ඉන්දියාවට එරහිව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර තරගයෙන් ලකුණු 161 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.

ඊයේ (02) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 348ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 44.5කදී සියලු දෙනාම දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 187ක් පමණි.

නොදැවී ලකුණු 174ක් රැස් කළ උපුල් තරංග තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය.ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් මහේල ජයවර්ධන(107)හා උපුල් තරංග ලකුණු 213 ක සම්බන්ධයක් ගොඩ නැගීමට සමත් වූහ. මහේල පන්දු 112කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් සමඟින් ලකුණු 107 ලබා ගත්තේය.කලකට පසුව කණ්ඩායමේ ස්ථානය හිමිකරගත් උපුල් තරංග, සිය ලකුණු 174 ලබාගත්තේ පන්දු 159 කට මුහුණ දෙමිණි. මොවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 213 සබදතාවක් පැවත්වුයේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට පිවිස සිටි අතර තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් සහ අජන්ත මෙන්ඩිස් ඊයේ තරගය සඳහා කී‍්‍රඩා නොකළහ.

කේට් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවාට ඔට්ටු අල්ලති

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුට සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කැතරීන් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවා දුවෙක් ද පුතෙක් ද යන්න පිළිබඳව ලෝ පුරා ඔට්ටු ඇල්ලීමට පටන්ගෙන ඇත. මේ රහස දැනට බැකිංහම් මාළිගයෙන් පිටත කිසිවකුත් නොදනී.වසර 2011 රාජකිය යුවළගේ විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් සිදුකළ ඔට්ටු ඇල්ලීම් පවා මේ අවස්ථාවේදි ඉක්ම වනු ඇතැයි විශ්වාස කෙරේ. රාජකිය බිලිදාගේ බර , කෙස්වල වර්ණය මෙන්ම කැතරින් කුමරිය සිසේරියන් සැත්කමකට භාජනය වනු ඇත්ද නැද්ද යන්න පිළිබඳව පවා ඔටුටු අල්ලා තිබේ.

වැඩිම ඔට්ටු මුදල අල්ලා ඇත්තේ රාජකීය බිලිදාගේ නම සම්බන්ධයෙනි. ගැහැනු දරුවන්ගේ නම් අතර ඇලෙක්සැන්ඩ්‍රියා ,චාලට්, එළිසබත් ,ඩයනා සහ වික්ටෝරයා මුල් තැනට පත්වී ඇත. මේ අතර පිරිමි දරුන්ගේ නම් අතර මුල් තැන ගෙන ඇත්තේ ජෝර්ජ් ,ජේම්ස් සහ ලුවිස්ය.

ඇලෙක්සැන්ඩ්‍රියා යන නම දෙවන එළිසබත් රැජනගේ දෙවන නම වන අතර, චාලට් යන නම කැතරින් කුමරි‍යගේ සහෝදරිය වූ පිපා මිඩල්ටන්ගේ දෙවන නමයි. රාජකීය බිලිදාගේ උපත ජූලි 13 දින නියමිතව ඇතත් එය ජූලි මුල් සතියේ දි සිදුවනු ඇතැයි වැඩිදෙනෙක් විශ්වාස කරති. මෙම ඔටුටු ඇල්ලීම්වලින් රාජකීය මංගල්‍ය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමෙන් ලැබුණ පවුම් 3000ට වඩා 30 % කින් පමණ වැඩි මුදලක් උපයා ගත හැකි වනු ඇතැයි අපේක්ෂිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් ගුවන් යානයකදී බීමතින් යකා නටයි

මත්පැන් පානය කර සිටි බව කියන ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අඩි 35,000ක් පමණ ඉහළ අහසේදී වැසිකිළියේ දොර යැයි සිතා ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සහා කර ඇතැයි වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු කොදෙව් ශාන්තලුසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ ඊයේ (01) මෙය සිදුවී ඇත.එම ක්‍රිකට් ක්‍රීඩකයා ගුවන් යානයේ දොර වැරෙන් ඇද විවෘත කිරීමට විනාඩි 2ක පමණ කාලයක් උත්සහා දරා ඇති අතර මෙය දුටු ගුවන් යානයේ සිටි සෙසු මගීන් කලබලයට පත්ව ඇතැයි පැවසේ.සෙසු ක්‍රීඩකයින් කෑ ගසා එය නතර කිරීමට ද උත්සහා දරා ඇතැයි වාර්තා වේ.

