පොකුණේ අඩි 3ක් හාරා නිදන් වස්තු පැහැරගෙන

පොළොන්නරුවේ ඓතිහාසික රන්කොත්වෙහෙර සහ කිරි වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි ආලාහණ පිරිවෙන් භූමි‍යට අයත් 'ස්වස්තික පොකුණ' නිධන් සොරුන් විසින් හාරා විනාශයට පත් කොට තිබේ.

මෙතෙක් කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව වනගතව තිබූ මෙම පොකුණ නිධන් සොරුන් විසින් අඩි 3ක් පමණ ගැඹුරට හාරා පැරැණි ගඩොල් ඉවත් කොට එහි තිබූ නිධන් වස්තු පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කොට ඇත්තේ සිද්ධියෙන් පසු දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව බව පැවැසේ.

පරාක්‍රමබාහු නිරිඳුන් විසින් එකල වැඩ විසූ භික්ෂූන් වහන්සේට රෝගාතුර අවස්ථාවලදී ප්‍රතිකාර ලබාදීම පිණිස මෙම ආලාහන පිරිවෙන භූමියේ රෝහලක් ඉදි කර තිබුණි.මෙම පිරිවෙනේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට පැන් දෝවනය පිණිස මෙම 'ස්වස්තික පොකුණ' නිර්මාණය කරන ලදැයි පුරාවිද්‍යා මතය වේ.පොළොන්නරුව සොළොස්මස්ථාන භූමියේ දිගින් දිගටම සිදුවන පුරාවස්තු විනාශය පිළිබඳව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.බොහෝ කලක සිට පොළොන්නරුව පූජා භූමියේ පු‍රාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මඟින් මෙහි ආරක්ෂාව පිණිස නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබෙනවා.

රත්රන් පවුමක මිල රු.44,000කට බසී

අන්තර්ජාතික වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් අඩුවේගෙන යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අධිකාරියේ උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ මහතා සඳහන් කළේ කැරට් 24 රත්රන් පවුම් සඳහා පනවා ඇති බද්දත් සමඟ රුපියල් 44,000 දක්වා ඊයේ වන විට පහළ බැස ඇති බවයි.

මෑතදී රත්රන් සඳහා පනවන ලද සියයට පනහ බද්දත් සියයට 5ක අධිභාරයත් නොතිබිණි නම් එම මිල තවත් පහත බසින බවද ඔහු පැවැසීය.

අන්තර්ජාතික වෙළෙඳපොළේ රත්රන් ඉල්ලුම අඩුවීම රන් මිල පහත බැසීමට එක් හේතුවක් විය හැකි බවට විශ්වාස කරන බවද එදිරිසිංහ මහතා කීවේය.විශේෂයෙන් ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල් වැඩිපුර රන් මිලදී ගෙන සංචිත හැදීම එයට බලපා ඇති බවද සිරිචන්ද්‍ර මහතා සඳහන් කෙළේය.

විශාලතම වැට් බදු වංචාවට පී.බී.ට සිතාසි - Court issues notice on PB

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කරයි.

ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මෙම රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය පසුගිය අප්‍රේල් 30 වනදා මූල්‍ය වංචාවට පමණක් වරද පිළිගත් අතර ඒ අනුව ඔහුට නගා තිබූ සියළු සෙසු අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කර ගනිමින් අවසානයේ දී කොළඹ මහාධිකරණය විසින් සැකකරුට රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 14 ක ලිහිල් සිර දඬුවමක් ද නියම කිරීම කෙරිණ.

උපත් පාලන පාවිච්චි කරන්න එපා – බොදු බල සේනා

ජාතිය හමුවේ තිබෙන මීළග අභියෝගය තරුණ පරපුර අතර ප‍්‍රචලිත වෙමින් තිබෙන උපත්පාලන පෙති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එබැවින් එවැනි පෙති භාවිත කිරීමෙන් වළකින ලෙස එම සංවිධානය සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටී.බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටුනායක ඊයේ පැවැත් වූ මහජන සමුළුවකදී මෙම ඉල්ලීම කලහ.

