නිළි රැජන මාලිනියගෙන් උරුම වූ ෆොන්සේකා පරපුරේ වත්මන් රංග ප්‍රතිභව

 අක්කි ගැන මට ආඩම්බරයි - සෙනාලි 
 නංගිගේ හැකියාව ගැන ගොඩක් සතුටුයි - සමනලී
සමනලී ෆොන්සේකා - සෙනාලි ෆොන්සේකා. නම කියූ පමණිින් ඔබට හඳුනා ගන්න අපහසු නැති දෙන්නෙක්. ෆොන්සේකා පරපුර නියෝජනය කරමින් කලා ලොවට පිවිසි සමනලී තම හැකියාවෙන් කෙටි කලකදී සාර්ථක ලෙස අනන්‍යතාවක් ගොඩ නගා ගත් රංගන ශිල්පිනියක්. සෙනාලි ෆොන්සේකා එම පරපුරේ දිදුලන අලුත්ම තාරකාවයි. මේ දිනවල තිරගත වන සිරිපැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනාගේ චරිතයට පණ පොවමින් සිනමාවේ මුලකුරු කී ඇය අද වන විට කාගේත් කතාබහට ලක්ව සිටින්නීය. රසික හදවත් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සමනලී හා සෙනාලි හමු වූ මොහොතකි මේ.

දෙදෙනාම හමු වුණ පුංචි කාලේ සුන්දර මතකයකින් මේ කතාබහ අරඹමු?

සෙනාලි - ‘මතකද අක්කී අපි ඒ කාලේ දඟ වැඩ ගොඩක් කලා.’ අපි හැමෝම එකතු වුණාම සෙල්ලම් කරනවා. වයස අනුව අපි කණ්ඩායම් දෙකක හිටියේ. මම පොඩි කට්ට්යගේ කණ්ඩායමේ. සමනලී අක්කි හිටියේ ලොකු කට්ටියගේ කණ්ඩායමේ. ලොකු කට්ටියගේ කණ්ඩායමට අපිව ගන්නේ නෑ ඒ කාලේ.

සමනලී - ඔව්. මෙයාලා එතකොට කියනවා ‘අනේ අක්කී ඔයාලා එක්ක සෙල්ලම් කරන්න අපිවත් ගන්නකෝ කියලා. ඒ කාලේ නිතරම සෙනාලි අපේ ගෙදර එනවා. එතකොට මම එයාව බලාගන්නවා. දැන් ඒ කාලේ වගේ නිතරම හමු නොවුණත් මම එයා දිහා බලාගෙන ඉන්නේ.

වළක් කපද්දී ඇටසැකිලි තොගයක් හමු වෙලා

සොයාගනු ලබූ අස්ථි කොටස්
නිවසක වැසිකිළිවළක් ඉදිකිරීම සඳහා පොළව හාරමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන මිනිස් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් එම වළේ තිබී මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 29 වනදා සොයාගෙන ඇත.

28 වනදා රාත්‍රියේ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට (119) රාත්‍රී 8.00ට පමණ ලැබුණු ඇමතුමකට අනුව යාය 1 වම් ඉවුර මහකනදරාව මිහින්තලය ප්‍රදේශයේ පදිංචි සෙනවිරත්න මුදියන්සේලාගේ නිමලසිරි සෙනවිරත්න මහතාගේ නිවසේ හාරමින් සිටී වැසිකිළි වලේ තිබී මෙම අස්ථි කොටස් හමුවී ඇත.

සොයා ගනු ලැබූ අස්ථි කොටස් නිශ්චිත වශයෙන්ම මනුෂ්‍ය අස්ථි කොටස් යන්න අනාරවණය කර ගෙන නැත. මෙම නිවසේ හිමිකරු 1964 වර්ෂයේ මෙම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.

ඔවුන් අලුතින් ඉදිකළ වැසිකිළිය සඳහා වළක් කපමින් සිටියදී අඩි 4 1/2ක් පමණ පොළව යටින් බෙනයක් මතුවී ඒ තුළ මෙම අස්ථි කොටස් තිබූ බවත් එම අස්ථි කොටස් වසර ගණනාවක් පැරණි බවත් ඒවායේ බර කිලෝ ග්‍රෑම් 02ක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.