ලාංකික ක්‍රීඩකයින් ගුවන් යානයට ගොඩවීමට පැය 4ට පෙර මත් පැන් පානය කර ඇති බව ද අනාවරණය වී ඇත.කෙසේ හෝ ගුවන් යානයේ සේවකයින් වහා එම ස්ථානයට පැමිණ එම ක්‍රීඩකයාව සන්සුන් කිරීමට සමත්ව තිබේ.ලාංකීය අනන්‍යතාව සහිත ඇඳුම් පැළඳ ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමක් ගුවන් යානයේ සිටි බව එහි සිටි මගියෙකු අනාවරණය කර ඇත.බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.

දුරකතන ටැප් කරන උපකරණ ගෙන්වලා

දුරකතනය විටින් විට ආලෝකවත් වෙනවාද ?

දුරකතන සංවාදයකදී බීප් හඬ එනවාද ?

ජංගම දුරකතන වලින් සහ කාර්යාල සහ නිවාසවල දුරකතන වලින් කෙරෙන සංවාද වලට සවන්දීමේ උපකරණ පරිගණක උපාංග මුවාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි හෙළිව තිබෙන බව වාර්තා වේ.ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන්ගේ දුරකතන වලට විදේශ බුද්ධි සේවාවන් පිටින් සවන් දෙන බවට වාර්තා වීමත් සමගම මෙම උපාංග මෙරට ඇති බව අනාවරණය වී ඇතැයි “දිවයින“ පුවත් පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ රෝවින් බග් නමැති තාක්‍ෂණික ක්‍රමවේදය මත දුරකතන වලට සවන් දීමේ ක්‍රම වෙනත් රට වල ක්‍රියාත්මක කිරීම සඳහා වුවද රටකට බුද්ධි සේවා විදේශ විමර්ශන පනත යටතේ අනුමැතිය ලැබී ඇති බවයි.ජංගම දුරකතනය භාවිත නොකරන අවස්‌ථාවක බැටරිය උණුසුම් වීම සහ දුරකතනය විටින් විට ආලෝකවත්වීම සහ දුරකතන සංවාදයකදී බීප් යන හඬ මතුවීම යන කරුණුවලින් එකී දුරකතනයට සවන්දෙන බව සනාථ වන්නේ යැයි බුද්ධි අංශ ආරංචි මාර්ග මෙහිදී අනාවරණය කර තිබේ.

මෙලෙස දුරකතන වලට සවන්දීමේ උපාංග ක්‍රියාත්මක කළ හැකි විදෙස්‌ පුහුණුව ලත් තාක්‍ෂණික ශිල්පීන් පිරිසක්‌ද මෙරට සිටින බවටද වාර්තා වී ඇතැයි සඳහන්ය.

පොකුණේ අඩි 3ක් හාරා නිදන් වස්තු පැහැරගෙන

පොළොන්නරුවේ ඓතිහාසික රන්කොත්වෙහෙර සහ කිරි වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි ආලාහණ පිරිවෙන් භූමි‍යට අයත් 'ස්වස්තික පොකුණ' නිධන් සොරුන් විසින් හාරා විනාශයට පත් කොට තිබේ.

මෙතෙක් කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව වනගතව තිබූ මෙම පොකුණ නිධන් සොරුන් විසින් අඩි 3ක් පමණ ගැඹුරට හාරා පැරැණි ගඩොල් ඉවත් කොට එහි තිබූ නිධන් වස්තු පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කොට ඇත්තේ සිද්ධියෙන් පසු දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව බව පැවැසේ.