මෙරට මුස්ලිම් ජාතිකයන් මේ වන විට ඔවුන්ගේ ජාතිය ගොඩනැඟීමටත් ව්‍යාපාර ඇතුළු සෑම කේෂ්ත්‍රයකම ඉතා සූක්ෂ්ම ව්‍යාප්තවාදයක් ඇතිකරමින් සිටින බවත් ටපන්වා දුන් උන් වහන්සේ ගෝලීය ඉස්ලාමීය අන්තවාදයට මීලඟට නතුකරගැනීමට සැලසුම් කර ඇති රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පැවසූහ.මෙහිදී ඥානසාර හිමියන් සියළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසත් මුස්ලිම් වෛද්‍යවරු ප්‍රතික්ෂේප කොට වර්ජනය කර ලෙසටත් ඉල්ලීමක්ද කලේය.

විදුහල්පති මැරුණත් පුහුණුව පෙරටම - Principal dies during military training

ගුරු සංගම් කුමක් ප‍්‍රකාශ කළද විදුහල්පතිවරුන් සඳහා රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී ලබාදෙන පුහුණුව කිසිසේත් අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටියේ, එය කිසිසේත් යුද හමුදා පුහුණුවක් නොවන බවයි.රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී කපිතාන් තනතුරු සඳහා විදුහල්පති සේවයේ නිළධාරීන් පුහුණු කරමින් සිටියදී රද්දොළුගම පඤ්ඤානන්ද පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික‍්‍රමසිංහ මහතා ඊයේ (30) මිය ගියේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටියේ අදාළ විදුහල්පතිවරයා මෙම පුහුණුවට සහභාගී වීමට පෙර වෛද්‍යවරයෙකු විසින් ලබාගත් ෙවෙද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර තිබූ බවයි. කෙසේවෙතත් විදුහල්පතිවරයාගේ මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද ගෝඨාභය ජයරත්න මහතා පැවසිය.කෙසේවෙතත් විදුහල්පතිවරුන්ට ලබාදෙන මෙම පුහුණුව පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට විශාල පිටුබලයක් බව ගෝඨාභය ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ආරංචි කියයි.

කොදෙව්වන් ප‍්‍රබල ඉන්දියාවත් මෙල්ල කරයි

බටහිර ඉන්දීය කොදෙව්, ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ දී, අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයින් වූ ප‍්‍රබල ඉන්දියාව එක් කඩුල්ලකින් පරාජය කරමින් සිය දෙවන ජයග‍්‍රහණයද හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ සමත් විය.

ජමෙයිකාවේ සබීනා පාර්ක් ක‍්‍රීඩාගංණයේ පැවති මෙම තරගයෙදී, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 07ක් දැවී ලකුණු සංඛ්‍යාව 229ක් රැස්කර ගත්තේය . එම ලකුණු සංඛ්‍යාව 48 වන පන්දුවාරයේ 04 වන පන්දුවේදී ලබාගත් කෙදෙව් ක‍්‍රීඩකයන් ජයග්‍රහණය අත්කර ගනු ලැබිය. පන්දු සියයකදී ලකුණු 97ක් ලබා ගනිමින් සුපිරි පිතිහරඹයක යෙදුණු ජොන්සන්ස් චාල්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලියේ මීළග තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 229 රෝහිත් ශර්මා 60, සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි 27 , කෙමාර් රෝචි 41/2, ටිනෝ බෙස්ට් 54/2, ඩැරන් සැමී 41/2බටහිර ඉන්දිය කොදෙව් ඕවර 47.4 කදී කඩුලූ 9ක් දැවී 230 ජොන්සන් චාල්ස් 97, ඩැරන් බ‍්‍රාවෝ 55, ඩැරන් සැමී 29, උමේෂ් යාදව් 43/3, ඉෂාන්ත් ශර්මා 51/2, රවිචන්ද්‍රන් අශ්වින් 44/2

