ගුරු සංගම් කුමක් ප්‍රකාශ කළද විදුහල්පතිවරුන් සඳහා රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී ලබාදෙන පුහුණුව කිසිසේත් අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටියේ, එය කිසිසේත් යුද හමුදා පුහුණුවක් නොවන බවයි.රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී කපිතාන් තනතුරු සඳහා විදුහල්පති සේවයේ නිළධාරීන් පුහුණු කරමින් සිටියදී රද්දොළුගම පඤ්ඤානන්ද පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමසිංහ මහතා ඊයේ (30) මිය ගියේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටියේ අදාළ විදුහල්පතිවරයා මෙම පුහුණුවට සහභාගී වීමට පෙර වෛද්‍යවරයෙකු විසින් ලබාගත් ෙවෙද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර තිබූ බවයි. කෙසේවෙතත් විදුහල්පතිවරයාගේ මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද ගෝඨාභය ජයරත්න මහතා පැවසිය.කෙසේවෙතත් විදුහල්පතිවරුන්ට ලබාදෙන මෙම පුහුණුව පාසල් අධ්‍යාපන ක්ෂේත්රයට විශාල පිටුබලයක් බව ගෝඨාභය ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ආරංචි කියයි.