ඔංචිලි ලණුවක ගෙළ සිරවී දැරියක් මියයයි - Girl strangled by rope on swing

නිවසේ රෙදි වේලීම සඳහා බැඳ තිබූ ලණුවකින් සාදන ලද ඔංචිල්ලාවක සුරතල් බලු පැටවකුද සමග ඔංචිලි පදිමින් සිටි දහතුන් වියෑති පාසල් දැරියක එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පෙරේදා (29 දා) පෙරවරුවේ මියගොස්‌ ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ හැටන් කොටගල පතන ජයසිරිපුර ගම්මානයේ පදිංචි පතන සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිලානි ප්‍රියදර්ශනී නමැති සිසුවියයි.මියගිය දැරියගේ පියා විද්‍යාලයේ පෙරේදා පැවැති ශ්‍රමදානයකට සහභාගි වී ඇත.

ඔහුට තේ යෑවීම සඳහා දැරියගේ මව තේ සූදානම් කර තම දියණිය අත පාසලට තේ පිටත් කිරීමේ අරමුණින් දැරිය කොහේදැයි සොයාබලා ඇත. එහිදී නිවසේ රෙදි වේලීම සඳහා නිවස ඉදිරිපිට බැඳ තිබූ ලණුවකින් ඔංචිල්ලාවක්‌ සාදා නිවසේ ඇති දැඩි කළ සුනඛ පැටියාද සුරතල් කරමින් ඔංචිලි පදිමින් සිටියදී එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවී දැරිය සිටින අයුරු ඇගේ මව විසින් දැක තිබේ. අසල්වාසීන්ගේද සහාය ඇතිව දැරිය කොටගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කරන විටත් දැරිය මියගොස්‌ සිට ඇති බව වෛද්‍යවරු පවසති.

දියවැඩියාවෙන් බේරීමට ආසියානුවෝ 'වැඩියෙන් ව්‍යායාම කළ යුතුයි'

දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමෙන් බේරීම පිණිස යුරෝපා වාසීන්ට වඩා දකුණු ආසියානුවන් හැකි තරම් ව්‍යායාම කළ යුතු බව විද්‍යාඥයන් පිරිසක් පවසති.විශේෂයෙන්ම දකුණු ආසියානු පුරුෂයන් අනිවාර්යයෙන්ම සම වයසේ සහ සම බර කාණ්ඩයේ යුරෝපීයයන්ට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතු බව ඒ පිළිබඳව කෙරුණු විශේෂ අධ්‍යයනයක නිගමණය වී තිබේ.විශේෂයෙන්ම දකුණු ආසියානු වාසී වැඩිහිටි පුරුෂයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල මට්ටමක පැවතීම දියවැඩියාව වැළඳීමට ප්‍රධාන හේතුවක් බව එම අධ්‍යයනය සිදු කළ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති.

මහාචාර්ය නවීඩ් සතාර් එම පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙක්."අපි හිතන්නේ මේක දකුණු ආසියානුවන්ට පරම්පරාවෙන්ම උරුම වෙන දෙයක්. යුරෝපීය සහ දකුණු ආසියානුවෝ සංසන්දනය කළාම එකම බර කාණ්ඩයේ දකුණු ආසියානුවන්ගේ මේද ප්‍රමාණය වැඩියි. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ශරීරයේ හයි හත්තිය තියෙන්නේ පහල මට්ටමක," බව මහාචාර්යවරයා පැවසීය.

"මම හිතන්නේ තමන්ගේ පුරුදුත් මේකට එක හේතුවක් නමුත් මේ අධ්‍යයනයෙන් හෙළි වුනු ප්‍රධානම දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණු ආසියානුවෝ අනෙක් අයට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතුයි කියන එක," යනුවෙන් ද මහාචාර්ය නවීඩ් සතාර් පැවසීය.එබැවින් දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

කාසිදමා මලක් තැලූ මුදලාලි රිමාන්ඩ්

දෙවන වසරේ ඉගෙනුම ලබන 7 හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අප‍යෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි 40 හැවිරිදි දෙදරු පියෙකු ලබන 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස සම්පත් ජයසූරිය මහතා ඊයේ (29) නියෝග කළේය.

රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ වෙන්ඩ්‍රාසන්පූර් පදිංචි පුද්ගලයෙකි.බොහෝ දිනවල දරුවා පාසැල ඇරී නිවසට ඒමට ප්‍රමාදවන නිසා හා ඒ ආවිට මුහුණ මලානිකවී ඇති අතර ආ විගස තමා ඇඳ සිටි ඇඳුම් පැළදුම් නාන බේසමට දැමීම සිදුකරන නිසාත් මේ පිළිබඳව දරුවාගෙන් ප්‍රශ්න කරද්දී සිද්ධිය හෙළි වූ බව දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ ප්‍රකාශකර ඇත.

දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී තමා පාසැල ඇරී සැකකරුගේ කඩය ඉදිරිපස වැලි පාරේ එනවිට කඩය මිදුලේ සිල්ලර කාසි වැටී තිබෙනු දක්නට ලැබෙන අතර එම කාසිගෙන ගොස් සැකකරුට දී රස කැවිලි කෑමට පුරුදු වී සිටි බවත් එම අවස්ථාවේදී සැකකරු දරුවා පොළබවාගෙන මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත්ය.

යට ඇඳුම් ගලවා කෙම කිරීමට ගිය කපුවා කපෝති !

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) පසුගිය 27 වනදා කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්බව කියයි.

සිද්ධිය මෙසේයි.
නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිීනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය කියයි.සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වනබව වාර්තා වේ.

කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා දමා කෙම කිරීමට සූදානම් වන ලෙසත් රතු රෙද්ද ඇඟෙහි දවටා ගෙන ගෙන එන ලද පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපෙන ලෙස පවසා සැකකාර කපුවා තිරය පිටුපස හිඳ ස්ත්‍රෝත කියමින් හලං නාද කර ඇතැයි පොලීසිය පවසා තිබේ.

මැතිසභාවල ගෑනුන්ට කියන කට කැඩිච්ච කතාවලින් ලෝකෙ 6වැනි තැන වෙල්ගම ඇමැතිට

පසුගියදා ගාර්ඩියන් පුවත්පත මෑත යුගයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ලොව වටා පාර්ලිමේන්තුවලදී මුහුණදුන් ලිංගික හිංසනාත්මක අවස්ථාවන් දහය පෙළගස්වාලූවේය.

ශ්‍රී ලංකාවටද එම ලැයිස්තුවේ තැනක් තිබීම ඇති තතු දන්නා අපට පුදුමයක්ද නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු විවාහක රූ රැජනක වන රෝසි සේනානායක මුහුණදුන් අප්‍රසන්න සිදුවීම ගාර්ඩියන් පුවත්පතේ විශේෂාංගයේ හය වැනි තැනට සටහන් වී තිබේ.

ගාර්ඩියන් ලිපිය ඇරැඹෙන්නේ පසුගියදා ඉල්ලා අස්වූ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාර්ඩ් (Julia Gillard) ඉලක්ක කරගනිමින් ලිංගිකත්වය මුල්කොටගෙන එල්ල වූ වචන ප්‍රහාරය ගැන කියමිනි. එහිදී ජූලියා ගිලාර්ඩ්ව හඳුන්වා තිබුණේ "කෙන්චුකිහි බැදපු වටුවකු" යනුවෙනි. කාන්තාවන් කෙරෙහි එල්ලවන මෙබඳු සරදම් තවමත් ලොව හැම තැනකම තිබෙන බැවින් ගාර්ඩියන්හි මෙම පෙන්වාදීම කාන්තා අයිතීන් ගැන කතා කරන, උනන්දු වන සැමට නැවැත අවධානය යොමු කිරීමට ඉඩසලසන්නක් වී තිබේ. ගාර්ඩියන් පුවත්පත ලොව වටා මෙබඳු සිදුවීම්වලින් ඉහළින්ම කැපී පෙනෙන දහය ගැන මෙසේ සඳහන් කරයි.

ඤාණසාර හිමිගෙන් මා ප‍්‍රශ්ණ කලේ ලිඛිත සාක්‍ෂි අතේ ඇතිවයි

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා.

පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.

දෙරණ 360 වැඩසටහන් මාලාවේ පසුගියදා විකාශය වූ වැඩසටහන නිසා ඔබට යම් තර්ජන එල්ල වී ඇති බව ආරංචියි.
ඔව්, ඒක ඇත්ත.

ඔබට එල්ල වූ එම මරණීය තර්ජනවලට එරෙහිව නීතිමය පියවරක් ගත්තාද…?දැනට ඒ ගැන නීතිමය පියවර රැගෙන තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්න බැහැ.

Gossip Lanka Hot News Previous News Archive