නිළි රැජන මාලිනියගෙන් උරුම වූ ෆොන්සේකා පරපුරේ වත්මන් රංග ප්‍රතිභව

 අක්කි ගැන මට ආඩම්බරයි - සෙනාලි 
 නංගිගේ හැකියාව ගැන ගොඩක් සතුටුයි - සමනලී
සමනලී ෆොන්සේකා - සෙනාලි ෆොන්සේකා. නම කියූ පමණිින් ඔබට හඳුනා ගන්න අපහසු නැති දෙන්නෙක්. ෆොන්සේකා පරපුර නියෝජනය කරමින් කලා ලොවට පිවිසි සමනලී තම හැකියාවෙන් කෙටි කලකදී සාර්ථක ලෙස අනන්‍යතාවක් ගොඩ නගා ගත් රංගන ශිල්පිනියක්. සෙනාලි ෆොන්සේකා එම පරපුරේ දිදුලන අලුත්ම තාරකාවයි. මේ දිනවල තිරගත වන සිරිපැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනාගේ චරිතයට පණ පොවමින් සිනමාවේ මුලකුරු කී ඇය අද වන විට කාගේත් කතාබහට ලක්ව සිටින්නීය. රසික හදවත් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සමනලී හා සෙනාලි හමු වූ මොහොතකි මේ.

දෙදෙනාම හමු වුණ පුංචි කාලේ සුන්දර මතකයකින් මේ කතාබහ අරඹමු?

සෙනාලි - ‘මතකද අක්කී අපි ඒ කාලේ දඟ වැඩ ගොඩක් කලා.’ අපි හැමෝම එකතු වුණාම සෙල්ලම් කරනවා. වයස අනුව අපි කණ්ඩායම් දෙකක හිටියේ. මම පොඩි කට්ට්යගේ කණ්ඩායමේ. සමනලී අක්කි හිටියේ ලොකු කට්ටියගේ කණ්ඩායමේ. ලොකු කට්ටියගේ කණ්ඩායමට අපිව ගන්නේ නෑ ඒ කාලේ.

සමනලී - ඔව්. මෙයාලා එතකොට කියනවා ‘අනේ අක්කී ඔයාලා එක්ක සෙල්ලම් කරන්න අපිවත් ගන්නකෝ කියලා. ඒ කාලේ නිතරම සෙනාලි අපේ ගෙදර එනවා. එතකොට මම එයාව බලාගන්නවා. දැන් ඒ කාලේ වගේ නිතරම හමු නොවුණත් මම එයා දිහා බලාගෙන ඉන්නේ.

වළක් කපද්දී ඇටසැකිලි තොගයක් හමු වෙලා

සොයාගනු ලබූ අස්ථි කොටස්
නිවසක වැසිකිළිවළක් ඉදිකිරීම සඳහා පොළව හාරමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන මිනිස් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් එම වළේ තිබී මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 29 වනදා සොයාගෙන ඇත.

28 වනදා රාත්‍රියේ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට (119) රාත්‍රී 8.00ට පමණ ලැබුණු ඇමතුමකට අනුව යාය 1 වම් ඉවුර මහකනදරාව මිහින්තලය ප්‍රදේශයේ පදිංචි සෙනවිරත්න මුදියන්සේලාගේ නිමලසිරි සෙනවිරත්න මහතාගේ නිවසේ හාරමින් සිටී වැසිකිළි වලේ තිබී මෙම අස්ථි කොටස් හමුවී ඇත.

සොයා ගනු ලැබූ අස්ථි කොටස් නිශ්චිත වශයෙන්ම මනුෂ්‍ය අස්ථි කොටස් යන්න අනාරවණය කර ගෙන නැත. මෙම නිවසේ හිමිකරු 1964 වර්ෂයේ මෙම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.

ඔවුන් අලුතින් ඉදිකළ වැසිකිළිය සඳහා වළක් කපමින් සිටියදී අඩි 4 1/2ක් පමණ පොළව යටින් බෙනයක් මතුවී ඒ තුළ මෙම අස්ථි කොටස් තිබූ බවත් එම අස්ථි කොටස් වසර ගණනාවක් පැරණි බවත් ඒවායේ බර කිලෝ ග්‍රෑම් 02ක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive