේ පදිංචි පතන සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිලානි ප්‍රියදර්ශනී නමැති සිසුවියයි.මියගිය දැරියගේ පියා විද්‍යාලයේ පෙරේදා පැවැති ශ්‍රමදානයකට සහභාගි වී ඇත.

ඔහුට තේ යෑවීම සඳහා දැරියගේ මව තේ සූදානම් කර තම දියණිය අත පාසලට තේ පිටත් කිරීමේ අරමුණින් දැරිය කොහේදැයි සොයාබලා ඇත. එහිදී නිවසේ රෙදි වේලීම සඳහා නිවස ඉදිරිපිට බැඳ තිබූ ලණුවකින් ඔංචිල්ලාවක්‌ සාදා නිවසේ ඇති දැඩි කළ සුනඛ පැටියාද සුරතල් කරමින් ඔංචිලි පදිමින් සිටියදී එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවී දැරිය සිටින අයුරු ඇගේ මව විසින් දැක තිබේ. අසල්වාසීන්ගේද සහාය ඇතිව දැරිය කොටගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කරන විටත් දැරිය මියගොස්‌ සිට ඇති බව වෛද්‍යවරු පවසති.

දියවැඩියාවෙන් බේරීමට ආසියානුවෝ 'වැඩියෙන් ව්‍යායාම කළ යුතුයි'

දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමෙන් බේරීම පිණිස යුරෝපා වාසීන්ට වඩා දකුණු ආසියානුවන් හැකි තරම් ව්‍යායාම කළ යුතු බව විද්‍යාඥයන් පිරිසක් පවසති.විශේෂයෙන්ම දකුණු ආසියානු පුරුෂයන් අනිවාර්යයෙන්ම සම වයසේ සහ සම බර කාණ්ඩයේ යුරෝපීයයන්ට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතු බව ඒ පිළිබඳව කෙරුණු විශේෂ අධ්‍යයනයක නිගමණය වී තිබේ.විශේෂයෙන්ම දකුණු ආසියානු වාසී වැඩිහිටි පුරුෂයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල මට්ටමක පැවතීම දියවැඩියාව වැළඳීමට ප්‍රධාන හේතුවක් බව එම අධ්‍යයනය සිදු කළ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති.

මහාචාර්ය නවීඩ් සතාර් එම පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙක්."අපි හිතන්නේ මේක දකුණු ආසියානුවන්ට පරම්පරාවෙන්ම උරුම වෙන දෙයක්. යුරෝපීය සහ දකුණු ආසියානුවෝ සංසන්දනය කළාම එකම බර කාණ්ඩයේ දකුණු ආසියානුවන්ගේ මේද ප්‍රමාණය වැඩියි. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ශරීරයේ හයි හත්තිය තියෙන්නේ පහල මට්ටමක," බව මහාචාර්යවරයා පැවසීය.

"මම හිතන්නේ තමන්ගේ පුරුදුත් මේකට එක හේතුවක් නමුත් මේ අධ්‍යයනයෙන් හෙළි වුනු ප්‍රධානම දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණු ආසියානුවෝ අනෙක් අයට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතුයි කියන එක," යනුවෙන් ද මහාචාර්ය නවීඩ් සතාර් පැවසීය.එබැවින් දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

කාසිදමා මලක් තැලූ මුදලාලි රිමාන්ඩ්

දෙවන වසරේ ඉගෙනුම ලබන 7 හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අප‍යෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි 40 හැවිරිදි දෙදරු පියෙකු ලබන 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස සම්පත් ජයසූරිය මහතා ඊයේ (29) නියෝග කළේය.

රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ වෙන්ඩ්‍රාසන්පූර් පදිංචි පුද්ගලයෙකි.බොහෝ දිනවල දරුවා පාසැල ඇරී නිවසට ඒමට ප්‍රමාදවන නිසා හා ඒ ආවිට මුහුණ මලානිකවී ඇති අතර ආ විගස තමා ඇඳ සිටි ඇඳුම් පැළදුම් නාන බේසමට දැමීම සිදුකරන නිසාත් මේ පිළිබඳව දරුවාගෙන් ප්‍රශ්න කරද්දී සිද්ධිය හෙළි වූ බව දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ ප්‍රකාශකර ඇත.

දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී තමා පාසැල ඇරී සැකකරුගේ කඩය ඉදිරිපස වැලි පාරේ එනවිට කඩය මිදුලේ සිල්ලර කාසි වැටී තිබෙනු දක්නට ලැබෙන අතර එම කාසිගෙන ගොස් සැකකරුට දී රස කැවිලි කෑමට පුරුදු වී සිටි බවත් එම අවස්ථාවේදී සැකකරු දරුවා පොළබවාගෙන මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත්ය.

යට ඇඳුම් ගලවා කෙම කිරීමට ගිය කපුවා කපෝති !

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) පසුගිය 27 වනදා කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්බව කියයි.

සිද්ධිය මෙසේයි.
නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිීනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය කියයි.සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වනබව වාර්තා වේ.

කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා දමා කෙම කිරීමට සූදානම් වන ලෙසත් රතු රෙද්ද ඇඟෙහි දවටා ගෙන ගෙන එන ලද පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපෙන ලෙස පවසා සැකකාර කපුවා තිරය පිටුපස හිඳ ස්ත්‍රෝත කියමින් හලං නාද කර ඇතැයි පොලීසිය පවසා තිබේ.

මැතිසභාවල ගෑනුන්ට කියන කට කැඩිච්ච කතාවලින් ලෝකෙ 6වැනි තැන වෙල්ගම ඇමැතිට

පසුගියදා ගාර්ඩියන් පුවත්පත මෑත යුගයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ලොව වටා පාර්ලිමේන්තුවලදී මුහුණදුන් ලිංගික හිංසනාත්මක අවස්ථාවන් දහය පෙළගස්වාලූවේය.

ශ්‍රී ලංකාවටද එම ලැයිස්තුවේ තැනක් තිබීම ඇති තතු දන්නා අපට පුදුමයක්ද නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු විවාහක රූ රැජනක වන රෝසි සේනානායක මුහුණදුන් අප්‍රසන්න සිදුවීම ගාර්ඩියන් පුවත්පතේ විශේෂාංගයේ හය වැනි තැනට සටහන් වී තිබේ.

ගාර්ඩියන් ලිපිය ඇරැඹෙන්නේ පසුගියදා ඉල්ලා අස්වූ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාර්ඩ් (Julia Gillard) ඉලක්ක කරගනිමින් ලිංගිකත්වය මුල්කොටගෙන එල්ල වූ වචන ප්‍රහාරය ගැන කියමිනි. එහිදී ජූලියා ගිලාර්ඩ්ව හඳුන්වා තිබුණේ "කෙන්චුකිහි බැදපු වටුවකු" යනුවෙනි. කාන්තාවන් කෙරෙහි එල්ලවන මෙබඳු සරදම් තවමත් ලොව හැම තැනකම තිබෙන බැවින් ගාර්ඩියන්හි මෙම පෙන්වාදීම කාන්තා අයිතීන් ගැන කතා කරන, උනන්දු වන සැමට නැවැත අවධානය යොමු කිරීමට ඉඩසලසන්නක් වී තිබේ. ගාර්ඩියන් පුවත්පත ලොව වටා මෙබඳු සිදුවීම්වලින් ඉහළින්ම කැපී පෙනෙන දහය ගැන මෙසේ සඳහන් කරයි.

ඤාණසාර හිමිගෙන් මා ප‍්‍රශ්ණ කලේ ලිඛිත සාක්‍ෂි අතේ ඇතිවයි

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා.

පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.

දෙරණ 360 වැඩසටහන් මාලාවේ පසුගියදා විකාශය වූ වැඩසටහන නිසා ඔබට යම් තර්ජන එල්ල වී ඇති බව ආරංචියි.
ඔව්, ඒක ඇත්ත.

ඔබට එල්ල වූ එම මරණීය තර්ජනවලට එරෙහිව නීතිමය පියවරක් ගත්තාද…?දැනට ඒ ගැන නීතිමය පියවර රැගෙන තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්න බැහැ.

අන්තර්ජාලය හරහා පොලීසිය ඒකාබද්ධ වෙයි

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සියලුම පොලිස්‌ ස්‌ථාන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල, පොලිස්‌ මූලස්‌ථානය සහ පොලිස්‌පති කාර්යාලය අන්තර්ජාලය ඔස්‌සේ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක්‌ පොලිස්‌ පරිගණක තාක්‍ෂණ අංශය විසින් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙළ මේ වන විට 50% කින් අවසන් කර ඇති බව පොලිස්‌ පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මෙම නව වැඩපිළිවෙළ අනුව පරිගණක තාක්‍ෂණය ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පොලිස්‌ ස්‌ථාන 433 මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල සහ පොලිස්‌ මූලස්‌ථානය ඒකාබද්ධ වනු ඇත.ඒ අනුව පොලිස්‌ මූලස්‌ථානය නිකුත් කරන සියලුම නිවේදන, දැනුම්දීම් නියෝග, චක්‍රලේඛ වාර්තා ඉතාම කඩිනමින් පරිගණක මාර්ගයෙන් ලබා ගත හැකි වනු ඇතැයි ගාමිණී නවරත්න මහතා කියා සිටියි.එමෙන්ම රටේ ඕනෑම ස්‌ථානයක සිදුවන අත්අඩංගුවට ගැනීමක්‌, අපරාධකරුවකු පිළිබඳ විස්‌තරයක්‌ ඇතුළු ඕනෑම තොරතුරක්‌ අන්තර්ජාල පහසුකම් ඔස්‌සේ ඕනෑම පොලිසියකට ඉතාම කෙටි කාලයක්‌ තුළදී ලබා ගත හැකි වනු ඇත.මෙම නව වැඩපිළිවෙළ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ඇත.

උපන් දවස හෙලි කරන ජීවිත රහස්‌


තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්‌ම ආවරණය වන බවයි. නවීන පරිගණක මගින් රැස්‌කර ඇති තාරක, පර්යේෂණ හා ග්‍රහ වාර්තාමය තොරතුරු මගින්ද, දවසේ ඇති ග්‍රහබල ශක්‌තිය මනාව පැහැදිලි වෙයි. ඔබ උපත ලැබූ දිනය ග්‍රහයන්ගේ නාමයෙන් හඳුන්වනුයේද එබැවිනි.

මේ අයුරින් එක්‌ එක්‌ දිනයන්හි උපත ලැබු අයට ග්‍රහයන්ගේ බලපෑමෙන් ලැබෙන පලාපල විවිධාකාරය.

ඉරිදා

මෙදින උපන් අයගේ ශරීරය මද රන් පැහැයෙන් යුතු වන අතර ඔවුන්ගේ හිසකෙස්‌ රැලි සහිතය. බුද්ධිමත් භාවයෙන් යුතුවන ඔවුන් ගුණයහපත්කමින්ද අඩුවක්‌ නැත. දැඩි අධිෂ්ඨාන ශක්‌තියක්‌ ඇති අතර ඔවුන් ආරම්භ කරන හැම කාර්යයකින්ම සාර්ථක ප්‍රතිඵල උදාකරගනී. පිත් අධික ශරීරයක්‌ හිමිය. ආත්මාර්ථකාමිතුවයෙන් යුතුය. මෙදින උපන් කාන්තාවෝද එඩිතර වන අය වන අතර පිරිමි අය පවා යටත් කර තම අණසක පැතිරවීමට සමත්ය. සියලු අභියෝගයන් ජයගනී.

Gossip Lanka Hot News Previous News Archive