මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හැටන් කොටගල පතන ජයසිරිපුර ගම්මානයේ පදිංචි පතන සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිලානි ප්‍රියදර්ශනී නමැති සිසුවියයි.මියගිය දැරියගේ පියා විද්‍යාලයේ පෙරේදා පැවැති ශ්‍රමදානයකට සහභාගි වී ඇත.
ඔහුට තේ යෑවීම සඳහා දැරියගේ මව තේ සූදානම් කර තම දියණිය අත පාසලට තේ පිටත් කිරීමේ අරමුණින් දැරිය කොහේදැයි සොයාබලා ඇත. එහිදී නිවසේ රෙදි වේලීම සඳහා නිවස ඉදිරිපිට බැඳ තිබූ ලණුවකින් ඔංචිල්ලාවක් සාදා නිවසේ ඇති දැඩි කළ සුනඛ පැටියාද සුරතල් කරමින් ඔංචිලි පදිමින් සිටියදී එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවී දැරිය සිටින අයුරු ඇගේ මව විසින් දැක තිබේ. අසල්වාසීන්ගේද සහාය ඇතිව දැරිය කොටගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කරන විටත් දැරිය මියගොස් සිට ඇති බව වෛද්‍යවරු පවසති.