පරාක්‍රමබාහු නිරිඳුන් විසින් එකල වැඩ විසූ භික්ෂූන් වහන්සේට රෝගාතුර අවස්ථාවලදී ප්‍රතිකාර ලබාදීම පිණිස මෙම ආලාහන පිරිවෙන භූමියේ රෝහලක් ඉදි කර තිබුණි.මෙම පිරිවෙනේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට පැන් දෝවනය පිණිස මෙම 'ස්වස්තික පොකුණ' නිර්මාණය කරන ලදැයි පුරාවිද්‍යා මතය වේ.පොළොන්නරුව සොළොස්මස්ථාන භූමියේ දිගින් දිගටම සිදුවන පුරාවස්තු විනාශය පිළිබඳව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.බොහෝ කලක සිට පොළොන්නරුව පූජා භූමියේ පු‍රාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මඟින් මෙහි ආරක්ෂාව පිණිස නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබෙනවා.

රත්රන් පවුමක මිල රු.44,000කට බසී

අන්තර්ජාතික වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් අඩුවේගෙන යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අධිකාරියේ උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ මහතා සඳහන් කළේ කැරට් 24 රත්රන් පවුම් සඳහා පනවා ඇති බද්දත් සමඟ රුපියල් 44,000 දක්වා ඊයේ වන විට පහළ බැස ඇති බවයි.

මෑතදී රත්රන් සඳහා පනවන ලද සියයට පනහ බද්දත් සියයට 5ක අධිභාරයත් නොතිබිණි නම් එම මිල තවත් පහත බසින බවද ඔහු පැවැසීය.

අන්තර්ජාතික වෙළෙඳපොළේ රත්රන් ඉල්ලුම අඩුවීම රන් මිල පහත බැසීමට එක් හේතුවක් විය හැකි බවට විශ්වාස කරන බවද එදිරිසිංහ මහතා කීවේය.විශේෂයෙන් ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල් වැඩිපුර රන් මිලදී ගෙන සංචිත හැදීම එයට බලපා ඇති බවද සිරිචන්ද්‍ර මහතා සඳහන් කෙළේය.

විශාලතම වැට් බදු වංචාවට පී.බී.ට සිතාසි - Court issues notice on PB

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කරයි.

ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මෙම රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය පසුගිය අප්‍රේල් 30 වනදා මූල්‍ය වංචාවට පමණක් වරද පිළිගත් අතර ඒ අනුව ඔහුට නගා තිබූ සියළු සෙසු අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කර ගනිමින් අවසානයේ දී කොළඹ මහාධිකරණය විසින් සැකකරුට රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 14 ක ලිහිල් සිර දඬුවමක් ද නියම කිරීම කෙරිණ.

උපත් පාලන පාවිච්චි කරන්න එපා – බොදු බල සේනා

ජාතිය හමුවේ තිබෙන මීළග අභියෝගය තරුණ පරපුර අතර ප‍්‍රචලිත වෙමින් තිබෙන උපත්පාලන පෙති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එබැවින් එවැනි පෙති භාවිත කිරීමෙන් වළකින ලෙස එම සංවිධානය සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටී.බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටුනායක ඊයේ පැවැත් වූ මහජන සමුළුවකදී මෙම ඉල්ලීම කලහ.

මෙරට මුස්ලිම් ජාතිකයන් මේ වන විට ඔවුන්ගේ ජාතිය ගොඩනැඟීමටත් ව්‍යාපාර ඇතුළු සෑම කේෂ්ත්‍රයකම ඉතා සූක්ෂ්ම ව්‍යාප්තවාදයක් ඇතිකරමින් සිටින බවත් ටපන්වා දුන් උන් වහන්සේ ගෝලීය ඉස්ලාමීය අන්තවාදයට මීලඟට නතුකරගැනීමට සැලසුම් කර ඇති රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පැවසූහ.මෙහිදී ඥානසාර හිමියන් සියළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසත් මුස්ලිම් වෛද්‍යවරු ප්‍රතික්ෂේප කොට වර්ජනය කර ලෙසටත් ඉල්ලීමක්ද කලේය.

Gossip Lanka Hot News Previous News Archive